Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 16:15 - Sinhala New Revised Version 2018

15 එවිට ඈ, “ඔබේ සිත මට බැඳී නැති විට ඔබ මට ප්‍රේම කරනවා කියා කියන්නේ කෙසේ ද? ඔබ දැන් මා තුන්වරක් රැවටුවෙහි ය. ඔබේ යෝධ ශක්තිය තිබෙන තැන මට නොකීවෙහි යැ”යි ඔහුට කීවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 එවිට ඈ, “ඔබේ සිත මට බැඳී නැති විට ඔබ මට ප්‍රේම කරනවා කියා කියන්නේ කෙසේ ද? ඔබ දැන් මා තුන්වරක් රැවටුවෙහි ය. ඔබේ යෝධ ශක්තිය තිබෙන තැන මට නොකීවෙහි යැ”යි ඔහුට කීවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

15 එවිට ඈ: නුඹේ සිත මා වෙත නැතිකොට නුඹ මට ආදරේය කියා කියන්නේ කොහොමද? නුඹ දැන් තුන්වරක්ම මා රැවටුවෙහිය, නුඹේ මහත් ශක්තිය තිබෙන තැන මට නොකීවෙහියයි ඔහුට කීවාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 16:15
18 හුවමාරු යොමු  

සම්සොන්ගේ බිරිඳ ඔහුගේ ගෙල බදාගෙන අඬමින්, “ඔබ මට ද්වේෂ කරනවා මිස මට ආදරේ කරන්නේ නැත. මාගේ මිතුරන්ට ඔබ ප්‍රහේලිකාවක් කී නමුත්, ඒක මට තෝරා දුන්නේ නැතැ”යි කීවා ය. ඔහු පිළිතුරු දෙමින්, “බලන්න, මම මාගේ පියාට වත්, මාගේ මවට වත් ඒ ගැන නොකීවෙමි. ඔබට කියන්නේ කෙසේ දැ”යි ඈට කීවේ ය.


දෙවියන් වහන්සේට ප්‍රේම කිරීම යනු උන් වහන්සේගේ ආඥා පිළිපැදීම යි. උන් වහන්සේගේ ආඥා පිළිපැදීම දුෂ්කර නොවේ.


මා, මාගේ පියාණන් වහන්සේගේ ආඥා පිළිපැද උන් වහන්සේගේ ප්‍රේමයෙහි පවතින සේ ම, ඔබත් මාගේ ආඥා පිළිපදින්නහු නම්, මාගේ ප්‍රේමයෙහි පවතින්නහු ය.


“ඔබ මට ප්‍රේම කරන්නහු නම්, ඔබ මාගේ ආඥා පිළිපදින්නහු ය.


මාගේ පුත්‍රය, ම වදන් සිතට ගන්න, මා දෙන ඔවාබස් පිළිගන්න.


ඒ මඟින්, දුසිරිතට සිත දුන් ස්ත්‍රියකගෙන්, ඉච්චා බස් දොඩන ස්ත්‍රියකගෙන්,


අබ්සලොම් ද, “ඔබේ මිතුරා කෙරෙහි ඇති ඔබේ කරුණාව කුමක් ද? ඔබේ මිතුරා සමඟ නො‍ගියේ මන්දැ”යි හූෂයිගෙන් ඇසී ය.


දෙවි සමිඳාණන් වහන්සේට ඔබේ මුළු හෘදයෙන් ද ඔබේ මුළු ආත්මයෙන් ද ඔබේ මුළු වීර්යයෙන් ද ප්‍රේම කළ යුතු ය.


ජාකොබ් ද රාකෙල් නිසා අවුරුදු සතක් සේවය කෙළේ ය. එහෙත්, ඔහු ඈට ප්‍රේම කළ බැවින් ඒ ගත කළ කාලය ස්වල්ප දවසක් මෙන් ඔහුට හැඟිණි.


දෙලීලා ඔහු නින්දට පමුණුවා, ඔහුගේ කෙස් රොදවල් සත ගෙන, රෙදි වියමනත් සමඟ ඒවා ගොතා, ඇබයකින් තද කර, “සම්සොන්, පිලිස්තිවරු ඔබ අල්ලන්නට එති”යි කෑ ගැසුවා ය. එහෙත් ඔහු පිබිද, ඔහුගේ හිස කෙස් ද රෙදි වියන යන්ත්‍රය ද ඇබය ද අහකට ඇදගත්තේ ය.


ඉන්පසු ඈ සෑම දා ම ඇගේ ඉල්ලීමෙන් ඔහුට පෙරැත්ත කළා ය. ඒ නිසා මැරෙන තරමට ඔහුගේ ජීවිතය ඔහුට එපා විය.


ඔව්හු මේ අයුරින් සතර වරක් ආරාධනා කර එවූ හ. මමත් ඒ අයුරින් ම ඔවුන්ට පිළිතුරු යැව්වෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්