Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 16:14 - Sinhala New Revised Version 2018

14 දෙලීලා ඔහු නින්දට පමුණුවා, ඔහුගේ කෙස් රොදවල් සත ගෙන, රෙදි වියමනත් සමඟ ඒවා ගොතා, ඇබයකින් තද කර, “සම්සොන්, පිලිස්තිවරු ඔබ අල්ලන්නට එති”යි කෑ ගැසුවා ය. එහෙත් ඔහු පිබිද, ඔහුගේ හිස කෙස් ද රෙදි වියන යන්ත්‍රය ද ඇබය ද අහකට ඇදගත්තේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

14 දෙලීලා ඔහු නින්දට පමුණුවා, ඔහුගේ කෙස් රොදවල් සත ගෙන, රෙදි වියමනත් සමඟ ඒවා ගොතා, ඇබයකින් තද කර, “සම්සොන්, පිලිස්තිවරු ඔබ අල්ලන්නට එති”යි කෑ ගැසුවා ය. එහෙත් ඔහු පිබිද, ඔහුගේ හිස කෙස් ද රෙදි වියන යන්ත්‍රය ද ඇබය ද අහකට ඇදගත්තේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

14 ඈද ඇණයෙන් ඒවා තදකොට: සම්සොන්, පිලිස්තිවරු නුඹ අල්ලන්ට එත්යයි කීවාය. ඔහු නින්දෙන් පිබිද යොත් දණ්ඩේ ඇණය නූල් වියමනත් සමඟ ගළවා දැමුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 16:14
4 හුවමාරු යොමු  

එතුමාණෝ බොහෝ වර සිය සෙනඟ මිදූ සේක. එහෙත්, ඔව්හු ඉන් පසුත් අකීකරු ව කැරලි ගැසූ බැවින්, සිය අයුතුකම නිසා නින්දා කරනු ලැබුවෝ ය.


එවිට දෙලීලා සම්සොන්ට කතා කොට, “ඔබ මේ වන තෙක් මා රවටා මට බොරු කීවෙහි ය. දැන් ඉතින් ඔබ බැඳ තබන්නට පුළුවන් කුමකින් දැ යි කියන්නැ”යි කීවා ය. ඔහු පිළිතුරු දෙමින්, “ඔබ මාගේ හිසේ කෙස් රොදවල් සත රෙදි වියමන සමඟ යන්ත්‍රයට ගොතා ඇබයකින් එය තද කළොත්, මා සාමාන්‍ය මිනිසෙකු මෙන් බල හීන වනු ඇතැ”යි කී ය.


එවිට ඈ, “ඔබේ සිත මට බැඳී නැති විට ඔබ මට ප්‍රේම කරනවා කියා කියන්නේ කෙසේ ද? ඔබ දැන් මා තුන්වරක් රැවටුවෙහි ය. ඔබේ යෝධ ශක්තිය තිබෙන තැන මට නොකීවෙහි යැ”යි ඔහුට කීවා ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්