Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මාක් 13:14 - Sinhala New Revised Version 2018

14 “තවද, ‘බිහිසුණු දූෂිතය’ එයට නොහිමි තැන සිටිනු ඔබ යම් කලෙක දකින්නහු ද, (පාඨකයා තේරුම් ගනී වා), එකල ජුදයෙහි සිටින අය කඳුවලට පලා යෙත් වා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

14 “තවද, ‘බිහිසුණු දූෂිතය’ එයට නොහිමි තැන සිටිනු ඔබ යම් කලෙක දකින්නහු ද, (පාඨකයා තේරුම් ගනී වා), එකල ජුදයෙහි සිටින අය කඳුවලට පලා යෙත් වා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

14 “තවද බිහිසුණු පාළුව ගෙනෙන පිළිකුල, නො සිටිය යුතු තැන සිටගෙන සිටිනු ඔබ දකින කල, (කියවන්නා එය තේරුම් ගනීවා) යුදයේ සිටින්නෝ කඳුවලට පලා යත්වා!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

14 තවද පාළුකරන පිළිකුල නුසුදුසු ස්ථානයේ සිටිනවා නුඹලා යම් කලක දකින්නහුද (කියවන්නා තේරුම්ගනීවා), එකල යුදයෙහි සිටින්නෝ කඳුවලට පලායෙත්වා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මාක් 13:14
14 හුවමාරු යොමු  

නැණනුවණ අවශ්‍ය වන්නේ මෙතැන දී ය. නුවණැත්තා, මෘගයාගේ අංකය ගණන් බලා දැනගනී වා. මන්ද, එය මනුෂ්‍යයෙකුගේ නාමය දක්වයි. ඒ ගණන හයසිය හැට හයයි.


මේ දිවැසි වාක්‍යය කියවන්නා ද, එහි වචනවලට සවන් දී ඒවා පිළිපදින්නෝ ද භාග්‍යවන්තයෝ ය. මන්ද, නියමිත කාලය ආසන්න ය.


සහෝදරවරුනි, සිහිබුද්ධියෙන් ළාමක නොවන්න. නපුර සම්බන්ධයෙන් බිළිඳුන් වන්න. සිහිබුද්ධියෙන් වැඩිහිටියන් වන්න.


“මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. ඉශ්රායෙල්වරුන් අතරෙහි සිටින විදේශීන්ගෙන් ගතින් හා සිතින් පාප මල පහකර නොදැමූ කිසි ම කෙනෙක් මාගේ ශුද්ධස්ථානයට ඇතුළු නොවෙත් වා!


ඇගේ එදිරිකාරයා සිය අත පාමින්, ඇගේ සියලු වස්තුව පැහැරගෙන ඇත. සභාවට පිවිසීමට ඔබ තහනම් කළ විදේශීන් ශුද්ධස්ථානයට ඇතුළු වී ඇත.


“ඔබ මේ සියල්ල වටහා ගත්තහු දැ”යි උන් වහන්සේ ඇසූ සේක. “එසේ ය”යි ඔව්හු කී හ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්