Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මතෙව් 4:15 - Sinhala New Revised Version 2018

15 “ජොර්දානෙන් එතෙර මුහුදු මාවතෙහි පිහිටි, එම්බා! සාබුලොන් රට, නප්තලී රට, විජාතීන්ගේ ගලීලය!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 “ජොර්දානෙන් එතෙර මුහුදු මාවතෙහි පිහිටි, එම්බා! සාබුලොන් රට, නප්තලී රට, විජාතීන්ගේ ගලීලය!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

15 “යොර්දානෙන් එතෙර මුහුදු මාවතේ, අන්‍ය-ජාතීන්ගේ ගලීලයේ පිහිටි, සාබුලොන් දේශයේ හා නප්තලී දේශයේ

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

15 අන්ධකාරයෙහි හුන් සෙනඟ මහත් ආලෝකයක් දුටුවෝය, මරහුගේ දේශයෙහිද සෙවණෙහිද හුන්නවුන්ට ආලෝකය උදාවූයේයයි

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 4:15
9 හුවමාරු යොමු  

එක් කාලයක දී සාබුලොන් රට ද නප්තලී රට ද අපකීර්තියට පත් වූ නමුත්, අනාගතයේ දී, මධ්‍යධරණි මුහුදේ සිට නැගෙනහිර දෙසට ජොර්දාන් ගඟෙන් එගොඩ පිහිටි පළාතට එනම්, විදේශීන් වාසය කරන ගලීලය දේශයට ගෞරව පැමිණෙන්නේ ය.


නප්තලීගේ ගෝත්‍රයෙන් මිනී මරන අය උදෙසා නියම කළ අභය භූමි නුවරක් වූ ගලීලයෙහි තිබෙන කෙදෙෂ් සහ ඒ අවට තණ බිම් ද හම්මොත්-දෝර් සහ ඒ අවට තණ බිම් ද කර්තාන් සහ ඒ අවට තණ බිම් ද යන නගර තුනත් දුන්නෝ ය.


ඉශ්රායෙල් රජු වන පෙකාගේ කාලයේ දී අසිරියාවේ රජු වන තිග්ලත්-පිලෙසෙර් අවුත් ඊයොන් ද ආබෙල්-බෙත්-මයකා ද ජනෝවා ද කෙදෙෂ් ද හාශෝර් ද ගිලියද් ද ගලීලය ද, එනම් මුළු නප්තලී දේශය ද අල්ලාගෙන දේශවාසීන් අසිරියාවට ගෙන ගියේ ය.


ඔහු රිසි පරිදි ඔහුට කිහිරි ලී ද දේවදාර ලී ද රත්රන් ද සපයා දුන් තීර්හි හීරාම් රජු හට ගලීල දේශයෙහි නගර විස්සක් දුන්නේ ය.


මෙසේ ඔව්හු නප්තලී කඳු රටේ තිබෙන ගලීලයෙහි කෙදෙෂ් ද එප්‍රායිම් කඳු රටේ ෂෙකෙම් ද ජුදා කඳු රටේ හෙබ්‍රොන් වන කිරියත්-අර්බා ද වෙන් කොට තැබුවෝ ය.


උන් වහන්සේ නාසරෙත් නුවර හැර සාබුලොන් සහ නප්තලී පෙදෙසෙහි මුහුදුබඩ පිහිටි කපර්ණවුමට පැමිණ එහි විසූ සේක.


මෙසේ කෙළේ, යෙසායා දිවැසිවරයා මඟින් කියන ලද දේ ඉටුවන පිණිස ය. එනම්:


ගලීලයෙන් ද දෙකපොලිසයෙන් ද ජෙරුසලමෙන් ද ජුදයෙන් ද ජොර්දාන් ගඟ එගොඩින් ද මහා ජනකායක් උන් වහන්සේ පසුපස්සේ ගියහ.


මෝසෙස් හා සියලු දිවැසිවරයන්ගෙන් පටන්ගෙන, මුළු ශුද්ධ ලියවිල්ලෙහි තමන් ගැන සඳහන් කරුණු ඔවුන්ට පහදා දුන් සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්