Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ලෙවී කථාව 19:21 - Sinhala New Revised Version 2018

21 ඔහු සම්මුඛ මණ්ඩපයේ දොරකඩ සමිඳාණන් වහන්සේ වෙත වන්දි ගෙවීමේ පූජාව වශයෙන් බැටළුවෙකු ගෙනා යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

21 ඔහු සම්මුඛ මණ්ඩපයේ දොරකඩ සමිඳාණන් වහන්සේ වෙත වන්දි ගෙවීමේ පූජාව වශයෙන් බැටළුවෙකු ගෙනා යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

21 ඔහු තමාගේ අපරාධ පූජාවට බැටළුවෙකු සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟට අපරාධ පූජාවක් පිණිස ස්වාමීන්වහන්සේ වෙතට ගෙනා යුතුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 19:21
6 හුවමාරු යොමු  

පූජකවරයා ඒ තැනැත්තා කළ පාපය උදෙසා සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි වන්දි ගෙවීමේ පූජාවේ බැටළුවා ඔප්පු කරමින් ඔහු උදෙසා පව් කමාවේ පිළිවෙත ඉටු කළ යුතු ය. එවිට ඔහු කළ පාපය ඔහුට කමා කරනු ලැබේ.


“යමෙකු සමිඳාණන් වහන්සේට දිය යුතු ශුද්ධ දේවල් නොදී, නොදැනුවත්ව වැරැද්දක් කළොත්, ඒ වැරැද්ද වෙනුවට ඔහු සමිඳාණන් වහන්සේ වෙත රැළෙන් නොකැළැල් බැටළුවෙකු ගෙනා යුතු ය. වන්දි ගෙවීමේ පූජාවක් සඳහා ඌ තක්සේරු කළ යුත්තේ, ශුද්ධස්ථානයේ වලංගු කාසි අනුව රිදී කාසි මිලට එකඟ ව ය; මෙය වන්දි ගෙවීමේ පූජාවකි.


“එළු පැටවියක හෝ බැටළු පැටවියක හෝ ගෙනෙන්නට ඔහුට වත්කම නැත්නම්, ඔහු තමා කළ පාපයට වන්දි ගෙවීමේ පූජාවක් වශයෙන් සමිඳාණන් වහන්සේ වෙත කොබෙයියන් දෙදෙනෙකු හෝ පරෙවි පැටවුන් දෙදෙනෙකු හෝ ගෙනා යුතු ය. එකෙක් පාප පූජාවක් වශයෙනි, අනිකා දවන යාග පූජාවක් වශයෙනි.


සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක:


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්