Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 2:11 - Sinhala New Revised Version 2018

11 “සමිඳාණන් වහන්සේ වෙත ගෙනෙන කිසි ම ධාන්‍ය පූජාවක් මුහුන් දමා නොසෑදිය යුතු ය. නුඹ සමිඳාණන් වහන්සේට ගින්නෙන් දවා පුදන කිසි ම පූජාවක මුහුන් හෝ මී පැණි හෝ නොදැමිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 “සමිඳාණන් වහන්සේ වෙත ගෙනෙන කිසි ම ධාන්‍ය පූජාවක් මුහුන් දමා නොසෑදිය යුතු ය. නුඹ සමිඳාණන් වහන්සේට ගින්නෙන් දවා පුදන කිසි ම පූජාවක මුහුන් හෝ මී පැණි හෝ නොදැමිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

11 නුඹලා ස්වාමීන්වහන්සේට ඔප්පුකරන කිසි ආහාර පූජාවක් මුහුන් මිශ්‍රකොට නොසෑදිය යුතුය. මක්නිසාද ස්වාමීන්වහන්සේට ගින්නෙන් කළ පූජාවක් වශයෙන් මුහුන්වත් මීපැණිවත් නොදැවිය යුතුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 2:11
19 හුවමාරු යොමු  

මුහුන් ටිකකින් මුළු පිටි පිඩ පිපේ.


ඒ අතරතුරේ දී ඔවුනොවුන් පෑගෙන තරමට දහස් ගණන් සමූහයක් රැස් ව සිටිය දී, උන් වහන්සේ පළමුකොට සිය ශ්‍රාවකයන්ට මෙ‍සේ වදාරන්න පටන්ගත් සේක: “පරිසිවරුන්ගේ කුහකකම නමැති මුහුන්වලින් පරෙස්සම් වන්න.


“නුඹ මට පූජා කරන යාග පූජාවේ ලේ, මුහුන් පූප සමඟ ඔප්පු නොකළ යුතුයි. තවද, මට පූජා කරන යාග පූජාවේ තෙල ද උදය දක්වා ඉතිරි නොකළ යුතු ය.


එවිට මේ ජීවිතයේ ඉතිරි කාලයේ තවදුරටත් මනුෂ්‍ය තෘෂ්ණා අනුව නොව, දේව කැමැත්ත ලෙස ඔහුට ජීවත් විය හැකි ය.


“ඒ දවස මලපතක් මෙ‍න් හදිසියෙන් ඔබ අසුකර නොගන්නා පිණිස කම්සැපෙන් ද බීමත්කමෙන් ද මේ ජීවිතයේ කරදරවලින් ද ඔබේ සිත් නොවෙහෙසෙන හැටියට බලාගන්න.


උන් වහන්සේ කතා කොට, “සිහි කල්පනාවෙන් යුතුව, පරිසිවරුන්ගේ මුහුන්වලින් ද හෙරොද්ගේ මුහුන්වලින් ද පරෙස්සම් වන්නැ”යි ඔවුන්ට අණ කළ සේක.


මී පැණි ගොඩක් බීම හොඳ නැත; තම ගෞරවය ම වැඩියෙන් සෙවීම ද හොඳ නැත.


මී පැණි ලදහොත් තරමට පමණක් කන්න; වැඩියෙන් කෑවොත් වමනය ඇති වේ.


මාගේ පුත්‍රය, මී පැණි ඇඟට ගුණ ය; කටට රස ය; එය පානය කරන්න.


“අප බොහෝ දුක් විඳිමින් දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළුවන්නට ඕනෑ ය”යි කියා ශ්‍රාවකයන් ධෛර්යවත් කර, ඇදහිල්ලේ ස්ථීර ව පවතින්නට ඔවුනට අවවාද කළහ.


ජේසුස් වහන්සේ ඔවුන්ට කතා කොට, “පරිසිවරුන්ගේ ද සද්දුසිවරුන්ගේ ද මුහුන්වලින් පරෙස්සම් වන්නැ”යි වදාළ සේක.


“නුඹ මට පුද කරන යාගයේ ලෙය මුහුන් සමඟ ඔප්පු නොකළ යුතු ය. තවද පාස්කු මංගල්‍යයේ යාගය ද උදය දක්වා නොතැබිය යුතු ය.


ඉන්පසු නුඹ ඔවුන්ගේ අත්වලින් ඒවා ගෙන පූජාසනයේ දවන යාග පූජාවක් මත සමිඳාණන් වහන්සේ වන මට සුවඳැති පූජාවක් මෙන් එය පිළිස්සිය යුතු ය. එය සමිඳාණන් වහන්සේ වන මා වෙත නඟින ගින්නෙන් දැවූ පූජාවකි.


උගේ අතුණු ද කකුල් ද වතුරෙන් සෝදා, පූජකවරයා ඒ සියල්ල ගෙන පූජාසනය මත දැවිය යුතු ය. ගින්නේ දවා පුදන ලද මේ දවන යාග පූජාව සමිඳාණන් වහන්සේ වෙත නඟින සුමිහිරි සුවඳක් වනු ඇත.


පූජකවරයා හණ පිළි කබාය හැඳගෙන, හණ කලිසමින් තම සිරුර වසාගෙන පූජාසනය මත ගින්නෙන් දවන ලද දවන යාග පූජාවේ අළු ගෙන පූජාසනයේ පැත්තකින් දැමිය යුතු ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්