Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මතෙව් 18:27 - Sinhala New Revised Version 2018

27 ඒ දාසයාගේ ස්වාමියා ඔහු ගැන අනුකම්පාවෙන් පිරී, ඔහු ණයෙන් නිදහස් කොට කමාව දුන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

27 ඒ දාසයාගේ ස්වාමියා ඔහු ගැන අනුකම්පාවෙන් පිරී, ඔහු ණයෙන් නිදහස් කොට කමාව දුන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

27 එවිට ඔහු ගැන අනුකම්පා කළ ඒ දාසයාගේ හාම්පුතා, ඔහු නිදහස් කරමින්, ඔහුගේ ණය කමා කළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

27 ඒ දාසයාගේ ස්වාමියා අනුකම්පාකොට, ඔහු මුදාහැර ඒ ණය ඔහුට කමාකෙළේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 18:27
11 හුවමාරු යොමු  

සමිඳාණෝ දයාවන්ත ය. අනුකම්පාවෙන් පූර්ණ ය; වහා නොකිපෙන සුලු ය; තිරසර පෙමින් යුතු ය.


“එප්‍රායිම් ජනයෙනි, මම කෙසේ ඔබ පාවා දෙන්නෙම් ද? ඉශ්රායෙල්, ඔබ කෙසේ අත්හරිම් ද? මා අද්මා නුවරට කළාක් මෙන් මට ඔබටත් කළ හැකි ද? ශෙබොයිම් නුවරට කළාක් මෙන් ඔබටත් කළ හැකි ද? එසේ කරන්නට මාගේ සිත ඉඩ නොදෙයි. ඒ ගැන සිතන විට මාගේ සිත කම්පා වෙයි.


මාගේ සමිඳුනි, ඔබ මෙත් සිත් ඇති දයානුකම්පාව පාන දෙවිඳාණෝ ය, ඉවසන සුලු, කරුණාවෙන් සහ විශ්වාසවන්තකමින් සපිරි තැනැන් වහන්සේ ය.


ඔව්හු කීකරු වන්නට අකමැති වී, ඔවුන් අතරේ ඔබ කළ පුදුම දේ සිහි නොකර, මුරණ්ඩු ව සිටිමින්, පෙරළා වහල්කමට යන පිණිස තමන්ගේ ප්‍රධානියෙකු පත් කරගත්හ. එහෙත්, ඔබ කමා වන, දයාබර, අනුකම්පාවෙන් පූර්ණ, ඉවසිලිවන්ත, කරුණාභරිත දෙවි කෙනෙකු බැවින් ඔබ ඔවුන් අත් නොහැරිය සේක.


මාගේ සමිඳුනි, ඔබ යහපත් ය, ඔබ කමා කරන සේක; ඔබට අයැදින සියල්ලන්ට තිර පෙම බහුල ව ප්‍රදානය කරන සේක.


එවිට ඔව්හු අන් දෙවිවරුන් තමන් කෙරෙන් පහ කර දමා, සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කළෝ ය. උන් වහන්සේ ඉශ්රායෙල්වරුන්ගේ කාලකණ්ණිකම ගැන ශෝක වූ සේක.


එහෙත්, දයානුකම්පාවෙන් එතුමාණෝ ඔවුන්ගේ පාප කමා කළ සේක; ඔවුන් නොවැනසූ සේක; විටින් විට තම කෝපය සංසිඳුවාගෙන තම උදහස ඇවිලෙන්නට ඉඩ නුදුන් සේක.


එහෙත්, ඒ දාසයා නික්ම ගොස්, තම සහකාර දාසයන්ගෙන් තමාට රුපියල් දෙසීයක් පමණ ණය ව සිටි කෙනෙකු දැක, ඔහුගේ බෙල්ල මිරිකා ඔහු අල්ලාගෙන, ‘මගේ ණය ගෙවාපන්නැ’යි කී ය.


එවිට ඔහුගේ ස්වාමියා ඔහු කැඳවා කතා කොට, ‘දුෂ්ට දාසය, නුඹේ ඉල්ලීම නිසා මම ඒ ණය සියල්ල නුඹට කමා කෙළෙමි.


ණය ගෙවීමට ඔවුන්ට කිසි වත්කමක් නැති වූයෙන් ඔහු ඒ දෙදෙනාට ම කමා කෙළේ ය. එබැවින් ඒ දෙදෙනාගෙන් කවරෙක් ඔහුට වැඩියෙන් ප්‍රේම කරනු ඇද්දැ”යි ඇසූ සේක.


සීමොන් උත්තර දෙමින්, “ඔහු, යමෙකුට වැඩියෙන් කමා වූයේ ද, ඒ තැනැත්තා යයි මම සිතමි”යි කී ය. එවිට උන් වහන්සේ, “ඔබේ පිළිතුර හරි ය”යි ඔහුට කියා,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්