Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 19:5 - Sinhala New Revised Version 2018

5 සතර වන දින අලුයම ඔහු නැඟිට පිටත් වී යන්නට සූදානම් විය. තරුණියගේ පියා කතා කොට, “කෑම ටිකක් කා ඔබේ සිත සනසාගෙන පසුව ඔබට යන්නට පුළුවනැ”යි තම බෑණාට කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 සතර වන දින අලුයම ඔහු නැඟිට පිටත් වී යන්නට සූදානම් විය. තරුණියගේ පියා කතා කොට, “කෑම ටිකක් කා ඔබේ සිත සනසාගෙන පසුව ඔබට යන්නට පුළුවනැ”යි තම බෑණාට කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

5 සතරවෙනිදා ඔවුන් අලුයම නැගුටුණ විට ඔහු යන්ට හැදුවේය. යෞවනියගේ පියාද: කෑම ටිකකින් නුඹේ සිත සනසාගන පසුව යන්ට පුළුවනැයි ඔහුගේ බෑනාට කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 19:5
9 හුවමාරු යොමු  

පස් වන දා අලුයම ඔහු යන්නට සැරසුණ විට, තරුණියගේ පියා ඔහුට කතා කොට, “අනේ ඔබේ සිත සනසාගන්න, සවස් වන තෙක් නවතින්නැ”යි කීවේ ය. එබැවින් ඔව්හු දෙදෙන කෑම කෑහ.


මම ද කෑම ටිකක් ගෙනෙන්නෙමි. එය වළඳා, ඔබේ ගත සිත සනසාගෙන, මේ ගමන යන්න. ඔබේ දාසයාගේ නිවසට ඔබ පැමිණියේ ඒ නිසා යැ”යි කී ය. ඔව්හු ද, “ඔබ කී ලෙස කරන්නෙමු”යි පිළිතුරු දුන්හ.


කෑම කා යළිත් ශක්තිය ලැබී ය. සාවුල් දමස්කයේ ශ්‍රාවකයන් සමඟ කීප දවසක් නතර ව සිටියේ ය.


ජේසුස් වහන්සේ ඔවුන් අමතා, “මාගේ භෝජනය නම්, මා එවූ තැනැන් වහන්සේගේ කැමැත්ත කිරීමත්, උන් වහන්සේගේ කාර්යය නිමාවට පත් කිරීමත් ය.


තවද, ඔබ මිනිසාගේ හද සතුටු කරන මිදියුස ද වත පැහැපත් කරන තෙල ද ගත සවිමත් කරන අහර ද සපයන සේක.


රජ ද, “මා සමඟ ගෙදරට පැමිණ විඩා හැරගන්න; ඔබට තුටු පඬුරක් දෙමි”යි ඒ මනුෂ්‍යයාට කීවේ ය.


තවද, ඔව්හු අත්තික්කා කැටියකින් කැබැල්ලක් ද මුද්‍රික පල පොකුරු දෙකක් ද ඔහුට දුන්හ. ඔහු කෑ පසු ප්‍රාණවත් විය. මන්ද, ඔහු දවල් තුනකුත් රෑ තුනකුත් කෑම කෑවේ වත්, වතුර බීවේ වත් නැතුව සිටිය බැවිනි.


ඔහුගේ මාමා වන තරුණියගේ පියා ඔහු නවත්වා ගත්තේ ය. ඔහු තුන් දවසක් ඔහු සමඟ විසී ය. එලෙස ඔව්හු කමින් බොමින් එහි නැවතී සිටියෝ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්