Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මතෙව් 18:16 - Sinhala New Revised Version 2018

16 නොපිළිගත්තොත්, සාක්ෂිකාරයන් දෙදෙනෙකුගේ හෝ තුන් දෙනෙකුගේ හෝ සාක්ෂියෙන් හැම පැමිණිල්ලක් ම ස්ථීර වන පිණිස ඔබ සමඟ තවත් එක් කෙනෙකු නොහොත් දෙදෙනෙකු කැඳවාගෙන යන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 නොපිළිගත්තොත්, සාක්ෂිකාරයන් දෙදෙනෙකුගේ හෝ තුන් දෙනෙකුගේ හෝ සාක්ෂියෙන් හැම පැමිණිල්ලක් ම ස්ථීර වන පිණිස ඔබ සමඟ තවත් එක් කෙනෙකු නොහොත් දෙදෙනෙකු කැඳවාගෙන යන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

16 එහෙත් ඔහු ඔබට සවන් නො දේ නම්, ‘හැම කාරණයක්ම සාක්ෂිකරුවන් දෙදෙනකු හෝ තිදෙනකුගේ සාක්ෂිය මත ස්ථිර වන පිණිස,’ තව කෙනකු හෝ දෙදෙනකු කැඳවාගෙන යන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

16 නෑසුවොත් සාක්ෂිකාරයන් දෙදෙනෙකුගේ හෝ තුන්දෙනෙකුගේ හෝ මුඛයෙන් සියලු වචන ස්ථිරවන පිණිස නුඹ සමඟ තවත් එක්කෙනෙකු නොහොත් දෙදෙනෙකු කැඳවාගන යන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 18:16
10 හුවමාරු යොමු  

“යමෙකු කළ අපරාධයක් හෝ වරදක් හෝ ගැන තීන්දු කිරීමට එක සාක්ෂිකරුවෙක් ප්‍රමාණ නොවේ. සාක්ෂිකරුවන් දෙදෙනෙකුගේ හෝ තුන්දෙනෙකුගේ හෝ වචනය පිට යම් කරුණක් තීරණය කළ යුතු වේ.


මා ඔබ වෙත එන තුන් වන වතාවයි මේ. “හැම පැමිණිල්ලක් ම සාක්ෂිකරුවන් දෙදෙනකුගේ හෝ තුන්දෙනකුගේ සාක්ෂිවලින් ස්ථීර විය යුතු ය”යි ලියා තිබේ.


දෙතුන් දෙනෙකුගේ සාක්ෂි නැත්නම්, සභාමූලිකයෙකුට විරුද්ධ ව ඉදිරිපත් කරන කිසි ම චෝදනාවකට සවන් නොදෙන්න.


‘දෙදෙනෙකුගේ සාක්ෂිය වලංගු ය’යි ඔබේ ව්‍යවස්ථාවෙහි ලියා ඇත.


මෝසෙස්ගේ ව්‍යවස්ථාව නොතකා හරින අය දෙදෙනකුගේ හෝ තිදෙනකුගේ හෝ සාක්ෂි පිට අනුකම්පාවක් නැති ව මරණයට පත් වනු ඇත.


සාක්ෂිකාරයන් දෙදෙනෙකුගේ හෝ තුන් දෙනෙකුගේ හෝ කීම පිට මරණයට සුදුසු තැනැත්තා මරනු ලැබිය යුතු ය. එහෙත් එක සාක්ෂිකරුවෙකුගේ කීම පිට එවැන්නෙකු මරනු නොලැබිය යුතු ය.


‘යමෙකු අනෙකකු මැරුවහොත්, මිනීමරුවා සාක්ෂිකරුවන් කීප දෙනෙකුගේ සාක්ෂි පිට මරණයට පත් කරනු ලැබේ. එහෙත්, එලෙස මරණයට පත් කිරීමට පෙර එක සාක්ෂිකරුවෙකුගේ සාක්ෂි පමණක් නොසෑහේ.


අධමයන් දෙදෙනෙක් පැමිණ ඔහු ඉදිරියෙහි වාඩි වී, “නාබොත් දෙවියන් වහන්සේටත්, රජුටත් සාප කෙළේ ය”යි සෙනඟ ඉදිරියේ නාබොත්ට විරුද්ධ ව චෝදනා කළෝ ය. එවිට ඔව්හු ඔහු නගරයෙන් පිටතට ගෙන ගොස් ගල් ගසා මරා,


තවද මාගේ සාක්ෂිකාරයන් දෙදෙනා යවන්නෙමි. ඔව්හු ගෝණි රෙදි හැඳ, එක් දහස් දෙසිය සැට දවසක් දිවැස් වැකි කියන්නෝ ය”යි මට කියන ලදී.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්