Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 21:3 - Sinhala New Revised Version 2018

3 “ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳුනි, අද ඉශ්රායෙල්වරුන්ගෙන් එක ගෝත්‍රයක් අඩු වී යන හැටියට මේ දේ ඉශ්රායෙල්හි සිදු වුණේ කුමක් නිසා දැ”යි ඔව්හු ඇසුවෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 “ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳුනි, අද ඉශ්රායෙල්වරුන්ගෙන් එක ගෝත්‍රයක් අඩු වී යන හැටියට මේ දේ ඉශ්රායෙල්හි සිදු වුණේ කුමක් නිසා දැ”යි ඔව්හු ඇසුවෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

3 ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්ස, අද ඉශ්‍රායෙල්වරුන්ගෙන් එක ගෝත්‍රයක් අඩුවෙන හැටියට මේ කාරණය ඉශ්‍රායෙල්හි සිද්ධවුණේ මක්නිසාදැයි ඔව්හු කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 21:3
9 හුවමාරු යොමු  

ඔබට මාගේ නඩුව ඉදිරිපත් කරන විට, සමිඳුනි, ඔබ සාධාරණය, යුක්තිය පිළිබඳ කරුණු ගැන ඔබෙන් ප්‍රශ්න කරන්නට කැමැත්තෙමි. දුදනන්ට සැප සම්පත් අත්වන්නේ මන් ද? ද්‍රෝහීන් සඵල වන්නේ මන් ද?


සමිඳුනි, ඔබේ මාර්ගවලින් අප මුළාව යන්නත්, ඔබ කෙරෙහි බිය නොවන සේ අපේ සිත් දැඩි වන්නත් හරින්නේ කුමක් නිසා ද? ඔබේ සේවකයන් නිසාත්, ඔබේ උරුමයට අයිති ගෝත්‍ර නිසාත් අප වෙත හැරී එනු මැනව.


සමහරු මෝඩකමින් විපතට පත්වෙති; පසු ව සමිඳුන් හට දොස් තබති.


මඟ යන එන සියල්ලන් එහි පල නෙළනු පිණිස එහි වැට කඩුලු වනසාලූයේ කුමක් නිසා ද?


අහෝ දෙවිඳුනි! ඔබ සදහට ම අප අත්හරින්නේ මන් ද? ඔබේ තණ බිම්හි බැටළුවන්ට විරුද්ධ ව ඔබේ උදහස නඟින්නේ මන් ද?


සියලු ජාතීහු මේවා දැක, ‘සමිඳාණන් වහන්සේ මේ රටට මෙසේ කෙළේ මන් ද? මෙතරම් දරුණු උදහසකට හේතුව කුමක් දැ’යි අසන්නෝ ය.


සෙනඟ බෙතෙල්ට පැමිණ එහි සවස් වන තෙක් දෙවියන් වහන්සේ ඉදිරියෙහි හිඳ, මහත් ශෝකයකින් ශබ්ද නඟා ඇඬුවෝ ය.


පසු දා සෙනඟ අලුයම නැඟිට පූජාසනයක් ගොඩනඟා දවන යාග පූජා ද සහභාගිකමේ පූජා ද ඔප්පු කළෝ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්