Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 16:17 - Sinhala New Revised Version 2018

17 එබැවින් ඔහු රහස ඈට දන්වමින් ඈට මෙසේ කීවේ ය: “මා මවු කුස පටන් දෙවියන් වහන්සේට කැප වූ නාසරීයයෙකු බැවින් දැළි පිහියක් මාගේ හිසට ළං නොකරන ලද්දේ ය. මාගේ හිස බූගෑවොත්, මාගේ යෝධ ශක්තිය මාගෙන් නැති වී යන්නේ ය. මා ද බල හීන වී සාමාන්‍ය මිනිසෙකු මෙන් වනු ඇතැ”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 එබැවින් ඔහු රහස ඈට දන්වමින් ඈට මෙසේ කීවේ ය: “මා මවු කුස පටන් දෙවියන් වහන්සේට කැප වූ නාසරීයයෙකු බැවින් දැළි පිහියක් මාගේ හිසට ළං නොකරන ලද්දේ ය. මාගේ හිස බූගෑවොත්, මාගේ යෝධ ශක්තිය මාගෙන් නැති වී යන්නේ ය. මා ද බල හීන වී සාමාන්‍ය මිනිසෙකු මෙන් වනු ඇතැ”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

17 ඔහු තමාගේ සිතේ තිබුණු සියල්ල ඈට දැන්වූවාය: මා මව්කුස පටන් දෙවියන්වහන්සේට කැපවූ නාශරියයෙක් බැවින් දැළිපිහියක් මාගේ හිසට ළංනොකරන ලද්දේය. මාගේ හිස බූගෑවොත් මාගේ ශක්තිය මාගෙන් නැතිවී යන්නේය, මාද බෙලහීනව වෙන මනුෂ්‍යයෙකු මෙන් වෙනවා ඇතැයි ඈට කීවාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 16:17
10 හුවමාරු යොමු  

ඔබේ අසල්වැසියා වත්, හිතවත් මිතුරා වත් විශ්වාස නොකරන්න. ඔබේ භාර්යාවගෙන් වුව ද කට ප්‍රවේසම් කරගන්න.


බුද්ධිමතා තම දැනුම ගැන පුරසාරම් නොදොඩයි; අනුවණයෝ තම අනුවණකම් පතුරුවා හරිති.


මන්ද, නුඹ පිළිසිඳගෙන පුත්‍රයෙකු ලබන්නෙහි ය. දැළි පිහියකින් ඔහුගේ කෙස් නොකැපිය යුතු ය. මන්ද, දරුවා ගර්භයේ පටන් දෙවියන් වහන්සේට කැප කරන ලද නාසරීයයෙකු විය යුතු බැවිනි. ඔහු පිලිස්තිවරුන්ගේ අතින් ඉශ්රායෙල්වරුන් ගළවා ගන්නේ ය.”


‘තවද, සමිඳාණන් වහන්සේට තමන් කැප කරගත් මුළු කාලය තුළ ම, එය අවසාන වෙන තෙක් ම ඔහු තම හිස කෙස් නොකැපිය යුතු ය. ඒ කාලයේ දී ඔහු ශුද්ධ කෙනෙකු වනු ඇත. තම කේශ කලාපය ද වැඩීමට ඉඩ දිය යුතු ය.


පාවුලු එහි තවත් කලක් නැවතී සිටි පසු, සහෝදරයන්ගෙන් සමුගෙන, සිරියාවට යන්නට නැව් නැංගේ ය. ප්‍රිස්කිලා ද අකිලා ද ඔහු සමඟ ගියහ. පාවුලු බාරයක් වී සිටි බැවින් කෙන්ක්‍රෙයායේ දී හිස මුඩු කරගත්තේ ය.


පාලකයෙක් බොරු ප්‍රචාරවලට කන් දෙයි නම් ඔහුගේ නිලධාරීහු කුහකයෝ බවට පත් වෙති.


“ඉශ්රායෙල් ජනයාට කතා කොට මෙසේ කියන්න: ‘යම් පුරුෂයෙකු හෝ ස්ත්‍රියක හෝ විශේෂ බාරයක් වී සමිඳාණන් වහන්සේට කැප වී වෙන් වන පිණිස නාසරීයයෙකුගේ බාරයක් වූ විට


ඉන්පසු ඈ සෑම දා ම ඇගේ ඉල්ලීමෙන් ඔහුට පෙරැත්ත කළා ය. ඒ නිසා මැරෙන තරමට ඔහුගේ ජීවිතය ඔහුට එපා විය.


සම්සොන් තමාගේ සිතේ තිබුණු සම්පූර්ණ රහස ඈට කී බව දෙලීලා දැන, පිලිස්තිවරුන්ගේ අධිපතීන් කැඳවමින්, “මේ වතාවේ දී එන්න; මන්ද, ඔහු තමාගේ සිතේ තිබෙන සම්පූර්ණ රහස මට කියා තිබේ ය”යි දන්වා යැව්වා ය: එවිට පිලිස්තිවරුන්ගේ අධිපතීහු මුදල් රැගෙන ඈ ළඟට ආහ.


දිව රැකගන්නා දිවි රැකගනියි; දොඩමළුවා විනාශයට පැමිණෙයි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්