Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 4:23 - Sinhala New Revised Version 2018

23 මෙසේ දෙවියන් වහන්සේ ඒ දවසේ දී කානානිය රජ වූ ජාබින් ඉශ්රායෙල් සෙනඟ ඉදිරියෙහි යටත් කළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

23 මෙසේ දෙවියන් වහන්සේ ඒ දවසේ දී කානානිය රජ වූ ජාබින් ඉශ්රායෙල් සෙනඟ ඉදිරියෙහි යටත් කළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

23 මෙසේ දෙවියන්වහන්සේ ඒ දවසේදී කානාන්හි රජවූ යාබින් ඉශ්‍රායෙල් පුත්‍රයන් ඉදිරියේ යටත් කළසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 4:23
10 හුවමාරු යොමු  

එතුමාණෝ වනාහි මා වෙනුවෙන් පළිගන්න, ජාතීන් මට යටත් කර දෙන දෙවිඳාණෝ ය.


ඔවුන්ගේ දරුවෝ ද ඇතුළු වී දේශය හිමි කරගත්තෝ ය. ඔබ ඔවුන්ට පෙරටුවෙන් දේශයේ වැසියන් වූ කානානිවරුන් යටත් කර ඔවුන්ගේ කැමැත්ත ලෙස කිරීමට ඒ තැනැත්තන් ද ඔවුන්ගේ රජවරුන් ද දේශයේ ජාතීන් ද ඔවුන් අතට පාවා දුන් සේක.


ඔව්හු ඇදහිල්ලෙන් රාජ්‍යයන් පරාජය කළහ. යුක්තිය ඉටු කළහ. දේව පොරොන්දු අත් කර ගත්හ, සිංහයන්ගේ කට වැසූ හ.


සියල්ල ක්‍රිස්තුන් වහන්සේට යටත් කරනු ලැබූ විට පුත්‍රයාණන් වහන්සේ ද, සියල්ල තමන්ට යටත් කළ දෙවියන් වහන්සේට යටත් කරනු ලබන සේක. එසේ වන්නේ දෙවියන් වහන්සේ සර්ව පරාක්‍රමයෙන් වැජඹෙන පිණිස ය.


එවිට මම ඔවුන්ගේ සතුරන් වහා පරාජය කරන්නෙමි; ඔවුන්ගේ එදිරිකාරයන්ට විරුද්ධ ව මම පහර දෙන්නෙමි.


එතුමාණෝ ජාතීන් පරදා අපට ජය දුන් සේක; සව් සත කෙරේ අග රජ වන සේක.


සටනට ඔබ මාගේ ඉඟටිය බලයෙන් පළඳවන සේක; මට විරුද්ධ ව නැඟුණු අය ඔබ මා යටතෙහි මැඩලන සේක.


“ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබ සමඟ සිටිනු නොවේ ද? හැම අතින් ම උන් වහන්සේ ඔබට සාමය දී තිබෙනු නොවේ ද? මන්ද, උන් වහන්සේ දේශයේ වැසියන් මා අතට පාවා දී තිබේ. දේශය සමිඳාණන් වහන්සේට ද උන් වහන්සේගේ සෙනඟට ද යටත් කරන ලද්දේ ය.


බාරාක් සිසෙරා ලුහුබැඳ ආ කල, ජායෙල් ඔහුගේ පෙරමඟට ගොස්, “එන්න, ඔබ සොයන මිනිසා පෙන්වමි”යි ඔහුට කීවා ය. ඔහු ඈ සමඟ ඇතුළට ගිය කල, සිසෙරා වැටී මැරී සිටිනවාත්, ඇණය ඔහුගේ නළල පසාරු කර ඇති බවත් දුටුවේ ය.


කානාන්හි රජ වූ ජාබින් සහමුලින් ම විනාශ කර දමන තුරු ඉශ්රායෙල් සෙනඟ ඔහුට විරුද්ධ ව වඩ වඩා බලවත් ලෙස පහර දුන්නෝ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්