Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 26:8 - Sinhala New Revised Version 2018

8 නුඹලාගෙන් පස්දෙනෙක් සියදෙනෙකු ද සියදෙනෙක් දසදහසක් ද ලුහුබැඳ යන්නෝ ය. නුඹලා ඉදිරියෙහි ඔව්හු කඩුවෙන් පහර ලැබ වැටෙන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 නුඹලාගෙන් පස්දෙනෙක් සියදෙනකු ද සියදනෙක් දසදහසක් ද ලුහුබැඳ යන්නෝ ය. නුඹලා ඉදිරියෙහි ඔව්හු කඩුවෙන් පහර ලැබ වැටෙන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

8 නුඹලාගෙන් පස්දෙනෙක් සියදෙනෙක්ද නුඹලාගෙන් සියදෙනෙක් දසදහසක්ද එළවනවා ඇත. එසේ නුඹලාගේ සතුරෝ නුඹලා හමුවෙහි කඩුවෙන් වැටෙන්නෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 26:8
15 හුවමාරු යොමු  

ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට පොරොන්දු වූ පරිදි ඔබ උදෙසා යුද්ධ කරන්නේ උන් වහන්සේ ය; එබැවින් ඔබෙන් එක් කෙනෙක් දහසක්දෙනා පන්නා දමන්නේ ය.


“ඔබට විරුද්ධ ව නැඟිටින ඔබේ සතුරන්, ඔබ ඉදිරියෙහි පරාජය වීමට සමිඳාණන් වහන්සේ සලසන සේක. ඔව්හු ඔබට විරුද්ධ ව එක මඟකින් අවුත් හත් මඟකින් ඔබෙන් පලා යන්නෝ ය.


ඔවුන්ගේ පර්වතයාණෝ, ඔවුන් නොවික්ක සේක් නම්, සමිඳාණෝ, ඔවුන් පාවා නුදුන් සේක් නම්, එක් කෙනෙක් දහසක් ද දෙන්නෙක් දස දහසක් ද පලවා හරින්නේ කෙසේ ද?


ජෝවාබ්ගේ සහෝදර වූ අබිෂයි තිස්දෙනාගෙන් ප්‍රධානියා ව සිටියේ ය. ඔහු තමාගේ හෙල්ලය තුන්සියදෙනෙකුට විරුද්ධ ව ඔසවා, ඔවුන් මරා, තිස්දෙනා අතරේ කීර්තිය ලැබී ය.


සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පමණක් කැරලි නොගසන්න. ඒ රට වාසීන්ට ද බිය නොවන්න. මන්ද, අපි ඔවුන් ගොදුරු කොට ගන්නෙමු. සමිඳාණන් වහන්සේ අප සමඟ වන බැවින් ඔවුන්ට අරක්ගත් දෙවිවරුන් ඔවුන්ගෙන් ඉවත ගොස් ඇත. ඔවුන්ට බිය නොවැන්නැ”යි කීවෝ ය.


දාවිත්ට සිටි බලවන්තයන්ගේ නාමාවලිය මේ ය: හක්මෝනි ජාතිකයෙකුගේ පුත්‍රයා වන තිස්දෙනාගෙන් ප්‍රධානියා වූ ජාෂොබෙයාම් ය. ඔහු එක් වතාවක දී තුන්සියදෙනෙකුට විරුද්ධ ව තමාගේ හෙල්ලය ඔසවා ඔවුන් මැරී ය.


නුඹලා ද සතුරන් පන්නාදමන්නහු ය. නුඹලා ඉදිරියෙහි ඔව්හු කඩුවෙන් පහර ලැබ වැටෙන්නෝ ය.


ඔහු කොටළුවෙකුගේ අලුත් හකු ඇටයක් දැක අත දිගු කොට එය ගෙන, එයින් මිනිසුන් දහස්දෙනෙකු මැරී ය.


ඒ කාලයෙහි සමිඳාණන් වහන්සේ ජෙරුසලමේ වැසියන් ආරක්ෂා කරන සේක: ඔවුන් අතරෙහි සිටින දුබලයා පවා දාවිත් මෙන් ප්‍රබල වන්නේ ය. දාවිත්ගේ වංශය ද දෙවියන් වහන්සේ මෙන් ද සමිඳාණන් වහන්සේගේ දූතයා මෙන් ද ඔවුන්ට මඟ පෙන්වන්නේ ය.


එක එක ගෝත්‍රයෙන් දහස බැගින්, ඉශ්රායෙල්හි සියලු ම ගෝත්‍රවලින් සෙනඟ යා යුතු ය”යි කී ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්