Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 1:3 - Sinhala New Revised Version 2018

3 ජුදාගේ ගෝත්‍රය සිමියො‍න් නම් තම සහෝදර ගෝත්‍රයට කතා කොට, “අප කානානිවරුන්ට විරුද්ධ ව යුද්ධ කරන පිණිස අපට හිමි උරුම කොටසට ඔබත් අප සමඟ එන්න; අපිත් ඔබේ උරුම කොටසට ඔබ සමඟ එන්නෙමු”යි කී හ. මෙසේ සිමියො‍න්ගේ ගෝත්‍රය ජුදාගේ ගෝත්‍රය සමඟ ගියහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 ජුදාගේ ගෝත්‍රය සිමියො‍න් නම් තම සහෝදර ගෝත්‍රයට කතා කොට, “අප කානානිවරුන්ට විරුද්ධ ව යුද්ධ කරන පිණිස අපට හිමි උරුම කොටසට ඔබත් අප සමඟ එන්න; අපිත් ඔබේ උරුම කොටසට ඔබ සමඟ එන්නෙමු”යි කී හ. මෙසේ සිමියො‍න්ගේ ගෝත්‍රය ජුදාගේ ගෝත්‍රය සමඟ ගියහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

3 යූදා තම සහෝදරවූ සිමියොන්ට කථාකොට: අප කානානිවරුන්ට විරුද්ධව යුද්ධකරන පිණිස මාගේ උරුම කොටසට මා සමඟ නැගී එන්න; මමත් නුඹේ උරුම කොටසට නුඹ සමඟ එන්නෙමියි කීවේය. මෙසේ සිමියොන් ඔහු සමඟ ගියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 1:3
7 හුවමාරු යොමු  

ඔහුට කතා කොට, “සිරියන්වරුන් මට වඩා බලවන්ත වූවොත් ඔබ මට උපකාර කරන්න; අම්මොන්වරුන් ඔබට වඩා බලවන්ත වූවොත් මම අවුත් ඔබට උපකාර කරන්නෙමි.


ජුදා සෙනඟ තමන් සහෝදර සිමියො‍න් සෙනඟ සමඟ ගොස්, ශෙපත්හි විසූ කානානිවරුන්ට පහර දී ඒ නගරය සහමුලින් ම විනාශ කර දැමුවෝ ය. එබැවින් ඒ නගරයට හොර්මා යන නම තබන ලදී.


දෙ වන කොටස සිමියොන්ට, එනම්, සිමියොන්ගේ පරපුරේ ඔවුන්ගේ පවුල් ගණන අනුව වැටුණේ ය. ඔවුන්ගේ උරුමය ජුදා පරපුරේ උරුමය ඇතුළත තිබුණේ ය.


ඈ නැවතත් ගැබ්ගෙන පුතෙකු ලැබුවා ය. “මා නුරුස්සන බව සමිඳාණන් වහන්සේ දුටු බැවින් උන් වහන්සේ මට මේ පුතු ද, දුන් සේකැ”යි කියමින් ඈ ඔහුට සිමියොන් යන නම තැබුවා ය.


සමිඳාණන් වහන්සේ පිළිතුරු දෙමින්, “ජුදාගේ ගෝත්‍රය පළමු කොට යා යුතු ය; මම ඔවුන්ගේ අතට දේශය දිනිමි”යි වදාළ සේක.


ජුදා ගෝත්‍රය එසේ නැඟී ගිය කල, සමිඳාණන් වහන්සේ කානානිවරුන් ද පෙරිස්සිවරුන් ද ඔවුන්ගේ අතට පාවා දුන් සේක. ඔව්හු බෙශෙක්හි දී මිනිසුන් දසදහසකට පහර දුන්නෝ ය.


සිමියොන්ගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක් ද ලෙවීගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක් ද ඉස්සාකර්ගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක් ද


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්