Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මාක් 12:32 - Sinhala New Revised Version 2018

32 එවිට විනයධරයා උන් වහන්සේට පිළිතුරු දෙමින්, “ගුරුදේවයෙනි, එය සැබෑ ය. ‘උන් වහන්සේ එක ම තැනැන් වහන්සේ ය’යි ඔබ කීවා හරි ය. උන් වහන්සේ හැර අන් දෙවි‍ කෙනෙක් නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

32 එවිට විනයධරයා උන් වහන්සේට පිළිතුරු දෙමින්, “ගුරුදේවයෙනි, එය සැබෑ ය. ‘උන් වහන්සේ එක ම තැනැන් වහන්සේ ය’යි ඔබ කීවා හරි ය. උන් වහන්සේ හැර අන් දෙවි‍ කෙනෙක් නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

32 එවිට දහම් පඬිවරයා, “ඔබ කීවා හරි ගුරුතුමනි; උන්වහන්සේ එකම තැනැන්වහන්සේ ය; උන්වහන්සේ හැර අන් කෙනෙක් නැතැයි ඔබ කීවා සැබෑ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

32 එවිට ලියන්නා: ආචාරීන්වහන්ස, සැබවින් උන්වහන්සේ එකම තැනන්වහන්සේයයි ඔබ හරිලෙස කීයෙහිය; උන්වහන්සේ හැර වෙන කිසි දෙවිකෙනෙක් නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මාක් 12:32
13 හුවමාරු යොමු  

එබැවින් සමිඳාණන් වහන්සේ ඉහළ ස්වර්ගයෙහිත්, පහළ මිහි පිටත් වැඩ වසන දෙවියන් වහන්සේ බවත්, උන් වහන්සේ හැර අන් දෙවි කෙනෙකු නැති බවත් මෙදින වටහාගෙන තරයේ සිතින් මෙනෙහි කරන්න.


ජේසුස් වහන්සේ උත්තර දෙමින්, “ශ්‍රේෂ්ඨතම ආඥාව මේ ය: ‘ඉශ්රායෙල් වැසියෙනි, අසන්න, අපේ ස්වාමින් වන දෙවියන් වහන්සේ එක ම සමිඳාණන් වහන්සේ ය.


පුරාණයේ සිදු වූ දේ සිහි කරගෙන මා පමණක් දෙවිඳාණන් බව, මා හා සමාන අන් කිසිවෙකු නැති බව පිළිගන්න.


සගලෝ මැවූ, පොළොව සාදා එය නිම කළ, පාළු ඉඩමක් ලෙස නොව, විසුමට තැනක් ලෙස පොළොව මැවූ එක ම දෙවි වන සමිඳාණෝ මෙලෙස වදාරන සේක: “මම සමිඳුන් වෙමි; හුදෙක් මා හැර අන් දෙවි කෙනෙක් නැත.


සමිඳාණෝ ඉශ්රායෙල්වරුන්ට මෙසේ වදාරන සේක: “මිසරයේ හා එතියෝපියාවේ වස්තු සම්භාරය නුඹලාට අයිති වනු ඇත. උස මිනිසුන් වන ෂෙබාවරු නුඹලා වෙත පැමිණ නුඹලාගේ වහල්ලු වන්නෝ ය. ඔව්හු නුඹලා පසුපස්සේ දම්වැල්වලින් බඳිනු ලැබ නුඹලා වෙත පැමිණ වැඳ වැටී, ‘සැබැවින් ම ඔබ වෙත දෙවිඳාණෝ වැඩ සිටින සේක. එතුමාණන් හැර වෙන දෙවි කෙනෙක් නැතැ යි කන්නලව් කරන්නෝ ය.


මාගේ සෙනඟෙනි, බිය නොවන්න; තැති නොගන්න. පුරාණයේ සිට අද දක්වා සිදු වන්නට යන දේ කල්තියා මා ප්‍රකාශ කළ බව නුඹලා දන්නහු ය. නුඹලා මාගේ සාක්ෂිකාරයෝ ය; වෙන දෙවි කෙනෙක් සිටිත් ද? පර්වතයක් වන බලවත් අන් දෙවි කෙනෙකු ගැන අසා ඇද් ද? නැත.”


“ඉශ්රායෙල්වරුනි, සවන් දෙන්න, අපේ සමිඳාණන් වහන්සේ ම පමණක් දෙවියන් වහන්සේ වන සේක.


මේ දේ පමණක් පෙන්වන ලද්දේ සමිඳාණන් වහන්සේ ම දෙවියන් වහන්සේ බවත්, උන් වහන්සේ හැර අන් දෙවි කෙනෙකු නැති බවත් ඔබ දැනගන්නා පිණිස ය.


‘මා හැර අන් කිසි ම දෙවි කෙනෙකු නුඹට නොවිය යුතු ය.


මුළු හෘදයෙන් ද මුළු ආත්මයෙන් ද මුළු බුද්ධියෙන් ද මුළු වීර්යයෙන් ද උන් වහන්සේට ප්‍රේම කිරීම සහ තමාට මෙන්‍ම තම අසල්වැසියාට ප්‍රේම කිරීම, දවන යාග පූජා හා වෙනත් පූජා සියල්ලට ම වඩා ශ්‍රේෂ්ඨය”යි කීවේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්