Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 27:3 - Sinhala New Revised Version 2018

3 “ඔහු අවුරුදු විස්සේ සිට හැට දක්වා වයසැති පිරිමියෙක් නම්, ගෙවිය යුතු මුදල ශුද්ධස්ථානයේ මිලය අනුව රිදී කාසි පණහකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 “ඔහු අවුරුදු විස්සේ සිට හැට දක්වා වයසැති පිරිමියෙක් නම්, ගෙවිය යුතු මුදල ශුද්ධස්ථානයේ මිලය අනුව රිදී කාසි පණහකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

3 විසි අවුරුද්ද පටන් සැට අවුරුද්ද දක්වා වයස් ඇති පුරුෂයෙක් ගැන නුඹේ නියමකිරීම ශුද්ධස්ථානයේ ෂෙකෙලේ හැටියට රිදී ෂෙකෙල් පනහක් වන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 27:3
10 හුවමාරු යොමු  

සංගණනයට ඇතුළු වෙන සෑම කෙනෙක් ම ශුද්ධස්ථානයේ මිල අනුව නියම මිල දිය යුතු ය. සමිඳාණන් වහන්සේ වන මට පුදන පඬුර එය විය යුතු ය.


මුදාගත යුතු වූවන්ට මසක් ගිය පසු නුඹ ඔවුන් මුදාගත යුතු ය. එසේ කිරීමේ දී නුඹේ නියමය හැටියට ශුද්ධස්ථානයේ මිල අනුව, රිදී කාසි පහක් ගෙවිය යුතු ය. රිදී කාසියක් නම් ගේරා විස්සකි.


“සියලු තක්සේරු ගිණිය යුත්තේ ශුද්ධස්ථානයේ මිලය අනුව ය. ගෙරා විස්සක් රිදී කාසි එකකි.


ජෙහෝවාෂ් පූජකයන්ට කතා කොට, “සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ගෙනෙ‍න ලද කැප කළ දේවල මිල සියල්ල ද එනම්, එක් එක්කෙනා ගෙවිය යුතු මුදල් ද එක් එක්කෙනා තම තමාගේ කැමැත්තෙන් සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ගෙනෙ‍න යාග පූජා මුදල් ද,


නුඹ ලියාපදිංචි කළ ඒ එක් එක්කෙනා වෙනුවට ශුද්ධස්ථානයේ සම්මත රිදී කාසි මිල අනුව රිදී කාසි පහ බැගින් අය කළ යුතු ය. රිදී කාසි එකක් ගේරා විස්සකට සමාන වේ.


“යම් මිනිසෙකු සමිඳාණන් වහන්සේට තම නිවාසය කැප කළ විට, පූජකවරයා ද එහි හොඳ නරක තත්ත්වයේ හැටියට එහි මිල තක්සේරු කළ යුතු ය. පූජකවරයාගේ තක්සේරුව අවසාන තීරණය වනු ඇත.


ඔහු, සමිඳාණන් වහන්සේට වන්දි ගෙවීමේ පූජාව වශයෙන්, රැළෙන් නොකැළැල් බැටළුවෙකු ද පූජකවරයා වෙත ගෙනා යුතු ය. ඌ තක්සේරු කළ යුත්තේ ගෙවිය යුතු වන්දිය අනුව ය.


“යමෙකු සමිඳාණන් වහන්සේට දිය යුතු ශුද්ධ දේවල් නොදී, නොදැනුවත්ව වැරැද්දක් කළොත්, ඒ වැරැද්ද වෙනුවට ඔහු සමිඳාණන් වහන්සේ වෙත රැළෙන් නොකැළැල් බැටළුවෙකු ගෙනා යුතු ය. වන්දි ගෙවීමේ පූජාවක් සඳහා ඌ තක්සේරු කළ යුත්තේ, ශුද්ධස්ථානයේ වලංගු කාසි අනුව රිදී කාසි මිලට එකඟ ව ය; මෙය වන්දි ගෙවීමේ පූජාවකි.


ස්ත්‍රියක් නම්, ගෙවිය යුතු මුදල රිදී කාසි තිහක් වේ.


සමිඳාණන් වහන්සේට කැප කළ, ශුද්ධස්ථානයේ කර්මාන්ත සියල්ලට භාවිතා කළ රත්රන්වල ප්‍රමාණය, කිලෝග්‍රෑම් දාහක් හා ශුද්ධස්ථානයේ කිරුම් බර අනුව කිලෝග්‍රෑම් තුන්දාස් හාරසිය තිහක් ද විය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්