Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මාක් 13:11 - Sinhala New Revised Version 2018

11 ඔවුන් ඔබ පාවා දෙන්න ගෙන යන කල කුමක් කියන්න දැ යි කල් තියා කරදර නොවන්න. ඒ පැයේ දී ම ඔබට දෙනු ලබන දෙය කියන්න. මන්ද, කතා කරන්නේ ඔබ නොව ශුද්ධාත්මයාණන් වහන්සේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 ඔවුන් ඔබ පාවා දෙන්න ගෙන යන කල කුමක් කියන්න දැ යි කල් තියා කරදර නොවන්න. ඒ පැයේ දී ම ඔබට දෙනු ලබන දෙය කියන්න. මන්ද, කතා කරන්නේ ඔබ නොව ශුද්ධාත්මයාණන් වහන්සේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

11 ඔබ අත්අඩංගුවට ගෙන, විභාගයට ඉදිරිපත් කරන කල, කිව යුත්තේ කුමක් ද යන්න ගැන සිතා කනස්සලු නො වන්න. ඔබ කිව යුතු දෑ ඒ පැයේදී ඔබට දෙනු ලැබේ. මන්ද කතා කරන්නේ ඔබ නො ව, ශුද්ධාත්මයාණන්වහන්සේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

11 ඔවුන් නුඹලා පාවාදෙන්ට ගෙනයන කල කුමක් කියන්නෙමුදැයි කලින් කනස්සලු නොවෙන්න. එහෙත් ඒ පැයේදී නුඹලාට යමක් දෙනු ලැබේද ඒක කියන්න. මක්නිසාද කථාකරන්නේ නුඹලා නොව ශුද්ධාත්මයාණන්වහන්සේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මාක් 13:11
25 හුවමාරු යොමු  

ඔහුගේ කතාවෙහි ගැබ් වූ ප්‍රඥාව හා ශුද්ධාත්ම බලය අභිබවා නැඟී සිටීමට ඔවුන්ට නොහැකි විය.


තවද, ඔවුන් ඒ සේවය කළේ තමන් උදෙසා ම නොව, ඔබ උදෙසා බව ඔවුන්ට එළිදරව් කරන ලද්දේ ය. මේ දේවල් ස්වර්ගයෙන් එවන ලද ශුද්ධාත්මයාණන් කරණකොටගෙන, ඔබට සුබ අස්න දේශනා කළ තැනැත්තන් ලවා දැන් ඔබට ප්‍රකාශ කරවන ලදී. දේව දූතයෝ පවා මේවා බලා දැනගන්නට ආශා වෙති.


අප මේ සියල්ල පවසන්නේ මිනිස් ප්‍රඥාවෙන් උපදින වචනවලින් නොව, ආධ්‍යාත්මික දේ, ආධ්‍යාත්මික සත්‍යයන් හා සසඳමින් ශුද්ධාත්මයාණන් අපට උගන්වන වචනවලින් ය.


ඔබගෙන් යමෙකුට ප්‍රඥාව නැත්නම්, ඔහු දෙවියන් වහන්සේගෙන් එය ඉල්ලා සිටී වා. එවිට සියල්ලන්ට නොමසුරුව, දොස් නොතබා දෙන දෙවියන් වහන්සේ එය ඔහුට ප්‍රදානය කරන සේක.


ආදි පරම්පරාවල මනුෂ්‍ය වර්ගයාට ඒ අබිරහස ප්‍රකාශ නොකරන ලදී. එහෙත් දැන් ආත්මයාණන් කරණකොටගෙන ශුද්ධ අපෝස්තුළුවරුනටත්, දිවැසිවරයනටත් එය එළිදරව් කර ඇත.


මෙසේ යාච්ඤා කළ පසු, ඔවුන් රැස් ව සිටි ස්ථානය කම්පා විය. ඔව්හු සියල්ලෝ ම ශුද්ධාත්මයාණන්ගෙන් පිරී, දෙවියන් වහන්සේගේ වචනය නිර්භීත ලෙස ප්‍රකාශ කළහ.


