Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 2:16 - Sinhala New Revised Version 2018

16 එවිට ඉශ්රායෙල් සෙනඟ කොල්ලකෑ අයගෙන් ඔවුන් ගළවාගන්න පිණිස සමිඳාණන් වහන්සේ වීර නායකයන් පත් කළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 එවිට ඉශ්රායෙල් සෙනඟ කොල්ලකෑ අයගෙන් ඔවුන් ගළවාගන්න පිණිස සමිඳාණන් වහන්සේ වීර නායකයන් පත් කළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

16 එවිට ඔවුන්ගෙන් කොල්ලකෑ අයගෙන් ඔවුන් ගළවාගන්න පිණිස ස්වාමීන්වහන්සේ විනිශ්චයකාරයන් නැගුටුවාදුන්සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 2:16
14 හුවමාරු යොමු  

එයින් පසු දිවැසිවර සාමුවෙල් දක්වා උන් වහන්සේ ඔවුන්ට වීරවරයන් දුන් සේක.


එවිට සමිඳාණන් වහන්සේ ජෙරුබ්බාල් ද බාරාක් ද ජෙප්තා ද සාමුවෙල් ද එවා වටකර සිටි ඔබේ සතුරන්ගේ අතින් ඔබ ගැළෙවු සේක. එවිට ඔබ සුරක්ෂිත ව වාසය කළහු ය.


එහෙයින් ඔබ ඔවුන්ගේ එදිරිකාරයන් අතට ඔවුන් පාවා දුන් සේක. ඔව්හු ඔවුන්ට පීඩා කළෝ ය. ඔවුන්ගේ පීඩා කාලයේ දී ඔවුන් ඔබට මොරගැසූ කල ඔබ ස්වර්ගයේ සිට සවන් දී, ඔබේ මහානුකම්පාව නිසා ඔවුන්ගේ එදිරිකාරයන්ගේ අතින් ඔවුන් ගළවාගත් විමුක්තිදායකයන් ඔවුන්ට දුන් සේක.


එහෙත්, ඉශ්රායෙල් සෙනඟ සමිඳාණන් වහන්සේට මොරගැසූ කල සමිඳාණන් වහන්සේ ගැළවුම්කාරයෙකු ඔවුන්ට එවා වදාළ සේක. ඔහු වූ කලී බෙන්ජමින්ගේ ගෝත්‍රයට අයිති ගේරාගේ පුත් ඒහුද් ය. ඔහු වමත හුරු මිනිසෙක් විය. ඉශ්රායෙල් සෙනඟ මෝවබ්හි රජ වූ එග්ලොන්ට ඒහුද් අත කප්පම් යැවූ හ.


සමිඳාණන් වහන්සේ ඔහු දෙස බලා, “නුඹට ඇති බලසම්පන්නකම මෙහෙයවා, මිදියන්වරුන් අතින් ඉශ්රායෙල්වරුන් ගළවන්න. නුඹ යවන්නේ මම ය”යි වදාළ සේක.


එප්‍රායිම් කඳු රටේ රාමාටත්, බෙතෙල්ටත් අතර තිබෙන දෙබොරාගේ ඉඳි ගස යට අසුන් ගැනීම ඇගේ සිරිත විය. ඉශ්රායෙල් සෙනඟ විනිශ්චය ලබන පිණිස ඈ වෙත පැමිණියෝ ය.


අබිමෙලෙක්ට පසුව ඉස්සාකර් වැසියෙකු වූ දෝදෝගේ පුත්‍රයා වූ පුවාගේ පුත් තෝලා ඉශ්රායෙල්වරුන් ගළවන්නට ඉදිරිපත් වුණේ ය. ඔහු එප්‍රායිම් කඳු රටේ වූ ෂාමීර්හි වාසය කෙළේ ය.


වීර පුරුෂයන් ඉශ්රායෙල් රට පාලනය කරන සමයේ දී ඒ රටේ සාගතයක් ඇති විය. එහෙයින්, ජුදා දේශයේ බෙත්ලෙහෙමේ එක්තරා මිනිසෙක් මෝවබ් දේශයෙහි ටික කලක් පදිංචි වීමට තම බිරිඳ ද පුතුන් දෙදෙනා ද කැටුව එහි ගියේ ය.


ඒහුද්ට පසුව පැමිණියේ අනාත්ගේ පුත් ෂම්ගර් ය. ඔහු පිලිස්තිවරුන්ගෙන් මිනිසුන් හයසියයක් හරක් අංකුසයකින් මැරී ය. ඔහු ද ඉශ්රායෙල් ගැළෙවුවේ ය.


මෙසේ ජෙප්තා අම්මොන්වරුන්ට විරුද්ධ ව යුද්ධ කරන පිණිස ඔවුන් කරා ගියේ ය. සමිඳාණන් වහන්සේ ද ඔහු අතට ඔවුන් පාවා දුන් සේක.


ඔහු වික්‍රමාන්විත ක්‍රියා කරමින් අමලෙක්වරුන්ට පහර දී ඉශ්රායෙල්වරුන්ව කොල්ලකන අයගේ අත්වලින් ඔවුන් ගළවා ගත්තේ ය.


එසේ කරන්නේ, මා ඉශ්රායෙල් කෙරෙහි වීර පුරුෂයන් පත් කළ කාලයේ දී මෙන් ය. නුඹේ සියලු සතුරන්ගෙන් නිදහස ලැබෙන්නට සලස්වන්නෙමි. ඇරත්, සමිඳාණන් වහන්සේ නුඹට වංශයක් උපදවා දෙන බව සමිඳාණන් වහන්සේ ම නුඹට දන්වන සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්