Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මාක් 6:46 - Sinhala New Revised Version 2018

46 උන් වහන්සේ ඔවුන්ගෙන් වෙන් වූ පසු යාච්ඤා කරනු වස් කන්දට නැඟුණු සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

46 උන් වහන්සේ ඔවුන්ගෙන් වෙන් වූ පසු යාච්ඤා කරනු වස් කන්දට නැඟුණු සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

46 ඔවුන් පිටත්ව ගිය පසු, උන්වහන්සේ යාච්ඤා කරන පිණිස, කන්දට නැගුණු සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

46 උන්වහන්සේ ඔවුන්ගෙන් වෙන්වූ පසු, යාච්ඤාකරන පිණිස කන්දට ගියසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මාක් 6:46
9 හුවමාරු යොමු  

හිරු උදාවට බොහෝ කලින් උන් වහන්සේ අවදි ව හුදකලා තැනකට ගොස් එහි යාච්ඤා කළ සේක.


එහෙත්, ඔබ යාච්ඤා කරන කල ඔබේ ම ඇතුළු කාමරයට වැද, දොර වසාගෙන, අදෘශ්‍යමාන ව වසන ඔබේ පියාණන් වහන්සේට යාච්ඤා කරන්න. එවිට රහසින් ඔබ කරන දේ දකින ඔබේ පියාණන් වහන්සේ ඔබට පල විපාක දෙන සේක.


තවද, ඒ දවස්වල දී උන් වහන්සේ යාච්ඤා කරන පිණිස කන්දකට නැඟී දෙවියන් වහන්සේට යාච්ඤා කරමින් මුළු රැය ගෙවූ සේක.


උන් වහන්සේ ජනකාය යැවූ පසු, යාච්ඤා කරන පිණිස වෙන් ව කන්දට වැඩිය සේක. සවස් වූ කල්හි උන් වහන්සේ තනි ව එහි සිටි සේක.


ඔබ කැඳවනු ලැබූයේ මේ සඳහා ය. මන්ද ක්‍රිස්තුන් වහන්සේ ඔබ උදෙසා වද විඳ, ඔබ උන් වහන්සේගේ අඩි පාරේ යන පිණිස ඔබට ආදර්ශයක් දුන් සේක.


සවස් වූ කල ඔරුව මුහුද මැද විය. උන් වහන්සේ තනි ව ගොඩ සිටි සේක.


පාවුලු එහි තවත් කලක් නැවතී සිටි පසු, සහෝදරයන්ගෙන් සමුගෙන, සිරියාවට යන්නට නැව් නැංගේ ය. ප්‍රිස්කිලා ද අකිලා ද ඔහු සමඟ ගියහ. පාවුලු බාරයක් වී සිටි බැවින් කෙන්ක්‍රෙයායේ දී හිස මුඩු කරගත්තේ ය.


ඔවුන්ගෙන් සමුගනිමින්, “දෙවියන් වහන්සේ කැමැති සේක් නම් ඔබ වෙතට නැවත එන්නෙමි” කියා එපීසයෙන් නැව් නැංගේ ය.


එහෙත් මාගේ සහෝදර වූ තීතස් මට සම්බ නුවූ බැවින් මාගේ සිතට සහනයක් නුවූයෙන් ඔවුන්ගෙන් සමුගෙන මම මසිදෝනියට ගියෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්