Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මතෙව් 26:21 - Sinhala New Revised Version 2018

21 ඔවුන් කෑම කමින් සිටිය දී, උන් වහන්සේ කතා කොට, “සැබැවින් ම මම ඔබට කියමි, ඔබෙන් කෙනෙක් මා පාවා දෙන්නේ ය”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

21 ඔවුන් කෑම කමින් සිටිය දී, උන් වහන්සේ කතා කොට, “සැබැවින් ම මම ඔබට කියමි, ඔබෙන් කෙනෙක් මා පාවා දෙන්නේ ය”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

21 එසේ ආහාර ගනිමින් සිටියදී ඔවුන් ඇමතූ උන්වහන්සේ, “සැබවින් ම මා ඔබට කියන්නේ, ඔබගෙන් කෙනෙක් මා පාවා දෙන්නේ යැ” යි පැවසූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

21 ඔවුන් කමින් සිටියදී උන්වහන්සේ කථාකොට: සැබවක් නුඹලාට කියමි–නුඹලාගෙන් එක්කෙනෙක් මා පාවාදෙන්නේයයි කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 26:21
11 හුවමාරු යොමු  

ජේසුස් වහන්සේ මෙසේ පවසා, බොහෝ සේ කැළඹී, “ඒකාන්තයෙන් ම මම ඔබට කියමි, ඔබ අතරෙන් කෙනෙක් මා පාවා දෙන්නේ ය”යි ප්‍රකාශ කළ සේක.


උන් වහන්සේ කෙරෙන් සැඟවිය හැකි කිසිවක් මුළු විශ්වයේ ම නැත. උන් වහන්සේගේ ඇස් ඉදිරියෙහි සියල්ල වැස්මක් නැති ව විවෘත ව තිබේ. අප ගණන් දිය යුත්තේ උන් වහන්සේට ය.


තවද මම ඇගේ දරුවන් වනසාලන්නෙමි. එවිට, මිනිසුන්ගේ සිතුම්පැතුම් විමසන තැනැන් වහන්සේ මා බව, සියලු සභාවෝ දැන ගන්නහු ය. තවද, මම ඔබට එකිනෙකාගේ ක්‍රියා අනුව විපාක දෙන්නෙමි.


“තව දෙදිනකින් පාස්කු මංගල්‍යය පැමිණෙන බව ඔබ දන්නහු ය; මනුෂ්‍ය-පුත්‍රයාණන් කුරුසියෙහි ඇණ ගසනු ලැබීමට පාවා දෙනු ඇතැ”යි වදාළ සේක.


ඔව්හු අතිශයින් ශෝක ව එකිනෙකා, “ස්වාමීනි, ඒ මම දැ”යි අසන්න පටන් ගත්හ.


මා කතා කරන්නේ ඔබ හැම දෙනා ගැන ම නොවේ. මා තෝරාගත් අය මම හඳුනමි. එහෙත්, ‘මාගේ භෝජන වළඳන තැනැත්තා මට විරුද්ධ ව නැඟී ඇත’ යන ශුද්ධ ලියවිල්ල ඉෂ්ට විය යුතු ය.


උන් වහන්සේ එසේ කීමෙන් කවරෙකු අදහස් කළ සේක් දැ යි වියවුල් වූ ශ්‍රාවකයෝ එකිනෙකා දෙස බැලූ හ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්