Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මතෙව් 18:24 - Sinhala New Revised Version 2018

24 ඔහු එසේ කරන්න පටන්ගත් කල රුපියල් දෙකෝටියක් පමණ ණය වූ කෙනෙක් ඔහු වෙත ගෙනෙන ලද්දේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

24 ඔහු එසේ කරන්න පටන්ගත් කල රුපියල් දෙකෝටියක් පමණ ණය වූ කෙනෙක් ඔහු වෙත ගෙනෙන ලද්දේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

24 ඔහු බේරුම් කිරීම ඇරඹූ කල, තලෙන්ත දස දහසක් ඔහුට ණය වූ දාසයෙක් ඔහු ඉදිරියට පමුණුවන ලදී.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

24 ඔහු ගණන් බලන්ට පටන්ගත් කල, තලෙන්ත දස දහසක් ණයවූ එක්කෙනෙක් ඔහු ළඟට ගෙනෙනලද්දේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 18:24
17 හුවමාරු යොමු  

ඔහු පිළිතුරු දෙමින්, “හොඳයි, නුඹලා කී ලෙස ඉටු වේ වා! කවුරුන් හෝ ළඟ තිබී එය සම්බවුවහොත් ඔහු මාගේ වහලා වන්නේ ය; නුඹලා නිදහස් වන්නහු ය”යි කීවේ ය.


දෙවියන් වහන්සේගේ මාලිගාවේ සේවයට රන් මෙට්රික් ටොන් එකසිය හැත්තෑවට වැඩි ගණනකුත්, රිදී මෙට්රික් ටොන් තුන්සිය සතළිසකට වැඩි ගණනකුත්, ලෝකඩ මෙට්රික් ටොන් හයසිය විස්සක් පමණකුත්, යකඩ මෙට්රික් ටොන් තුන්දාස් හාරසියයකට වැඩි ගණනකුත් දුන්නෝ ය.


‘මාගේ දෙවියන් වහන්ස, මම ලජ්ජාවට පත් වී, මාගේ දෙවි වන ඔබ දෙසට මාගේ මුහුණ ඔසවන්නට බියෙන් සිටිමි. මන්ද, අපේ ද්‍රෝහිකම අපේ හිස්වලටත් ඉහළින් නැඟී ගොස් ඇත. අපේ පාප ස්වර්ගය දක්වා නැඟී තිබේ.


මාගේ අයුතුකම් මාගේ හිසටත් උඩින් නැඟී ඇත; ඒවා දැරිය නොහැකි බරක් වී ඇත.


මම දහස් ගණන් උවදුරින් වට වී සිටිමි. හිස එසවීමට බැරි තරම් මාගේ පව් මා පිට පැමිණ ඇත. ඒවා මාගේ හිසකේවලට වඩා වැඩි ය. මාගේ සිතට දිරියක් නැත.


“මන්ද, ස්වර්ග රාජ්‍යය මෙවැන්නකට උපමා කළ හැකි ය: සිය දාසයන් සමඟ ගණන් හිලව් බැලීමට තීරණය කරගත් රජෙක් විය.


ණය ගෙවීමට ඔහුට කිසිවක් නොතිබුණු බැවින්, ස්වාමියා ඔහු ද ඔහුගේ බිරිඳ හා දරුවන් ද ඔහු සන්තක සියල්ල ද විකුණා ණය ගෙවන්න අණ කෙළේ ය.


ඔහු එකිනෙකාගේ හැකියාව අනුව, එක් කෙනෙකුට රිදී කාසි පන්දාහක් ද තව කෙනෙකුට දෙදාහක් ද, තව කෙනෙකුට එක් දාහක් ද බැගින් දී, තමා යන ගමන ගියේ ය.


රිදී කාසි පන්දාහ ලැබූ තැනැත්තේ වහා ම ගොස් එයින් වෙළෙඳාම් කොට තවත් රිදී කාසි පන්දාහක් උපදවා ගත්තේ ය.


රිදී කාසි පන්දාහ ලැබූ තැනැත්තේ තවත් රිදී කාසි පන්දාහක් ගෙනවුත්, ‘ස්වාමීනි, ඔබ මට රිදී කාසි පන්දාහක් භාර දුන්නෙහි ය. මෙන්න, තවත් රිදී කාසි පන්දාහක් උපදවා ගතිමි’යි කී ය.


රිදී කාසි දෙදාහක් ලැබූ තැනැත්තේ ද අවුත්, ‘ස්වාමීනි, ඔබ රිදී කාසි දෙදාහක් මට භාර දුන්නෙහි ය; මෙන්න, තවත් රිදී කාසි දෙදාහක් උපදවා ගතිමි’යි කී ය.


ඉන්පසු රිදී කාසි එක් දහක් ලැබූ තැනැත්තේ ද අවුත්, ‘ස්වාමීනි, ඔබ නොවපුළ තැනින් කපන, වගා නොකළ තැනින් පල රැස් කරන, තදහිතක් ඇති මනුෂ්‍යයෙකු බව දැනගතිමි.


සිලෝවම් හී බලකොටුව වැටී ඊට යට වී මළ දසඅට දෙන ජෙරුසලමෙහි විසූ අන් හැමට ම වඩා දුෂ්ට වූ හ යි ඔබ සිතන්නාහු ද?


මෙ‍සේ ඔහු තම ස්වාමියාගේ ණයකාරයන් එක් එක්කෙනා බැගින් කැඳවා, පළමුවැනියාට කතා කොට, ‘මාගේ ස්වාමියාට ඔබ කොපමණ ණය දැ’යි ඇසී ය.


තවත් කෙනෙකුගෙන්, ‘ඔබ කොපමණ ණය දැ’යි ඇසී ය. ‘තිරිඟු බුසල් දහස කැ’යි ඔහු කී ය. ‘ඔබ බිල ගෙන අට සියයක් කියා ලියන්නැ’යි ඔහුට කී ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්