Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ලෙවී කථාව 6:12 - Sinhala New Revised Version 2018

12 පූජාසනය මත ගින්න නිවෙන්නට නොහැර එය දැල්වෙමින් ම තිබිය යුතු ය. දිනපතා උදය පූජකවරයා එය මත දර දල්වා, ඊට උඩින් පිළිවෙළට දවන යාග පූජාව තැබිය යුතු ය. ඔහු සහභාගිකමේ පූජාවට ගත් සතාගේ තෙල එහි දැවිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 පූජාසනය මත ගින්න නිවෙන්නට නොහැර එය දැල්වෙමින් ම තිබිය යුතු ය. දිනපතා උදය පූජකවරයා එය මත දර දල්වා, ඊට උඩින් පිළිවෙළට දවන යාග පූජාව තැබිය යුතු ය. ඔහු සහභාගිකමේ පූජාවට ගත් සතාගේ තෙල එහි දැවිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

12 පූජාසනය පිට ගින්න නොනිවී එහි දැල්වෙමින් තිබිය යුතුය; පූජකයාද හැම උදයම ඒ මතුයෙහි දර දවන්නේය. ඔහු ඊ පිට දවන පූජාව පිළිවෙළට තබා එහි ශාන්ති පූජාවල තෙල දවන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 6:12
14 හුවමාරු යොමු  

තවද, නියම කාලවලට දර, පඬුරු හා ප්‍රථම පල ද ගෙන ඊම පිළිබඳ විධිවිධාන සැලැසුවෙමි. “මාගේ දෙවියන් වහන්ස, මාගේ යහපත පිණිස මා සිහි කළ මැනව.”


ඉස්සරහ පැත්ත උතුරු දෙසට තිබෙන, කාමරය පූජාසනයේ සේවය පවත්වන පූජකයන්ටත් ය. ඔව්හු වනාහි සමිඳාණන් වහන්සේට සේවය කරන්න උන් වහන්සේ ළඟට යන්ටත් ය. ඔව්හු වනාහි සමිඳාණන් වහන්සේට සේවය කරන්න උන් වහන්සේ ළඟට පැමිණෙන ලෙවීගේ පුත්‍රයන්ගෙන් වූ ශාදොක්ගේ පුත්‍රයෝ ය”යි මට කී ය.


ඉන්පසු ඔහු තම වස්ත්‍ර ගලවා, වෙන වස්ත්‍ර ලාගෙන කඳවුරෙන් පිටත පවිත්‍ර ස්ථානයකට අළු ගෙන යා යුතු ය.


ගිනි ද පූජාසනය මත නිවෙන්නට නොහැර නිතර ම දැල්වෙමින් තිබිය යුතු ය.”


“ආරොන්ට සහ ඔහුගේ පුත්‍රයන්ට මෙසේ අණ කරන්න: දවන යාග පූජාව පිළිබඳ නීතිය මෙය වේ; දවන යාග පූජාව මුළු රාත්‍රියෙහි ම උදය දක්වා පූජාසනය මත ගින්න පිට දැවෙමින් තිබිය යුතු ය.


සමිඳාණන් වහන්සේ ඉදිරියෙන් ගින්නක් නික්ම පූජාසනය මත වූ දවන යාග පූජාව සහ තෙල දවා හැරියේ ය. මෙය දුටු සියලු සෙනඟ හඬ නඟා මුණින්තළා වැටුණා හ.


අපට ඇත්තේ විනිශ්චය ගැනත්, විරුද්ධවාදීන් දවාලන උදහස් ගින්න ගැනත් බියෙන් බලා සිටීම පමණකි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්