Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 20:32 - Sinhala New Revised Version 2018

32 “පළමු වන වතාවේ දී මෙන් ඔවුන් අප ඉදිරියෙහි පරාජය වනු ඇතැ”යි බෙන්ජමින්වරු කී හ. එහෙත් ඉශ්රායෙල්වරු, “අපි පලා ගොස් ඔවුන් නුවරින් ඈත් කොට, මාවත්වලට පමුණුවා ගනිමු”යි කීවෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

32 “පළමු වන වතාවේ දී මෙන් ඔවුන් අප ඉදිරියෙහි පරාජය වනු ඇතැ”යි බෙන්ජමින්වරු කී හ. එහෙත් ඉශ්රායෙල්වරු, “අපි පලා ගොස් ඔවුන් නුවරින් ඈත් කොට, මාවත්වලට පමුණුවා ගනිමු”යි කීවෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

32 පළමු ලෙස ඔවුන් අප ඉදිරියෙහි පරාජයවෙනවායයි බෙන්යමින් පුත්‍රයෝ කීවෝය. එහෙත් ඉශ්‍රායෙල් පුත්‍රයෝ: අපි පලාගොස් ඔවුන් නුවරින් ඈත්කොට මාවත්වලට පමුණුවාගනිමුයයි කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 20:32
6 හුවමාරු යොමු  

මා සමඟ සිටින සියලු සෙනඟ ද මම ද නගරය දෙසට ගමන් කරන්නෙමු. එවිට ඔවුන් පළමු වතාවේ මෙන් අපට විරුද්ධ ව පහර දීමට ආ කල්හි අපි ඔවුන් ඉදිරියෙන් පලා යන්නෙමු.


‘පළමු වතාවේ මෙන් ඔව්හු අප ඉදිරියෙන් පලා යන්නෝ ය’යි කියමින්, අප ඔවුන් නගරයෙන් ඈත් කරගන්න තුරු ඔවුන් අප ලුහුබැඳ එනු ඇත. මෙසේ අපි ඔවුන් ඉදිරියෙන් පලා යන්නෙමු.


බෙන්ජමින්වරු ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව පිටතට අවුත්, නුවරින් ඈත් වී, වෙන වතාවල දී මෙන් සෙනඟට පහර දෙන්නට පටන්ගෙන බෙතෙල්ටත්, ගිබියාවටත් යන මාර්ග දෙකේ දී ඉශ්රායෙල් මිනිසුන් තිස්දෙනෙකු පමණ මැරූ හ.


එවිට සියලු ඉශ්රායෙල්වරු තමන් සිටි තැනින් නැඟිට ගොස් බාල්-තාමාර්හි පිළිවෙළින් සිට ගත්තෝ ය. සැඟවී බලා සිටි ඉශ්රායෙල්වරු ද තමන්ගේ ස්ථානය වූ ගිබියාවෙහි පිට්ටනියෙන් නික්ම ආවෝ ය.


එය දුටු විට ඉශ්රායෙල්වරු සටනේ දී ආපසු හැරුණෝ ය. බෙන්ජමින්වරු ඉශ්රායෙල්වරුන්ට පහර දෙන්නට පටන්ගෙන, ඔවුන්ගෙන් තිස්දෙනෙකු පමණ මරා, “පළමු වන සටනේ දී මෙන් ම ඔවුන් සත්තකින් අපට පරාජය වනු ඇතැ”යි කීවෝ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්