Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 4:2 - Sinhala New Revised Version 2018

2 සමිඳාණන් වහන්සේ ද හාශොර්හි රජකම් කළ කානාන්හි රජ වූ ජාබින් අතට ඔවුන් පාවා දුන් සේක. ඔහුගේ සේනාවේ අධිපතියාගේ නම සිසෙරා ය. ඔහු හරොෂෙත්-ගොයිම් වැසියෙකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2 සමිඳාණන් වහන්සේ ද හාශොර්හි රජකම් කළ කානාන්හි රජ වූ ජාබින් අතට ඔවුන් පාවා දුන් සේක. ඔහුගේ සේනාවේ අධිපතියාගේ නම සිසෙරා ය. ඔහු හරොෂෙත්-ගොයිම් වැසියෙකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

2 ස්වාමීන්වහන්සේද හාශොර්හි රජකම්කළ කානාන්හි රජවූ යාබින් අතට ඔවුන් පාවාදුන්සේක; ඔහුගේ සේනාවේ අධිපතියා ජාතීන්ට අයත් හරොෂෙත්හි විසූ සිසෙරාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 4:2
11 හුවමාරු යොමු  

මිදියන්වරුන්ට සහ සිසෙරාට කළ පරිදි ද කිෂොන් නදිය අසල ජාබීන්ට කළ පරිදි ද ඔවුන්ට කළ මැනව.


සමිඳාණෝ මෙසේ වදාරන සේක: “මම නුඹලාගේ මව අත්හැරියෙම් නම්, ඒ දික්කසාදයේ සහතිකය කොහේ ද? එසේ නැත්නම්, ණය හිමියෙකුට ණය ගෙවීමක් වශයෙන් මම නුඹලා පාවා දිනිම් ද? නැත. නුඹලා පාවා දෙනු ලැබුවේ නුඹලාගේ ම අපරාධ නිසා ය. නුඹලා අත්හරිනු ලැබුවේ නුඹලාගේ ම වරද නිසා ය.


ණය ගෙවීමට ඔහුට කිසිවක් නොතිබුණු බැවින්, ස්වාමියා ඔහු ද ඔහුගේ බිරිඳ හා දරුවන් ද ඔහු සන්තක සියල්ල ද විකුණා ණය ගෙවන්න අණ කෙළේ ය.


හාශොර්හි රජ වූ ජාබින් මේ සියලු දේ ඇසූ විට, මාදොන්හි රජ වූ ජෝබාබ්ට ද ෂිම්රොන්හි රජුට ද ආක්ෂාප්හි රජුට ද


අදාමා ද රාමා ද හාශොර් ද


සමිඳාණන් වහන්සේගේ උදහස ඉශ්රායෙල් සෙනඟට විරුද්ධ ව ඇවිළී, උන් වහන්සේ ඔවුන් පිලිස්තිවරුන්ගේ අතට ද අම්මොන්වරුන්ගේ අතට ද පාවා දුන් සේක.


සිසෙරා තමාගේ සියලු රථ එනම්, යකඩ රථ නවසියයක් ද තමා සමඟ සිටි මුළු සෙනඟ ද හරොෂෙත්-ගොයිම් සිට කීෂොන් ඔය ළඟට කැඳවාගත්තේ ය.


එහෙත්, බාරාක් රථ හා සේනාව පසුපස හරොෂෙත්-ගොයිම් දක්වා ලුහුබැඳ ගියේ ය. සිසෙරාගේ මුළු සේනාව කඩුවෙන් මරනු ලැබූ හ. එක් කෙනෙක් වත් ඉතුරු නො වී ය.


එහෙත්, ඔව්හු තමන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ අමතක කළෝ ය. එවිට උන් වහන්සේ හාශොර්හි සේනාධිපතියා වූ සිසෙරා අතටත්, පිලිස්තිවරුන් අතටත්, මෝවබ්හි රජු අතටත් ඔවුන් පාවා දුන් සේක. ඔව්හු ද ඔවුන්ට විරුද්ධ ව යුද්ධ කළෝ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්