Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මතෙව් 27:6 - Sinhala New Revised Version 2018

6 නායක පූජකවරු ඒ රිදී මිල ගෙන, “මේවා ලේ-මිල බැවින් දේව මාලිගාවේ මුදල් ගබඩාවට දැමීම යුතු නැතැ”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 නායක පූජකවරු ඒ රිදී මිල ගෙන, “මේවා ලේ-මිල බැවින් දේව මාලිගාවේ මුදල් ගබඩාවට දැමීම යුතු නැතැ”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

6 එහෙත් නායක පූජකවරු එම රිදී කාසි අහුලා, “දේව මාලිග භාණ්ඩාගාරයේ මේවා දැමීම යුතු නැත. මන්ද මේවා ලේ-මුදල් යැ” යි කීහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

6 නායක පූජකයෝ ඒ රිදී මිල රැගෙන: මේවා ලේවල මිල බැවින් දේවගබඩාවේ දමන්ට යුතු නැතැයි කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 27:6
8 හුවමාරු යොමු  

එවැනි අයගේ කුලිය වශයෙන් ගත් මිලමුදල් ද ඔබේ බාර ඔප්පු කිරීම සඳහා දෙවි සමිඳාණන් වහන්සේගේ ගෘහයට නොගෙනා යුතු ය. මේ දෙවර්ගයේ ම මුදල් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට පිළිකුලකි.


එවිට ඔව්හු, ජේසුස් වහන්සේ කායාපස් වෙතින් රජවාසලට ගෙන ගියහ. එය අලුයම් වේලාව විය. පාස්කු භෝජනය වැළඳීමට නොහැකි වන සේ තමන් අපවිත්‍ර වෙති යි සිතා, ඔව්හු රජවාසලට ඇතුළු නොවූ හ.


අන්ධ මාර්ගෝපදේශකයෙනි, ඔබ කෝඳුරුවා පෙරාදමා ඔටුවා ගිල දමන්නහු ය.


සමිඳාණෝ මෙසේ වදාරන සේක: “මම යුක්තියට ප්‍රිය කරමි; අදමිටුකමටත්, කොල්ලකෑමටත් ද්වේෂ කරමි. එබැවින් මම අවංක ලෙස ඔවුන්ට විපාක දෙමි. සදාකාල ගිවිසුමක් ද ඔවුන් සමඟ කරගන්නෙමි.


එවිට ඔහු ඒ රිදී මිල ශුද්ධස්ථානයෙහි වීසි කොට දමා, නික්ම ගොස් එල්ලී මළේ ය.


එසේ කියා ඔව්හු මන්ත්‍රණය කොට, විජාතීන් සඳහා සුසාන භූමියක් වන පිණිස ඒ මුදලින් ‘කුඹල් කෙත’ මිල දී ගත්හ.


එහෙත්, යමෙකු තම පියාට හෝ මවට හෝ කතා කොට, ‘මා විසින් ඔබේ ප්‍රයෝජනය සඳහා වෙන් කරන ලද කොයි දෙයක් වුවත් දේව පඬුරකැ’යි කී පසු


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්