Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මාක් 10:48 - Sinhala New Revised Version 2018

48 නිහඬ වන ලෙස බොහෝ දෙනෙක් ඔහුට තරවටු කළහ. එහෙත් ඔහු, “දාවිත්ගේ පුත්‍රයාණෙනි, මට අනුකම්පා කළ මැනවැ”යි වැඩි වැඩියෙන් මොරගැසී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

48 නිහඬ වන ලෙස බොහෝ දෙනෙක් ඔහුට තරවටු කළහ. එහෙත් ඔහු, “දාවිත්ගේ පුත්‍රයාණෙනි, මට අනුකම්පා කළ මැනවැ”යි වැඩි වැඩියෙන් මොරගැසී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

48 බොහෝ දෙනා ඔහුට තරවටු කරමින් නිශ්ශබ්ද වන්නට කීහ. එහෙත් ඔහු වඩ වඩා හඬ නගමින්, “දාවිත්ගේ පුත්‍රයාණෙනි, මට අනුකම්පා කරන්නැ!” යි මොර ගැසී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

48 එවිට ඔහු නිශ්ශබ්ද වන ලෙස බොහෝ දෙනෙක් ඔහුට සැරකළෝය. නුමුත් ඔහු: දාවිත්ගේ පුත්‍රය, මට කරුණා කළ මැනවයි වඩ වඩා මොරගැසුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මාක් 10:48
15 හුවමාරු යොමු  

ක්‍රිස්තුන් වහන්සේ මිනිසත්බව ගෙන සිටිය දී තමන් මරණයෙන් ගළවන්නට පිළිවන් වූ තැනැන් වහන්සේට බලවත් හැඬීමෙනුත් කඳුළු සැලීමෙනුත්, යාච්ඤා ද කන්නලවු ද ඔප්පු කළ සේක. උන් වහන්සේගේ දේව ගරුබිය නිසා, දෙවියන් වහන්සේ එයට සවන් දුන් සේක.


ඉදිරියෙන් ගිය අය නිශ්ශබ්ද වන ලෙස ඔහුට සැර කළහ. එහෙත් ඔහු ශබ්ද නඟා: “දාවිත්ගේ පුත්‍රය, මට අනුකම්පා කළ මැනවැ”යි වැඩි වැඩියෙන් මොරගැසී ය.


උන් වහන්සේ මෙවදන් පවසත්ම ධර්මශාලා නායකයාගේ ගෙදරින් සමහරු අවුත්, “ඔබේ දුව මළා ය. ඉතින් ගුරුදේවයන් තවත් වෙහෙසන්නේ කුමට දැ”යි කී හ.


එවිට සමූහයා ඔවුන්ට නිහඬ වන ලෙස සැර කළහ. එහෙත් ඔව්හු, “ස්වාමීනි, දාවිත්ගේ පුත්‍රයාණෙනි, අපට අනුකම්පා කළ මැනව” කියා වැඩි වැඩියෙන් මොරගැසූ හ.


එකල උන් වහන්සේගේ අත් ළදරුවන් පිට තබා යාච්ඤා කරන පිණිස, සමහරු උන් වහන්සේ වෙතට ඔවුන් ගෙනාහ. ශ්‍රාවකයෝ ඔවුන්ට තරවටු කළහ.


නුඹලා මා සොයන්නහු ය. නුඹලා මුළු සිතින් මා සොයන කල මා නුඹලාට සම්බ වනු ඇත.


සමිඳුනි, තිර පෙම ඔබ සතු ය. මන්ද, මිනිසා කළ කළ දේ අනුව ඔබ විපාක දෙන සේක’ යනු යි.


සෑමවිට ම, මුළු සිතින් යාච්ඤාවේ ද අයැදීමේ ද යෙදී සිටින්න. ආත්මයාණන් වහන්සේගේ බලයෙන් යාච්ඤා කරන්න. මේ කරුණ නිසා නිතර අවදි ව නොකඩ ව දෙවියන් වහන්සේගේ සියලු සෙනඟ උදෙසා, යාච්ඤා කරන්න.


ජේසුස් වහන්සේ එතැනින් යන කල අන්ධයෝ දෙදෙනෙක් මොරගසමින්, “දාවිත්ගේ පුත්‍රයාණෙනි, අපට අනුකම්පා කළ මැනව” කියමින් උන් වහන්සේ පසුපස ගියහ.


සමහරු තමන්ගේ ළදරුවන් පිට ජේසුස් වහන්සේගේ අත් තබවා ගන්නා පිණිස, උන් වහන්සේ වෙත ඔවුන් ගෙනාහ. එවිට ශ්‍රාවකයෝ ඔවුන්ට තරවටු කළහ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්