Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මාක් 10:1 - Sinhala New Revised Version 2018

1 උන් වහන්සේ එතැනින් නික්ම ජුදයට සහ ජොර්දානෙන් එගොඩ පළාත්වලට පැමිණි සේක. යළිත් සමූහයෝ උන් වහන්සේ වෙත රැස් වූ හ. උන් වහන්සේ සිරිත් පරිදි ඔවුන්ට ඉගැන්වූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 උන් වහන්සේ එතැනින් නික්ම ජුදයට සහ ජොර්දානෙන් එගොඩ පළාත්වලට පැමිණි සේක. යළිත් සමූහයෝ උන් වහන්සේ වෙත රැස් වූ හ. උන් වහන්සේ සිරිත් පරිදි ඔවුන්ට ඉගැන්වූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

1 එතැනින් නික්මුණු උන්වහන්සේ යොර්දානයෙන් එතෙර යුදය පළාතට පැමිණි සේක. යළි යළිත් ජන සමූහයා උන්වහන්සේ වෙත එක්රොක් වූහ. පුරුදු පරිදි උන්වහන්සේ ඔවුනට ඉගැන්වූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

1 උන්වහන්සේ එතැනින් නැගිට යුදයේ සීමාවලටත් යොර්දානෙන් එගොඩ පළාතටත් පැමිණිසේක. සමූහයෝ උන්වහන්සේ වෙතට නැවත රැස්වූවෝය; උන්වහන්සේද තමන් පුරුද්ද ලෙස නැවත ඔවුන්ට ඉගැන්නූසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මාක් 10:1
17 හුවමාරු යොමු  

තවද, ධර්මදේශකයා ප්‍රඥාවත් ව සිටි නිසා ඔහු සෙනඟට වැඩි වැඩියෙන් දැනීම දුන්නේ ය. එසේ ය, ඔහු බොහෝ අවවාදානුශාසනා විමසා සොයාගෙන, ඒවා සම්පාදනය කෙළේ ය.


ඔව්හු මට මූණ නො දී පිටු පා ගියෝ ය. මා නොකඩවා ම ඔවුන්ට ඉගැන්වූ නමුත්, ඔව්හු මාගේ දැනුමැතිකම නොපිළිගත්තෝ ය.


ඒ පැයේ දී ම ජේසුස් වහන්සේ ජනකායට කතා කොට, “ඔබ සොරෙකුට විරුද්ධ ව මෙන් කඩු මුගුරු ගෙන මා අල්ලන්නට ආවහු ද? මම දිනපතා ම දේව මාලිගාවෙහි උගන්වමින් සිටියෙමි. එහෙත්, ඔබ මා අල්ලාගත්තේ නැත.


තවද, ජේසුස් වහන්සේ ඔවුන්ගේ ධර්මශාලාවල අනුශාසනා කරමින් ද රාජ්‍යය පිළිබඳ සුබ අස්න දේශනා කරමින් ද සෙනඟ අතර සියලු ආකාර ලෙඩ රෝග සුව කරමින් ද ගලීලය පුරා සැරිසැරූ සේක.


ඉන්පසු ඔව්හු කපර්ණවුමට පැමිණියහ. සබත් දින උන් වහන්සේ ධර්මශාලාවට ගොස් අනුශාසනා කළ සේක.


පරිසිවරු අවුත් උන් වහන්සේ වචනයකින් අල්ලාගනු පිණිස, “පුරුෂයෙකු විසින් සිය භාර්යාව දික්කසාද කිරීම නීතියට අනුකූල දැ”යි උන් වහන්සේගෙන් ප්‍රශ්න කළහ.


ජේසුස් වහන්සේ දේව මාලිගාවෙහි අනුශාසනා කරමින්, “ක්‍රිස්තුන් වහන්සේ දාවිත්ගේ පුත්‍රයා යයි විනයධරයෝ කෙසේ කියත් ද?


මම දිනපතා ම දේව මාලිගාවෙහි අනුශාසනා කරමින් ඔබ සමඟ සිටියෙමි; එහෙත් ඔබ මා අල්ලා නොගත්තහු ය; මෙසේ වන්නේ ශුද්ධ ලියවිල්ලේ ලියා ඇති දේ සම්පූර්ණ වන පිණිස ය”යි වදාළ සේක.


නැවත උන් වහන්සේ පිටත් ව මුහුද අසලින් ගිය සේක. මුළු සමූහයා උන් වහන්සේ වෙත රැස් වූ හ. උන් වහන්සේ ඔවුන්ට ඉගැන්වූ සේක.


උන් වහන්සේ උපමාවලින් ඔවුන්ට බොහෝ කාරණා ඉගැන්වූ සේක. සිය ඉගැන්වීමේ දී උන් වහන්සේ ඔවුන්ට කතා කොට මෙසේ වදාළ සේක:


එය සබත් දින වූයෙන් උන් වහන්සේ ධර්මශාලාවෙහි උගන්වන්න පටන්ගත් සේක. උන් වහන්සේට සවන් දුන් සමූහයා විස්මිත ව, “මොහුට මේ දේවල් පහළ වූයේ කොහෙන් ද? මොහුට දී තිබෙන මේ ප්‍රඥාව කිමෙක් ද? මොහු අතින් කරනු ලබන හාස්කම් කවරේ ද?


උන් වහන්සේ ගොඩට ආ කල, මහ පිරිසක් දැක, එඬේරෙකු නැති බැටළුවන් වැනි වූ, ඔවුන්ට අනුකම්පා කොට, ඔවුන්ට බොහෝ දේ උගන්වන්න පටන්ගත් සේක.


ඔවුන්ගේ අවිශ්වාසය ගැන උන් වහන්සේ මවිත වූ සේක. උන් වහන්සේ අනුශාසනා කරමින් අවට ගම්වල සැරිසැරූ සේක.


උන් වහන්සේ ජොර්දානෙන් එගොඩ ජොහන් පළමුවෙන් බව්තීස්ම-ස්නාපනය කරමින් සිටි ස්ථානයට යළිත් ගොස්, එහි නැවතී සිටි සේක.


ඉන්පසු උන් වහන්සේ ශ්‍රාවකයන් අමතා, “අපි යළිත් ජුදා දේශයට යමු”යි වදාළ සේක.


ජේසුස් වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්, “මම එළිපිට ම ලෝකයාට කතා කෙළෙමි: ජුදෙව්වරුන් සියලු දෙනා එක්රැස් වන ධර්මශාලාවලදීත් දේව මාලිගාවේදීත්, නිතර ම අනුශාසනා කෙළෙමි. රහසින් කිසිවක් නොකීවෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්