Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මාක් 7:19 - Sinhala New Revised Version 2018

19 ඔහුගේ උදරයට මිස හෘදයට ඇතුළු නොවී පහ ව යන බැවින්, ඔහු කෙලෙසන්නට අපොහොසත් බව ඔබට තේරෙන්නේ නැද්දැ”යි ඇසූ සේක. මෙසේ කීමෙන් උන් වහන්සේ සියලු ආහාර වර්ග පවිත්‍ර බව ප්‍රකාශ කළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

19 ඔහුගේ උදරයට මිස හෘදයට ඇතුළු නොවී පහ ව යන බැවින්, ඔහු කෙලෙසන්නට අපොහොසත් බව ඔබට තේරෙන්නේ නැද්දැ”යි ඇසූ සේක. මෙසේ කීමෙන්‍ උන් වහන්සේ සියලු ආහාර වර්ග පවිත්‍ර බව ප්‍රකාශ කළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

19 ඒවා ඇතුළු වන්නේ ඔහුගේ හදවතට නො ව, උදරයටයි; පසුව එය වැසිකිළියට බැහැරව යතැ” යි ඔවුන්ට කී සේක. (මෙසේ කීමෙන් යේසුස්වහන්සේ ප්‍රකාශ කළේ සෑම ආහාරයක් ම පවිත්‍ර බව ය.)

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

19 මක්නිසාද එය ඔහුගේ සිතට නොව බඩට ඇතුල්ව වැසිකිළියට යන්නේයයි කීසේක. මෙසේ සියලු ආකාර කෑම පවිත්‍රයයි උන්වහන්සේ ප්‍රකාශකළසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මාක් 7:19
9 හුවමාරු යොමු  

කටට ඇතුළු වන සියල්ල උදරයට බැස, වැසිකිළියට යන බව ඔබට වැටහෙන්නේ නැද් ද?


“ආහාර උදරය සඳහා ය, උදරය ආහාර සඳහා ය”යි කීවත් දෙවියන් වහන්සේ ඒ දෙක ම නැති කරන සේක. තවද ශරීරය අනාචාරය පිණිස නොවේ. එය සමිඳාණන් වහන්සේ උදෙසා ය.


එහෙත් දෙ වන වරටත් අහසෙන් හඬක් මට කතා කරමින්, ‘දෙවියන් වහන්සේ පවිත්‍ර කළ දේ, පිළිකුල් යයි නොකියන්නැ’යි කී ය.


“දෙවියන් වහන්සේ පවිත්‍ර කළ දේ, අකැප යයි නොකියන්නැ”යි දෙ වන වරටත් කියන හඬක් ඇසිණි.


එසේ නම් ඔබට ඇති දෙයින් දන් දෙන්න. එවිට සියල්ල ම ඔබට පිරිසුදු වන්නේ ය.


එබැවින් කෑම ගැන වත්, බීම ගැන වත්, මංගල දවසක් ගැන වත්, අමාවක දවසක් ගැන වත්, සබත් දවස් ගැන වත් ඔබ විනිශ්චය කරන්නට කිසිවෙකුට ඉඩ නොදෙන්න.


උන් වහන්සේ පිළිතුරු දෙමින්, “ඔබත් වෙන අය සේ ම අවබෝධයක් නැති ව සිටින්නහු ද? පිටතින් මිනිසා තුළට පිවිසෙන කවර දෙයක් වත්,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්