Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 19:23 - Sinhala New Revised Version 2018

23 එවිට ගෘහ මූලිකයා වන මහලු මිනිසා පිටතට ගොස්, ඔවුන්ට කතා කොට, “අනේ සහෝදරයෙනි, එසේ නොවේ වා! එපමණ දූෂ්‍යකම් නොකරන්න. ඒ මිනිසා මාගේ ගෙට පැමිණ සිටිය දී ඔය නින්දිතකම් නොකරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

23 එවිට ගෘහ මූලිකයා වන මහලු මිනිසා පිටතට ගොස්, ඔවුන්ට කතා කොට, “අනේ සහෝදරයෙනි, එසේ නොවේ වා! එපමණ දූෂ්‍යකම් නොකරන්න. ඒ මිනිසා මාගේ ගෙට පැමිණ සිටිය දී ඔය නින්දිතකම් නොකරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

23 එවිට ගෙදර ස්වාමියාවූ ඒ මනුෂ්‍යයා පිටතට ඔවුන් වෙතට ගොස් ඔවුන්ට කථාකොට: අනේ මාගේ සහෝදරයෙනි, එසේ නොවේවා, එපමණ දූෂ්‍යකම් නොකරන්න; මේ මනුෂ්‍යයා මාගේ ගෙට ඇවිත් සිටිද්දී ඔය නින්දිතකම නොකරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 19:23
7 හුවමාරු යොමු  

එවිට ඈ කතා කොට, “මාගේ සහෝදරය, එසේ නො‍වේවා. මට අවනම්බු නො‍කරන්න; ඉශ්රායෙල්හි එබඳු දෙයක් කරන්නට යුතු නැත; මේ නින්දිතකම නො‍කරන්න;


එවිට මම මාගේ උපභාර්යාවගේ සිරුර ගෙන, එය කොටස්වලට කපා, ඉශ්රායෙල්වරුන්ට අයිති සියලු පළාත්වලට ඇරියෙමි. එසේ කෙළේ, ඔවුන් ඉශ්රායෙල්හි දුෂ්ටකමක් ද නින්දිතකමක් ද කළ බැවිනි.


ජාකොබ්ගේ පුත්‍රයන් තණ පිට්ටනියෙන් පැමිණි පසු ඔව්හු මෙය අසා, කම්පා වී කෝපාවිෂ්ට වූ හ. මන්ද, ෂෙකෙම්, ජාකොබ්ගේ දුව දූෂණය කිරීමෙන් ඉශ්රායෙල් ජනයා අතර නොකටයුතු සැහැසිකමක් කළ හෙයිනි.


කැප කරන ලද දෙය ගත් තැනැත්තා මෙසේ අසු වූ කල්හි ඔහු සමිඳාණන් වහන්සේගේ ගිවිසුම කඩ කළ නිසාත්, ඉශ්රායෙල්හි දුෂ්ටකමක් කළ නිසාත් ඔහු හා ඔහු සන්තක සියල්ල ගින්නෙන් පුළුස්සා දැමිය යුතු ය’යි ඔවුන්ට කියන්න.”


ඔවුන් ඇගේ පියාගේ ගෘහයේ දොරකඩට ඇය ගෙනා පසු, නුවර මිනිසුන් ඇයට ගල් ගසා මරණයට පත් කළ යුතු ය. එසේ කළ යුත්තේ, ඇගේ පියාගේ ගෘහයේ දී ඈ වෙසඟනක ලෙස හැසිරෙමින්, ඉශ්රායෙල් ජනයා අතර නින්දිත දෙයක් කළ බැවිනි. මෙලෙස ඔබ අතරෙන් නපුර පහකළ යුතු වේ.


මෙන්න, කන්‍යා දූවරු දෙදෙනෙක් මට සිටිති. මම ඔවුන් ඔබ වෙත ගෙනෙන්නෙමි. ඔබ කැමැති පරිදි ඔවුන් සමඟ හැසිරෙන්න. එහෙත්, මේ මිනිසුන්ට නම් කිසි නපුරක් නොකරන්න. ඒ මන්ද, මොවුහු මාගේ නිවසට පැමිණි අමුත්තෝ ය”යි කී ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්