Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 19:17 - Sinhala New Revised Version 2018

17 ඒ මහල්ලා තම හිස ඔසවා නුවර වීදියේ හුන් ඒ මඟියා දැක, “ඔබ කොතැනට යන්නෙහි ද? කොතැන සිට එන්නෙහි දැ”යි ඇසී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 ඒ මහල්ලා තම හිස ඔසවා නුවර වීදියේ හුන් ඒ මඟියා දැක, “ඔබ කොතැනට යන්නෙහි ද? කොතැන සිට එන්නෙහි දැ”යි ඇසී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

17 මහලු මනුෂ්‍යයා තමාගේ ඇස් ඔසවා ඒ මගියා නුවර වීථියේ ඉඳිනු දැක: නුඹ කොතැනට යනවාද? කොතැන සිට එනවාදැයි ඇසීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 19:17
7 හුවමාරු යොමු  

තවද, ඔහු, මුලින් ම ගිය මෙහෙකරු අමතා, “මාගේ සොහොයුරු ඒසව් ඔබ හමු වී, ‘ඔබ කාගේ කවු ද? ඔබ යන්නේ කොහේ ද? ඔබට පෙරටුව දක්කාගෙන යන මේ සත්තු කාගේ ද?’ කියා ඇසූ විට,


ඔහු ද කතා කොට, “හාගර්, සාරයිගේ වහල් කෙල්ල, ඔබ ආවේ කොහෙන් ද? යන්නේ කොහේ දැ”යි ඇසී ය. ඈ උත්තර දෙමින්, “මම මාගේ ස්වාමිදූ වන සාරයි වෙතින් පලා යමි”යි කීවා ය.


ඒ වේලේ මහලු මිනිසෙක් කෙතේ වැඩ කර සවස් වූයෙන් ආවේ ය. ඒ මිනිසා කඳු රටේ මිනිසෙකි. ඔහු ගිබියාවෙහි වාසය කෙළේ ය. එහෙත්, එහි වැසියෝ බෙන්ජමින්වරු ය.


ඔහු පිළිතුරු දෙමින්, “අපි ජුදයේ බෙත්ලෙහෙමේ සිට එප්‍රායිම්හි කඳු රටෙහි එහා කෙළවරට යමු. මම එහි වැසියෙක්මි. මම ජුදයේ බෙත්ලෙහෙමට ගියෙමි. මම දැන් ගෙදර යමි. කිසිවෙකු මට මෙහි දී නවාතැන් දෙන්නේ නැත.


“දිනක් ධනවතාගේ ගෙදරට ගමනක් යන කෙනෙක් ආවේ ය. ධනවතා තමාගේ ගෙදරට ආ මඟියාට කෑම පිළියෙළ කරන පිණිස සතෙකු තමාගේ බැටළුවන්ගෙන් වත්, ගවයන්ගෙන් වත් ගන්නට අකමැති වී දිළින්දාගේ බැටළු වැස්සිය අරගෙන තමාගේ ගෙදරට ආ මිනිසාට කෑමක් පිළියෙළ කෙළේ ය.”


මහා මාවත් අන්තරායදායක බැවින් කිසිවෙක් එහි ගමන් නොකරති. ඔවුන් ගිවිසුම අවලංගුකර ඇත; පොරොන්දු කඩකර ඇත; කිසිවෙකුට තවත් ගරු නොකරනු ඇත.


සමිඳුනි, ඔබ ඉශ්රායෙල්වරුන්ගේ බලාපොරොත්තුව ද විපත් සමයේ ගැළවුම්කාරයාණෝ ද වන සේක. එසේ වුව ද, එක රැයකට නවාතැන් ගත් මඟියෙකු මෙන් අපේ දේශයේ ආගන්තුක ව සිටින්නේ මන් ද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්