Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මාක් 1:20 - Sinhala New Revised Version 2018

20 ඔව්හු ද තම පිය සෙබදී මෙහෙකරුවන් සමඟ ඔරුවෙහි සිටිය දී ම උන් වහන්සේ අනුව ගියහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

20 ඔව්හු ද තම පිය සෙබදී මෙහෙකරුවන් සමඟ ඔරුවෙහි සිටිය දී ම උන් වහන්සේ අනුව ගියහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

20 එකෙණෙහිම ඔවුන් කැඳවූ සේක; එවිට ඔවුහු තම පියා වූ සෙබදී හා කුලීකරුවන් ඔරුවේ සිටින්නට හැර, උන්වහන්සේ අනුව ගියහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

20 එකෙණෙහිම ඔවුන්ට අඬගැසූසේක. ඔව්හුද තමුන්ගේ පියවූ සෙබදී වැඩකාරයන් සමඟ ඔරුවේ ඉන්ට හැර උන්වහන්සේ පස්සේ ගියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මාක් 1:20
11 හුවමාරු යොමු  

“මා වෙත එන තැනැත්තේ මට වඩා තම පියාට ද මවට ද භාර්යාවට ද දරුවන්ට ද සහෝදරයන්ට ද සහෝදරියන්ට ද තමාගේ ම ජීවිතයට වුව ද ප්‍රේම කරන්නේ නම්, ඔහුට මාගේ ශ්‍රාවකයෙකු විය නොහැකි ය.


ජේසුස් වහන්සේ ද, “සැබැවින් ම මම ඔබට කියමි; මා නිසා ද සුබ අස්න නිසා ද, ගේදොර හෝ සොහොයුරන් හෝ සොහොයුරියන් හෝ මව හෝ පියා හෝ දරුවන් හෝ ගම්බිම් හෝ අත්හළ කවරෙකු වුව ද,


මට වඩා පියාට වත්, මවුට වත් ප්‍රේම කරන්නා මට සුදුසු නො වේ. මට වඩා පුතාට වත්, දුවට වත් ප්‍රේම කරන්නා මට සුදුසු නො වේ.


මෙතැන් සිට අපි කිසිවෙකු ලෞකික මිම්මෙන් නොමනිමු. ලෞකික වශයෙන් අප ක්‍රිස්තුන් වහන්සේ දැන හැඳින සිටියත්, මෙතැන් සිට අපි උන් වහන්සේ එලෙස හඳුනා නොගනිමු.


එවිට ඔහු ගවයන් අත්හැර එලියා පසුපස දුව ගොස්, “මාගේ පියාණන් හා මෑණියන් සිඹ එන්නට මට අවසර ලැබේ වා! ඉන්පසු ඔබ පසුපස එන්නෙමි”යි කීවේ ය. ඔහු ද කතා කොට, “හැරී යන්න; මම ඔබ නොවළක්වමි”යි ඔහුට කීවේ ය.


ඔව්හු සිය දෙමාපියන් අමතා, ‘අපි ඔබ නුදුටිමු’යි කී හ; සිය සෝයුරන් නොපිළිගත්හ; සිය දරුදැරියන් නොදත්හ; ඔව්හු ඔබ වදන් රැක ඔබ ගිවිසුම ඉටු කළහ.


උන් වහන්සේ එතැනින් මඳ දුරක් ගොස් සෙබදීගේ පුත් ජාකොබ් ද, ඔහුගේ සහෝදර ජොහන් ද ඔරුවක හිඳ දැල් සකස් කරනු දැක, එකෙණෙහි ම ඔවුන් කැඳවා වදාළ සේක.


ඉන්පසු ඔව්හු කපර්ණවුමට පැමිණියහ. සබත් දින උන් වහන්සේ ධර්මශාලාවට ගොස් අනුශාසනා කළ සේක.


ඔව්හු තමන්ගේ ඔරු වෙරළට ඇද ඒ සියල්ල හැරදමා උන් වහන්සේ අනුව ගියහ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්