Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මතෙව් 24:47 - Sinhala New Revised Version 2018

47 සැබැවින් ම මම ඔබට කියමි, ඒ ස්වාමියා තමා සන්තක සියල්ලේ භාරකාරයා කොට ඔහු පත් කරන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

47 සැබැවින් ම මම ඔබට කියමි, ඒ ස්වාමියා තමා සන්තක සියල්ලේ භාරකාරයා කොට ඔහු පත් කරන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

47 සැබවින් ම මා ඔබට කියන්නේ, එතුමා තමන් සන්තක සියල්ලෙහි බාරකාරත්වයට ඔහු පත් කරනු ඇති බවයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

47 සැබවක් නුඹලාට කියමි–ඒ ස්වාමියා තමා සන්තක සියල්ල කෙරෙහි ඔහු අධිපති කරන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 24:47
15 හුවමාරු යොමු  

ඔහුගේ ස්වාමියා ඔහුට කතා කොට, ‘යහපත්, විශ්වාසී දාසය, ඉතා අගෙයි; ස්වල්පයක් ගැන ඔබ විශ්වාසී වූ බැවින් බොහෝ දේ කෙරෙහි ඔබ අධිපති කරමි. ඔබ දැන් අවුත් ඔබේ ස්වාමියාගේ ප්‍රීතියට සහභාගි වන්නැ’යි කී ය.


ඔහුගේ ස්වාමියා ඔහුට කතා කොට, ‘යහපත්, විශ්වාසී දාසය, ඉතා අගෙයි; ඔබ ස්වල්පයක් ගැන විශ්වාසී වූ බැවින් බොහෝ දේ කෙරෙහි අධිපති කරමි. ඔබ දැන් අවුත් ඔබේ ස්වාමියාගේ ප්‍රීතියට සහභාගි වන්නැ’යි කී ය.


ස්වාමියා එන කල දාසයන් අවදි ව සිටිනු ඔහු දුටුවොත් ඒ දාසයෝ භාග්‍යවන්තයෝ ය. ඇත්තෙන් ම මම ඔබට කියමි, ඔහු තමාගේ ඉඟ පටිය බැඳ ඔවුන් කෑමට හිඳුවා ඔවුන්ට උපස්ථාන කරන්නේ ය.


ඒ ස්වාමියා තමා සන්තක සියල්ල භාර ව ඔහු පත් කරන්නේ යයි ඇත්තෙන් ම මම කියමි.


ජයග්‍රාහකයාගේ උරුමය එය යි. මම ඔහුගේ දෙවියන් වහන්සේ වන්නෙමි. ඔහු මාගේ පුත්‍රයා වන්නේ ය.


මා ජයගෙන, පියාණන් වහන්සේ සමඟ, උන් වහන්සේගේ සිංහාසනයෙහි හිඳගත්තාක් මෙන්, ජයග්‍රාහකයාට ද මාගේ සිංහාසනයෙහි මා සමඟ හිඳගැන්මට දෙන්නෙමි.


අපි ස්ථිර ව සිටිමු නම්, උන් වහන්සේ සමඟ රජකම් කරන්නෙමු; අපි උන් වහන්සේ ප්‍රතික්ෂේප කරමු නම්, උන් වහන්සේ අපත් ප්‍රතික්ෂේප කරන සේක.


ඔහු කතා කොට, ‘ඉතා හොඳ ය, යහපත් වූ දාසය, ඔබ ඉතා සුළු දෙයක් ගැන විශ්වාසී වූ බැවින් නගර දසයක් කෙරේ අධිපති වන්නැ’යි ඔහුට කී ය.


එවිට ප්‍රධාන එඬේරාණන් ප්‍රකාශ වන කල්හි ඔබ නොමැලවෙන මහිමාන්විත කිරුළ ලබන්නහු ය.


යමෙක් මට සේවය කරන්නේ ද, ඔහු මා අනුගාමී විය යුතු යි. මම යම් තැනෙක සිටිම් ද මාගේ සේවකයා ද එහි ම සිටිනු ඇත. යමෙක් මට සේවය කරන්නේ ද මාගේ පියාණෝ ඔහුට ගෞරව කරන සේක.”


කාර්යක්ෂම නිලධාරීන් හට නිරිඳෝ ප්‍රසන්න වෙති; යුතුකම් පැහැර හරින අයට ඔව්හු දඬුවම් දෙති.


ස්වාමියා ආ කල යම් දාසයෙකු සිය සේවයෙහි යෙදී සිටිනු දුටුවොත්, ඒ දාසයා භාග්‍යවන්තයෙක් ය.


එහෙත්, ඔහු අයහපත් දාසයෙකු නම්, ‘මාගේ ස්වාමියා පමාවනු ඇතැ’යි සිතින් සිතා,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්