Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මතෙව් 12:25 - Sinhala New Revised Version 2018

25 උන් වහන්සේ ඔවුන්ගේ සිතුවිලි දැන ඔවුන්ට කතා කොට, මෙසේ වදාළ සේක: “යම් රාජ්‍යයක් ඊට ම විරෝධී ව භේද වුවහොත්, ඒ රාජ්‍යය වැනසී යයි; යම් නුවරක් හෝ යම් ගෙදරක් හෝ ඊට ම විරෝධී ව භේද වුවහොත්, ඒවා නොපවතියි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

25 උන් වහන්සේ ඔවුන්ගේ සිතුවිලි දැන ඔවුන්ට කතා කොට, මෙසේ වදාළ සේක: “යම් රාජ්‍යයක් ඊට ම විරෝධී ව භේද වුවහොත්, ඒ රාජ්‍යය වැනසී යයි; යම් නුවරක් හෝ යම් ගෙදරක් හෝ ඊට ම විරෝධී ව භේද වුවහොත්, ඒවා නොපවතියි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

25 උන්වහන්සේ ඔවුන්ගේ සිතිවිලි දැන, ඔවුන් අමතමින්, “එයටම එරෙහිව බෙදුනු හැම රාජ්‍යයක් බිඳ වැටෙයි. එයටම එරෙහිව බෙදුනු නගරයක් හෝ ගෙදරක් හෝ පවතින්නේ නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

25 උන්වහන්සේ ඔවුන්ගේ සිතිවිලි දැන ඔවුන්ට කථාකොට: තමාටම විරුද්ධව භේදවුණාවූ හැම රාජ්‍යයම පාළුවන්නේය; තමාටම විරුද්ධව භේදවුණාවූ හැම නුවර හෝ ගෙය නොපවතින්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 12:25
18 හුවමාරු යොමු  

එකල ඉශ්රායෙල් සෙනඟ දෙපක්ෂයකට බෙදී සෙනඟගෙන් දෙකෙන් කොටසක් ගීනත්ගේ පුත් තිබ්නී රාජ ධුරයට පත් කරගැනීමට ඔහුට එකතු වූ හ. අනෙක් කොටස ඔම්රීට එකතු වූ හ.


මාගේ ඉඳුම් හිටුම් සියල්ල ඔබ දන්න සේක. දුර තියා ම මාගේ සිතිවිලි ඔබ තේරුම්ගන්න සේක.


මනස්සේ රටේ සෙනඟ ද එප්‍රායිම් රටේ සෙනඟ ද එකිනෙකාට විරුද්ධ ව සටන් කරති. දෙගොල්ලෝ ම එකතු වී ජුදාවට පහර දෙති. මේ සියල්ල සිදු වුවත්, සමිඳුන්ගේ උදහස සන්සිඳී නැත. දඬුවම් කරන පිණිස එතුමන්ගේ හස්තය තව ම දිගු කර ඇත.


සමිඳුන් වන මම, මිනිසාගේ සිත සෝදිසි කර බලමි; මිනිසාගේ හදවත පරීක්ෂා කර බලමි. එසේ කරන්නේ, මිනිසාගේ හැසිරීම අනුව ඔහු ජීවත් වන පිළිවෙළ ලෙස ඔහුට විපාක දෙන පිණිස ය.”


උන් වහන්සේ වනාහි, කඳු සාදන, සුළං මවන, සිය සිතුවිලි මිනිසා හට පාන, උදයත් රැයත් දෙක ම මවන, මුළු ලොවට ම අධිපති වන තැනැන් වහන්සේ ය. උන් වහන්සේගේ ගරු නාමය සියලු බලැති දෙවි සමිඳු ය.


ජේසුස් වහන්සේ ඔවුන්ගේ සිතුවිලි දැන, “කුමක් නිසා නපුරු දේ සිතන්නහු ද?


ඔවුන් මෙසේ තර්ක කරන බව ජේසුස් වහන්සේගේ සිතට එකෙණෙහි ම දැනී, ඔවුන්ට කතා කොට, “ඔබ කුමක් නිසා ඔබේ සිත් තුළ මෙසේ තර්ක කරන්නහු ද?


උන් වහන්සේ තුන් වන වරටත් ඔහුට කතා කොට, “ජොහන්ගේ පුත්‍ර වූ සීමොන්, ඔබ මට ප්‍රේම කරන්නෙහි දැ”යි ඔහුගෙන් ඇසූ සේක. තුන් වන වරටත්, ‘මට ප්‍රේම කරන්නෙහි දැ’යි ජේසුස් වහන්සේ තමාගෙන් ඇසූ බැවින් පේදුරු ශෝක වී: “ස්වාමීනි, ඔබ සියල්ල දන්නා සේක; මා ඔබ වහන්සේට ප්‍රේම කරන බව ඔබ වහන්සේ දන්නා සේකැ”යි කී ය. “මාගේ බැටළුවන් පෝෂණය කරන්නැ”යි ජේසුස් වහන්සේ ඔහුට වදාළ සේක.


මිනිසාගේ ස්වභාවය දන්නේ මිනිසා ම තුළ වන ඔහුගේ ආධ්‍යාත්මය යි. අන් කිසිවෙක් එය නොදනිති. එමෙන් ම දෙවියන් වහන්සේගේ ස්වභාවය දන්නේ උන් වහන්සේගේ ආත්මයාණෝ ය. අන් කිසිවෙක් එය නොදනිති.


එහෙත් ඔබ එකිනෙකා උනුනුන් කුළල් කාගන්නහු නම්, ඔබ එකිනෙකාගෙන් විනාශ නොවන හැටියට වග බලාගන්න.


උන් වහන්සේ කෙරෙන් සැඟවිය හැකි කිසිවක් මුළු විශ්වයේ ම නැත. උන් වහන්සේගේ ඇස් ඉදිරියෙහි සියල්ල වැස්මක් නැති ව විවෘත ව තිබේ. අප ගණන් දිය යුත්තේ උන් වහන්සේට ය.


ඒ මහා නගරය තුන් කොටසකට කැඩී ගියේ ය. ජාතීන්ගේ නගර ඇද වැටිණි. දෙවියන් වහන්සේ මහා බබිලෝනිය අමතක නොකර, සිය උදහසේ දරුණුකම නමැති මිදියුස පාත්‍රය පානය කිරීමට ඈට දුන් සේක.


තවද මම ඇගේ දරුවන් වනසාලන්නෙමි. එවිට, මිනිසුන්ගේ සිතුම්පැතුම් විමසන තැනැන් වහන්සේ මා බව, සියලු සභාවෝ දැන ගන්නහු ය. තවද, මම ඔබට එකිනෙකාගේ ක්‍රියා අනුව විපාක දෙන්නෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්