Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 2:15 - Sinhala New Revised Version 2018

15 සමිඳාණන් වහන්සේ කී ප්‍රකාරයටත්, ඔවුන්ට දිවුළ හැටියටත් ඔවුන් යුද්ධයට ගිය හැම අවස්ථාවක දී ම උන් වහන්සේගේ හස්තය ඔවුන්ට විරුද්ධ ව තිබුණේ ය. ඔව්හු ද තද අමාරුවට පත් වුණෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 සමිඳාණන් වහන්සේ කී ප්‍රකාරයටත්, ඔවුන්ට දිවුළ හැටියටත් ඔවුන් යුද්ධයට ගිය හැම අවස්ථාවක දී ම උන් වහන්සේගේ හස්තය ඔවුන්ට විරුද්ධ ව තිබුණේ ය. ඔව්හු ද තද අමාරුවට පත් වුණෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

15 ස්වාමීන්වහන්සේ කී ප්‍රකාරයටත් උන්වහන්සේ ඔවුන්ට දිවුරා තිබුණු හැටියටත් ස්වාමීන්වහන්සේගේ හස්තය ඔවුන් ගිය හැම තැනම නපුර පිණිස ඔවුන්ට විරුද්ධව තිබුණේය. ඔව්හු තද අමාරුවට පත්වුණෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 2:15
19 හුවමාරු යොමු  

අපි හැම අතින් ම මඩිනු ලැබුවත් කොටු වී නොසිටිමු. වියවුල් වුවත් බලාපොරොත්තු රහිත නොවෙමු;


ඒ නිසා සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “නුඹලා පිට එවැනි විපත්ති පමුණුවන්නට යෝජනා කරන්නේ මම ය. නුඹලාට බේරෙන්න නොහැකි වන්නේ ය. නුඹලාට උඩඟුකමින් හැසිරෙන්න නොහැකි වන්නේ ය. මන්ද, එය නුඹලාට නපුරු කාලයක් වනු ඇත.


නුඹලාට සැපත නොව, විපත පැමිණෙන ලෙස මම වගබලාගන්නෙමි. මිසර දේශයෙහි සිටින සියලු ම ජුදෙව්වරු නැත්තට ම නැති වන තුරු කඩුවෙන් ද සාගතයෙන් ද විනාශ වී යන්නෝ ය.


“එබැවින් ඉශ්රායෙල්වරුන්ගේ සියලු බලැති දෙවි ස්වාමීන් වහන්සේ වන මම මෙසේ කියමි. ජුදා දේශය විනාශ වන ලෙස විපත් පැමිණවීමට මම තීරණය කරගතිමි.


මේ නගරයේ ශුභසිද්ධිය පිණිස නොව, විපත්තිය පිණිස මාගේ මුහුණ ඒ දෙසට යොමා ඇත. එය බබිලෝනියේ රජු අතට පාවා දෙනු ලබන්නේ ය. ඔහු එය ගින්නෙන් දවාදමන්නේ ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”


ඒ ජාතිය තමන්ගේ අදමිටුකමින් හැරුණොත්, මා එයට කරන්නට අදහස් කළ විපත ගැන මාගේ සිත වෙනස් කරගන්නෙමි.


දාවිත් දැන් තද අමාරුවකට පත් විය. මන්ද, සෙනඟ සියලු දෙනාගේ සිත් තම තමන්ගේ දරුදැරියන් ගැන ශෝක වූ බැවින් ඔව්හු දාවිත්ට ගල් ගසන්නට තර්ජනය කළහ. එහෙත්, දාවිත් සිය දෙවි සමිඳාණන් වහන්සේ කෙරෙහි තම ශක්තිය උපදවාගත්තේ ය.


ඒ දවසේ දී ඉශ්රායෙල් සෙනඟ ආහාර නැති ව දුර්වල ව සිටියෝ ය. එසේ වූයේ “මා විසින් මාගේ සතුරන්ගෙන් පළිගනු ලබන තුරු, සවස වනතෙක්, කිසි කෑමක් කන මනුෂ්‍යයාට සාප වේවා”යි සෙනඟගෙන් සාවුල් දිවුරුම් ගත් බැවිනි. එබැවින් සෙනඟගෙන් කිසිවෙකු කෑම කෑවේ නැත.


එවිට ඉශ්රායෙල්වරු තමන් අනතුරට භාජන වී සිටි බව දුටුවෝ ය. ඔව්හු අවදානම් තත්ත්වයක සිටියෝ ය. එවිට සෙනඟ ගුහාවල ද වළවල ද පර්වතවල ද පතල්වල ද ළිංවල ද සැඟවුණෝ ය.


තවද, අම්මොන්හි සෙනඟ ජුදා ගෝත්‍රයටත්, බෙන්ජමින් ගෝත්‍රයටත්, එප්‍රායිම් ගෝත්‍රයටත් විරුද්ධ ව යුද්ධ කරන පිණිස ජොර්දානෙන් මෙගොඩට ආවෝ ය. මෙසේ ඉශ්රායෙල් සෙනඟ බරපතල අමාරුවකට පත් වූ හ.


ඔවුන් නියම වයසට පැමිණෙන තෙක් බලා සිටින්නට ඔබට හැකි ද? ඒ බලාපොරොත්තුවෙන් අන් කෙනෙකු හා විවාහ නොවී සිටීමට ඔබට පුළුවන් ද? මාගේ දූවරුනි, මෙය කරන්නට බැරි දෙයකි. සමිඳාණන් වහන්සේ මට විරුද්ධ වී සිටින බැවින් මාගේ දුක ඔබේ දුකට වඩා දැඩි ය.”


එහෙත්, මාගේ නාමයෙන් දිවැස් වැකි කීමට ඉදිරිපත් වන දිවැසිවරයා, මා අණ නොකළ දෙයක් කීමට හිතට ගතහොත් හෝ අන් දේවතාවන්ගේ නාමයෙන් කතා කළොත් හෝ ඒ තැනැත්තා මරනු ලැබේ.’


එහෙත්, ඔබ හැම සමිඳාණන් වහන්සේගේ හඬට කීකරු නොවී, උන් වහන්සේගේ අණට විරුද්ධ ව කැරලි ගසන්නහු නම්, උන් වහන්සේ ඔබේ රජතුමාටත්, ඔබටත් විරුද්ධ ව සිටින සේක.


තවද, රෙහොබෝවම්ගේ රාජ්‍යය ස්ථිර වී ඔහු බලවත් වූ කල්හි ඔහුත්, සියලු ඉශ්රායෙල්වරුත් සමිඳාණන් වහන්සේගේ ව්‍යවස්ථාව අත්හැරියෝ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්