ඔව්හු සියල්ලෝ ම ශුද්ධාත්මයන්ගෙන් පූර්ණ වී ආත්මයාණන් ඔවුන්ට දුන් කතා ශක්තිය ලෙස අන්‍ය භාෂාවලින් කතා කරන්නට පටන්ගත්හ.


විඩාවට පත්වූවන් ශක්තිමත් කරන පිණිස ගුරුවරයෙකු මෙන් මා කිව යුතු දේ ගැන සිසුවෙකු මෙන් එතුමන්ට සවන් දෙන පිණිස මහෝත්තම දෙවි සමිඳාණෝ හැම උදයක ම මා තුළ උනන්දුවක් ඇති කරවන සේක.


“සමිඳුන්ගේ ආත්මය මා මඟින් කතා කරන්නේ ය. එතුමන්ගේ වචනය මාගේ දිවේ තිබුණේ ය.


ආබ්‍රහම්ගේ ද ඊසාක්ගේ ද ජාකොබ්ගේ ද දෙවි වූ අපගේ පියවරුන්ගේ දෙවියන් වහන්සේ තමන් සේවකයා වූ ජේසුස් වහන්සේ මහිමයට පැමිණ වූ සේක. එහෙත් ඔබ උන් වහන්සේ නඩු ශාලාවට පැමිණෙව්වහු ය. තවද පිලාත් උන් වහන්සේ නිදහස් කරන්නට තීරණය කරගෙන සිටි විට ඔහු ඉදිරියේ ම ඔබ උන් වහන්සේ ප්‍රතික්ෂේප කළහු ය.


ජොහන් පිළිතුරු දෙමින් මෙසේ කී ය: “ස්වර්ගයෙන් දෙන ලද දෙයක් මිස අන් කිසිවක් මිනිසෙකුට ලැබිය නො හැකි ය.


“එහෙත් පරෙස්සම් වන්න. ඔවුන් උසාවිවලට ඔබ පාවා දෙනු ඇත. ධර්මශාලාවලට ගෙනවුත් ඔබට තළනු ඇත. ඔබ මා නිසා, ආණ්ඩුකාරයන් ද රජුන් ද අබිමුවෙහි, ඔවුන්ට සාක්ෂි වන පිණිස පෙනී සිටිනු ඇත.


ඒ නිසා මිනිසුන්ගෙන් පරෙස්සම් වන්න. මන්ද, ඔවුන් ඔබ උසාවිවලට පාවා දී, ඔවුන්ගේ ධර්මශාලාවල දී ඔබට තළනු ඇත.


එහෙත් ඔහු ශුද්ධාත්මයෙන් පූර්ණ ව, ස්වර්ගයට බැල්ම හෙළා, දෙවියන් වහන්සේගේ තේජශ්‍රීයත් උන් වහන්සේගේ දකුණු පැත්තේ ජේසුස් වහන්සේ නැඟිට සිටිනවාත් දැක,


මන්ත්‍රණ සභාවේ හිඳගෙන හුන් හැම දෙනා ම ඔහු දෙස බැලූ හ. ඔහුගේ මුහුණ දේව දූතයෙකුගේ මුහුණ මෙන් ඔවුන්ට දර්ශනය විය.


තවද සහෝදරයා සහෝදරයා ද පියා දරුවා ද මරණයට පාවා දෙනු ඇත. දරුවෝ මවුපියන්ට විරුද්ධව නැඟී සිට ඔවුන් මරණයට පත් කරන්නෝ ය.


එහෙත් ඒ සියල්ලට පෙර, මාගේ නාමය නිසා ඔව්හු ඔබ අල්ලාගෙන, ධර්මශාලාවටත්, හිර ගෙවලටත් ඔබ පාවාදෙමින්, ඔබට පීඩා කරන්නෝ ය; ඔබ රජුන් හා ආණ්ඩුකාරයන් ඉදිරියට ගෙන යන්නෝ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්