Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 27:21 - Sinhala New Revised Version 2018

21 එවිට ඊළඟ ජුබිලි වර්ෂයේ දී එය සමිඳාණන් වහන්සේට කැප කළ ඉඩමක් ලෙස ශුද්ධ භූමියක් වනු ඇත. එය පූජකවරයාට හිමි වේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

21 එවිට ඊළඟ ජුබිලි වර්ෂයේ දී එය සමිඳාණන් වහන්සේට කැප කළ ඉඩමක් ලෙස ශුද්ධ භූමියක් වනු ඇත. එය පූජකවරයාට හිමි වේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

21 ඒ බිම ජුබිලි වර්ෂයේදී නිදහස් වෙන විට තීන්දුවටම කැපවූ බිමක් මෙන් ස්වාමීන්වහන්සේට ශුද්ධවන්නේය; ඒකේ අයිතිය පූජකයාට වන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 27:21
11 හුවමාරු යොමු  

ඉශ්රායෙලයේ කවරෙකුට වුව ද නුඹලා උරුමයක් නොවන්නහු ය. ඔවුන්ගේ උරුමය මම වෙමි. ඔවුන්ට ආහාර පූජාව ද පාප පූජාව ද අපරාධ පූජාව ද කන්න අවසර ඇත. ඉශ්රායෙල්වරුන් අතරෙහි කැප වූ සියල්ල ම ඔවුන්ට වන්නේ ය.


“ඉශ්රායෙල් ජනයා අතර කැප වූ සෑම දෙයක් ම නුඹට අයිති වේ.


එහෙත්, පවුරුවලින් වට නො වූ ග්‍රාමවල ඇති නිවාස නම්, කෙත්වතු සමඟ ගණන් ගත යුතු වේ. මුදල් ගෙවා ඒවා ආපසු ගත හැක, ජුබිලි වර්ෂයේ දී ඒවායේ අයිතිය මාරු වනු ඇත.


එහෙත්, ඔහුට මිල දී ගන්නට නොහැකි නම්, එය ජුබිලි වර්ෂය වන තෙක් ඊට මුදල් ගෙවූ තැනැත්තාට අයිති ය. ජුබිලි වර්ෂයේ දී නැවත එය පළමු අයිතිකාරයා සතු වන්නේ ය.


මෙලෙස නුඹලා පනස් වන අවුරුද්ද වෙන් කොට මුළු දේශය පුරා එහි සිටින සියල්ලන්ට නිදහස දීම ගැන ප්‍රකාශයක් කළ යුතු ය. එම අවුරුද්ද ජුබිලියක් නිසා එකිනෙකා තම තමාගේ උරුමයටත් තම තමාගේ පෙළපතටත් නැවත පැමිණිය යුතු ය.


තවද, අධිපතීන්ගේ ද ප්‍රජා මූලිකයන්ගේ ද නියමය අනුව තුන් දවසක් ඇතුළත දී යමෙකු නොපැමිණියොත්, ඔහුගේ සියලු දේපළ පවරා ගනු ලබන බවත්, විප්‍රවාසයෙන් මිදී ආපසු පැමිණි අයගේ සමාගමෙන් ඔහු නෙරපනු ලබන බවත් පළ කරන ලදී.


නුවර හා එහි ඇති සියල්ල සමිඳාණන් වහන්සේ උදෙසා සහමුලින් ම විනාශයට නියම වන්නේ ය. රාහාබ් නම් වේශ්‍යා ස්ත්‍රිය, අප යැවූ පණිවුඩකාරයන් සඟවා තැබූ බැවින් ඈ ද ඈ සමඟ ගෙදර සිටින සියල්ලෝ ද පමණක් විනාශ නොවන්නෝ ය.


විනාශයට කැප කළ දෙයින් කිසිවක් ඔබ අත ඉතිරි කර නොගත යුතු ය. එවිට සමිඳාණන් වහන්සේ ඔබේ පියවරුන්ට දිවුරා පොරොන්දු වූ ලෙස සිය දැඩි කෝපය සන්සිඳුවාගෙන ඔබ වෙත දයානුකම්පාව දක්වා උන් වහන්සේ ඔබ ගණනින් වර්ධනය කරන සේක.


එය නිදහස් කර නොගෙන, ඔහු යමෙකුට එය විකුණුවහොත්, එය ආපසු නිදහස් කරගැනීමට නොහැකි වනු ඇත.


“යමෙකු තමන්ට ප්‍රවේණියෙන් අයිති නො වූ ඉඩමක් මිලයට ගෙන එය සමිඳාණන් වහන්සේට කැප කළොත්,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්