Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මාක් 6:37 - Sinhala New Revised Version 2018

37 එහෙත් උන් වහන්සේ උත්තර දෙමින්, “ඔබ ම ඔවුන්ට කෑමට යමක් දෙන්නැ”යි වදාළ සේක. එවිට ඔව්හු පිළිතුරු දෙමින්, “අප ගොස් රිදී කාසි දෙසියයක රොටි මිල දී ගෙන ඔවුන්ට කෑමට දෙන්න දැ”යි උන් වහන්සේගෙන් ඇසූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

37 එහෙත් උන් වහන්සේ උත්තර දෙමින්, “ඔබ ම ඔවුන්ට කෑමට යමක් දෙන්නැ”යි වදාළ සේක. එවිට ඔව්හු පිළිතුරු දෙමින්, “අප ගොස් රිදී කාසි දෙසියයක රොටි මිල දී ගෙන ඔවුන්ට කෑමට දෙන්න දැ”යි උන් වහන්සේගෙන් ඇසූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

37 එහෙත් උන්වහන්සේ පිළිතුරු දෙමින්, “ඔබම ඔවුන්ට කෑමට යමක් සපයා දෙන්නැ” යි පැවසූ සේක. ඔවුහු පිළිතුරු දෙමින්, “එසේ නම් අප ගොස්, ඩිනාරි දෙසියයක රොටි මිලයට ගෙන, ඔවුන්ට කෑම සපයා දිය යුතු දැ?” යි ඇසූහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

37 නුමුත් උන්වහන්සේ උත්තරදෙමින්: නුඹලා ඔවුන්ට කන්ට දෙන්නැයි කීසේක. එවිට ඔව්හු: අප ගොස් මසු දෙසියයක රොටි මිලේටගෙන ඔවුන්ට කන්ට දෙන්ටදැයි උන්වහන්සේගෙන් ඇසුවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මාක් 6:37
13 හුවමාරු යොමු  

එවිට තම අතට රජු හේත්තු වී සිටි නිලධාරියා දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයාට උත්තර දෙමින්, “සමිඳාණන් වහන්සේ අහසේ කවුළු සාදා වැසි එව්වත් මෙය සිදු විය හැකි දැ”යි කී ය. “එය ඔබේ ඇස්වලින් දකින්නෙහි ය. එහෙත්, එයින් නොකන්නෙහි ය”යි ඔහු පැවසී ය.


මේ මුළු සෙනඟට මා මස් කොහෙන් සොයා ගෙනැවිත් කන්න දෙන්න ද? ‘අපට කන්නට මස් දෙන්නැ’යි කියා ඔව්හු මා ළඟ හඬමින් සිටිති.


“ඔවුන් යවන්නට වුවමනාවක් නැත; ඔබ ඔවුන්ට කන්න දෙන්නැ”යි ජේසුස් වහන්සේ ඔවුන්ට වදාළ සේක.


එහෙත්, ඒ දාසයා නික්ම ගොස්, තම සහකාර දාසයන්ගෙන් තමාට රුපියල් දෙසීයක් පමණ ණය ව සිටි කෙනෙකු දැක, ඔහුගේ බෙල්ල මිරිකා ඔහු අල්ලාගෙන, ‘මගේ ණය ගෙවාපන්නැ’යි කී ය.


එබැවින් අවට ගම් නියම්ගම් වලට ගොස් තමන්ට කෑමට යමක් මිලයට ගන්න පිණිස මොවුන් යන්න හැරිය මැනවැ”යි කී හ.


“ඔබ ළඟ රොටි කීයක් තිබේ ද කියා ගොස් බලන්නැ”යි උන් වහන්සේ ඔවුන්ට වදාළ සේක. ඔව්හු සොයා බලා අවුත්, “රොටි පහක් හා මසුන් දෙදෙනෙකැ”යි කී හ.


උන් වහන්සේ කතා කොට, “මුදල් ණයට දෙන එක්තරා මිනිසෙකුට ණයකාරයෝ දෙදෙනෙක් සිටියහ. එක් කෙනෙක් රිදී කාසි පන් සියයක් ද, අනිත් තැනැත්තා පණසක් ද ණය ව සිටියෝ ය.


උන් වහන්සේ, “ඔබ ඔවුන්ට කෑමට යමක් දෙන්නැ”යි වදාළ සේක. “අප ළඟ නම්, රොටි පහකට හා මසුන් දෙදෙනෙකුට වඩා නැත; කළ යුතු දේ නම්, අප ගොස් මේ මුළු සෙනඟට කෑම මිල දී ගැනීම ය”යි ඔව්හු කී හ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්