Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 7:13 - Sinhala New Revised Version 2018

13 තවද, පූප සමඟ මුහුන් මිශ්‍ර පූප ද තම පූජාවට එකතු කොට සහභාගිකමේ පූජාව සමඟ ස්තුති පූජාවක් වශයෙන් පුද කළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 තවද, රොටි සමඟ මුහුන් මිශ්‍ර රොටි ද තම පූජාවට එකතු කොට සහභාගිකමේ පූජාව සමඟ ස්තුති පූජාවක් වශයෙන් පුද කළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

13 පූප ඇතුළුව මුහුන් මුසු රොටිත් ඔහු තමාගේ පූජාවකොට තමාගේ ශාන්ති පූජාව සමඟ ස්තුති වශයෙන් ඔප්පුකළ යුතුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 7:13
7 හුවමාරු යොමු  

මුහුන් මුසු තුති පූජා ඔප්පුකර, ස්වේච්ඡා පූජා ගැන පුරසාරම් දොඩන්න. මන්ද, ඉශ්රායෙල් ජනයෙනි, මෙවැනි දේ කිරීමට නුඹලා බොහෝ සේ කැමැති ය”යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක.


එක් එක් පවුල, සිහින් පිටි කිලෝග්‍රෑම් දෙකක් ගෙන මුහුන් මිශ්‍ර කොට පුළුස්සන ලද පූප දෙක බැගින් පිළිගැන්වීමේ පිළිවෙත ඉටු කරනු පිණිස ගෙනා යුතු ය. ඒවා සමිඳාණන් වහන්සේට පුදන නාඹුල් පල වනු ඇත.


දෙවියන් වහන්සේ මවා ඇති සියල්ල ම යහපත් ය. ස්තුතිවන්ත ව පිළිගන්නවා නම්, කිසිවක් ප්‍රතික්ෂේප නොකළ යුතු ය.


උන් වහන්සේ තවත් උපමාවක් වදාරමින්, “ස්ත්‍රියක විසින් පිටි නැළි තුනක් සහමුලින් ම පිපෙන තුරු එහි දමන ලද මුහුන් පිඩකට ස්වර්ග රාජ්‍යය සමාන ය”යි කී සේක.


මේවා නාඹුල් පල පූජාවක් ලෙස සමිඳාණන් වහන්සේට පුද කළ හැකි වුව ද, එය සුමිහිරි සුවඳක් මෙන් නැඟීමට පූජාසනය මත නොදැවිය යුතු ය.


තවද, නුඹලා පූප සමඟ අවුරුද්දක් වයසැති බැටළු පැටවුන් හත් දෙනෙකු ද එක ගොන් වස්සෙකු ද එළුවන් දෙදෙනකු ද ඔප්පු කළ යුතු ය. ඒවා දවන යාග පූජාවක් ලෙස ධාන්‍ය පූජාව සහ පානීය පූජාව සමඟ සමිඳාණන් වහන්සේට පිදිය යුතු ය. මෙලෙස ගින්නෙන් දවා පුදන පූජාව උන් වහන්සේට සුමිහිරි සුවඳක් වනු ඇත.


ප්‍රීති ප්‍රමෝද ශබ්ද ද මනාල මනාලියන්ගේ ප්‍රිය තෙපුල් ද මාගේ දේව මාලිගාවට තුති පඬුරු රැගෙන එන ගායකයින්ගේ ගී හඬ ද ඇසෙන්නේ ය. ඔවුන් මෙසේ ගයනු ඇත; ‘සව් බලැති සමිඳුන්ට තුති පුදන්න; එතුමාණෝ යහපත් ය; එතුමන්ගේ පෙම සදාකාලික ය.’ කලින් තිබූ ලෙස මේ දේශය මම යළිත් සෞභාග්‍යවත් කරන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්