Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මතෙව් 21:3 - Sinhala New Revised Version 2018

3 යම් කෙනෙකු යමක් කීවොත්, ‘සමිඳාණන් වහන්සේට උන්ගෙන් වැඩක් ඇතැ’යි කියන්න; එවිට ඔහු වහාම උන් එවනු ඇතැ”යි ඔවුන්ට වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 යම් කෙනෙකු යමක් කීවොත්, ‘සමිඳාණන් වහන්සේට උන්ගෙන් වැඩක් ඇතැ’යි කියන්න; එවිට ඔහු වහාම උන් එවනු ඇතැ”යි ඔවුන්ට වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

3 කිසිවකු ඔබට කිසිවක් කීවොත්, ‘ස්වාමින්වහන්සේට උන් උවමනා වී ඇතැ’ යි කියන්න. එවිට ඔහු එවෙලේම උන් එවනු ඇතැ” යි කී සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

3 යමෙක් නුඹලාට කිසිවක් කීවොත්: ස්වාමීන්වහන්සේට උන් ඕනෑ කෙරේයයි කියන්න; එවිට ඔහු එවලේම උන් එවන්නේයයි ඔවුන්ට කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 21:3
18 හුවමාරු යොමු  

උදව්උපකාරයෙන් යැපෙන අයෙකු සේ උන් වහන්සේ මිනිස් අත්වලින් උපස්ථාන නොලබන සේක. මන්ද, සියල්ලන්ට ජීවිතය ද හුස්ම ද අන් සියලු දේ ද දෙන්නේ උන් වහන්සේ ය.


අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ත්‍යාගශීලී කරුණාව ඔබ දන්නහු ය. උන් වහන්සේ ධනවත් ව සිටි නමුත්, තමන් වහන්සේගේ දිළිඳුකම කරණකොටගෙන ඔබ ධනවත් වන පිණිස ඔබ උදෙසා දිළිඳු වූ සේක.


පියාණන් වහන්සේ පුත්‍රයාණන්ට ප්‍රේම කරන සේක. සියල්ල උන් වහන්සේ අතට භාර දී ඇත.


මන්ද, ඔබ විසින් පුත්‍රයාණන්ට දෙන ලද සියල්ලන් හට සදාතන ජීවනය දෙන පිණිස, සකල මනුෂ්‍ය වර්ගයා කෙරෙහි ආධිපත්‍යය ඔබ වහන්සේ පුත්‍රයාණන්ට දුන් සේක.


පොළොව හා එහි ඇති සෑම දෙය ද සකල ලෝ වාසීහු ද සමිඳාණන් වහන්සේ සන්තක වෙති.


එවිට එස්රා මෙසේ කීවේ ය: “ජෙරුසලමෙහි තිබෙන සමිඳාණන් වහන්සේගේ මාලිගාව අලංකාර කරන්නට රජුගේ සිතෙහි කැමැත්තක් ඇති කළා වූ ද රජු ද උපදේශකයන් ද රජුගේ සියලු බලවත් අධිපතීන් ද ඉදිරියෙහි මට කරුණාව ලැබීමට සැලසුවා වූ ද අපේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රශංසා වේ වා! එබැවින් මාගේ දෙවි සමිඳාණන් වහන්සේගේ හස්තය මා පිට තිබෙන බව දැනගෙන, මා ධෛර්යවත් වී මා සමඟ යන පිණිස, ඉශ්රායෙල්වරුන් අතරෙන් ප්‍රධානීන් මම රැස් කරගතිමි.”


ජෙරුසලමෙහි සමිඳාණන් වහන්සේගේ මාලිගාව ගොඩනඟන පිණිස, දෙවියන් වහන්සේ විසින් සිත් උද්‍යෝගවත් කරවන ලද සියලු දෙනා ම එනම්, ජුදාවරුන්ගේත්, බෙන්ජමින්වරුන්ගේත් පිය වංශවල ප්‍රධානීහු ද පූජකයෝ ද ලෙවීවරු ද එහි යන්නට සූදානම් වූ හ.


ඔබ ගැන අප දක්වන හිතවත්කම ම, තීතස්ට දැක්වූ දෙවියන් වහන්සේට ස්තුති වේ වා!


පර්සියාවේ රජ වූ සයිරස්ගේ පළමු වන අවුරුද්දේ දී, සමිඳාණන් වහන්සේ ජෙරමියා මඟින් ප්‍රකාශ කළ වචනය ඉටු වන පිණිස, උන් වහන්සේ පර්සියාවේ රජ වූ සයිරස්ගේ සිත උද්‍යෝගවත් කළ සේක. ඔහු තමාගේ රාජ්‍යයේ සතර දිග් භාගයෙහි ප්‍රසිද්ධියේ කියවන පිණිස ප්‍රකාශනයක් නිකුත් කෙළේ ය.


“නුඹ පිටත් වී සීදොන් අසල පිහිටි ශාරෙපත් නම් නගරයට ගොස් එහි වාසය කරන්න. නුඹට ආහාර දීමට එහි සිටින වැන්දඹු ස්ත්‍රියකට අණ කෙළෙමි”යි කීවේ ය.


සාවුල් ද ගිබියාහි තිබූ සිය ගෙදරට ගියේ ය. දෙවියන් වහන්සේ විසින් සිත් ප්‍රබෝධ කරන ලද සේනාවක් ද ඔහු සමඟ ගියෝ ය.


සෑම යහපත් දීමනා ද සියලු අගනා ත්‍යාග ද නොවෙනස් වන සුලු, පහ ව යන බවට ඡායා මාත්‍රයකුදු නැති ආලෝකයේ පියාණන් වහන්සේ කෙරෙන් ඉහළින් බැස එන්නේ ය.


“ඉදිරිපිට තිබෙන ගමට යන්න, ගිය කෙණෙහි ම එහි බැඳ සිටින කොටළු දෙනක හා ඈ සමඟ කොටළු නාම්බෙකු ඔබට සම්බ වනු ඇත. උන් ලිහා මා වෙතට ගෙනෙන්න.


මෙසේ වූයේ දිවැසිවරයා ලවා කියවන ලද මේ දෙය ඉටු වන පිණිස ය. එනම්:


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්