Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මතෙව් 21:14 - Sinhala New Revised Version 2018

14 අන්ධයෝ ද කොරු ද දේව මාලිගාවෙහි උන් වහන්සේ වෙතට ආහ. උන් වහන්සේ ඔවුන් සුවපත් කළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

14 අන්ධයෝ ද කොරු ද දේව මාලිගාවෙහි උන් වහන්සේ වෙතට ආහ. උන් වහන්සේ ඔවුන් සුවපත් කළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

14 අන්ධයෝ ද කොරු ද දේව මාලිගයෙහි උන්වහන්සේ වෙත ආහ. උන්වහන්සේ ඔවුන් සුව කළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

14 අන්ධයෝද කොරුද දේවමාළිගාවෙහි උන්වහන්සේ වෙතට ආවෝය. උන්වහන්සේ ඔවුන්ට සුවකළසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 21:14
7 හුවමාරු යොමු  

අන්ධයන්ගේ ඇස් පැහැදෙන්නේ ය. බිහිරන්ගේ කන් ඇරෙන්නේ ය.


එහෙත්, නායක පූජකවරු හා විනයධරයෝ උන් වහන්සේ කළ අරුමපුදුම දේ ද, “දාවිත් රජුගේ පුත්‍රයාණන්ට හෝසන්නා” කියමින් දේව මාලිගාවේ මොරගසන දරුවන් ද දැක කෝප වී,


තවද, ජේසුස් වහන්සේ ඔවුන්ගේ ධර්මශාලාවල අනුශාසනා කරමින් ද රාජ්‍යය පිළිබඳ සුබ අස්න දේශනා කරමින් ද සෙනඟ අතර සියලු ආකාර ලෙඩ රෝග සුව කරමින් ද ගලීලය පුරා සැරිසැරූ සේක.


ජේසුස් වහන්සේ ඔවුන්ගේ ධර්මශාලාවල උගන්වමින් ද, රාජ්‍යය පිළිබඳ සුබ අස්න දේශනා කරමින් ද, හැම අන්දමේ ලෙඩ රෝග සුව කරමින් ද සියලු නුවරවල හා ගම්වල සැරිසැරූ සේක.


දෙවියන් වහන්සේ ශුද්ධාත්මයෙන් ද බලයෙන් ද නාසරෙත්හි ජේසුස් වහන්සේ ආලේප කළ සැටිත්, දෙවියන් වහන්සේ උන් වහන්සේ සමඟ සිටි බැවින්, උන් වහන්සේ යහපත් ක්‍රියා කරමින් ද යක්ෂයා විසින් පීඩා කරන ලද සියල්ලන් සුව කරමින් ද හැසුරුණ සැටිත් ඔබ දන්නහු ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්