Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මතෙව් 22:44 - Sinhala New Revised Version 2018

44 ‘මා ඔබ සතුරන් ඔබ පාද යට ලන තෙක් මා දකුණු පස අසුන් ගන්න කියා සමිඳාණෝ සමිඳුන්ට කී සේකැ’යි දාවිත් කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

44 ‘මා ඔබ සතුරන් ඔබ පාද යට ලන තෙක් මා දකුණු පස අසුන් ගන්න කියා සමිඳාණෝ සමිඳුන්ට කී සේකැ’යි දාවිත් කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

44 “ ‘මා විසින් ඔබේ සතුරන් ඔබේ පා යටට දමන තෙක් මා දකුණු පසින් අසුන් ගන්නැ’ යි ස්වාමින්වහන්සේ, මා ස්වාමින්වහන්සේට පැවසූහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

44 මා විසින් නුඹේ සතුරන් නුඹේ පාද යට දමන තෙක් මාගේ දකුණු පැත්තෙහි හිඳගන්නැයි ස්වාමීන්වහන්සේ මාගේ ස්වාමීන්වහන්සේට කීසේකැයි කියමින්, උන්වහන්සේට ස්වාමීන්වහන්සේයයි කියන්නේ කෙලෙසද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 22:44
20 හුවමාරු යොමු  

සමිඳාණෝ මා සමිඳුන්ට කතා කොට, “මා නුඹේ සතුරන් නුඹේ පා යට ලන තෙක් මාගේ දකුණු පස අසුන් ගන්නැ”යි වදාළ සේක.


එහෙත්: “මා විසින් ඔබේ සතුරන් ඔබට පා පුටුවක් කරනු ලබන තෙක්, මාගේ දකුණත අසුන් ගන්නැ”යි උන් වහන්සේ, දේව දූතයන්ගෙන් කවරෙකුට කවදා වදාළ සේක් ද?


මන්ද, දෙවියන් වහන්සේ සියලු සතුරන් උන් වහන්සේගේ පාද යට දමන තුරු ක්‍රිස්තුන් වහන්සේ රජකම් කළ යුතු ම ය.


උන් වහන්සේ දෙවියන් වහන්සේගේ මහිමතාවයේ ප්‍රභාවය ද දේවත්වයේ ස්වරූපය ද වන සේක්, තමන්ගේ ප්‍රබල වචනයෙන් සියල්ල දරන සේක. පාප ශෝධනය ඉටු කළ පසු, උන් වහන්සේ උත්තම ස්ථානයෙහි මහෝත්තමයාණන්ගේ දකුණත අසුන් ගත් සේක.


ඇදහිල්ලේ කර්තෘවරයාණන් ද එහි පරිපූරකයාණන් ද වන ජේසුස් වහන්සේ දෙස ම නෙත් යොමා, අපට දිවීමට ඇති ධාවනය නොපසුබට, වීර්යයෙන් දුවමු. උන් වහන්සේ තමන් ඉදිරියෙහි වූ ප්‍රීතිය නිසා, කුරුසියේ අවමානය නොතකා, එහි වධ විඳ දෙවියන් වහන්සේගේ සිංහාසනයේ දකුණත අසුන් ගත් සේක.


තා සහ ස්ත්‍රිය අතර ද තගේ වංශය සහ ඇගේ වංශය අතර ද බද්ධ වෛරය තබන්නෙමි. ඔහු තගේ හිස පොඩි කරන්නේ ය; තෝ ද ඔහුගේ විලුඹ දෂ්ට කරන්නෙහි ය.”


අශ්වාරෝහක තැනැන් වහන්සේටත්, උන් වහන්සේගේ යුද්ධ සේනාවටත් විරුද්ධ ව සටන් කිරීමට මෘගයා ද මිහි පිට රජවරුන් ද ඔවුන්ගේ යුද්ධ සේනා ද රැස් ව සිටිනු මම දිටිමි.


එපමණකුත් නොවේ, මාගේ ස්වාමීන් වන ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ දැනගැන්මේ විශිෂ්ටතාව නිසා ඒ සියල්ල අවාසියකැ යි ගණන්ගනිමි. උන් වහන්සේ නිසා සියලු දේ මට නැති වී ගියා පමණක් නොව, ඒ සියල්ල කුණු කසළ යයි සලකමි. මාගේ කැමැත්ත නම් ක්‍රිස්තුන් වහන්සේ අත්කරගැනීමත්,


කොරින්තියේ පිහිටා ඇති දෙවියන් වහන්සේගේ සභාව වෙතට ය. එනම්, ඒ සභාවේ ක්‍රිස්තුන් වහන්සේට කැප වූ දෙවියන් වහන්සේගේ සෙනඟ වීමට කැඳවීම ලත් අය ද ඔවුන්ගේත් අපගේත් ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ නාමයෙන් සෑම තැන්හි අයැදුම් කරන සියල්ලන් ද වෙතට ය.


තෝමස් පිළිතුරු දෙමින්, “මාගේ ස්වාමීනි, මාගේ දෙවියෙනි”යි උන් වහන්සේට කී ය.


එසේ වුව ද මා තමන් කෙරේ රජකම් කරනවාට කැමැති නුවූ මේ මාගේ සතුරන් මෙ‍හි ගෙනවුත් මා ඉදිරියෙහි ම මරා දමන්නැ’යි කීවේ ය.”


ඔබේ කෝපය ඔවුන්ට බුර බුරා නඟින ගිනි උදුනක් වනු ඇත, හිමිතුමාණෝ සිය උදහසින් ඔවුන් වනසාලන සේක. ගින්නකින් මෙන් ඔවුන් දවා ලන සේක.


මෙසේ දාවිත් උන් වහන්සේට, ‘සමිඳාණන් ය’යි කියන්නේ නම්, උන් වහන්සේ ඔහුගේ පුත්‍රයා වන්නේ කෙසේ ද?”


ජේසුස් වහන්සේ ද, “ඔබ කියන දෙය හරි ය. තවදුරටත් මම ඔබට කියමි, මෙතැන් පටන් මනුෂ්‍ය-පුත්‍රයාණන් පරාක්‍රමයාණන්ගේ දකුණු පස වැඩ සිටිනවාත්, අහසේ වළාකුළු මත වඩිනවාත් ඔබ දකින්නෙහි ය”යි ඔහුට වදාළ සේක.


මෙසේ ජේසුස් ස්වාමීන් වහන්සේ ඔවුන්ට කතා කළ පසු, ස්වර්ගයට ඔසවාගනු ලැබ, දෙවියන් වහන්සේගේ දකුණු පස අසුන් ගත් සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්