Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ලෙවී කථාව 18:16 - Sinhala New Revised Version 2018

16 නුඹේ සහෝදරයාගේ බිරිඳගේ නිරුවත අනාවරණය නොකළ යුතු ය. එය ඔහුට කරන නින්දාවකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 නුඹේ සහෝදරයාගේ බිරිඳගේ නිරුවත අනාවරණය නොකළ යුතු ය. එය ඔහුට කරන නින්දාවකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

16 නුඹේ සහෝදරයාගේ භාර්යාවගේ නග්නභාවය නොහරින්න. එය නුඹේ සහෝදරයාගේ නග්නභාවය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 18:16
7 හුවමාරු යොමු  

යම් මිනිසෙකු තම සහෝදරයාගේ බිරිඳ සරණ පාවාගතහොත් එය අපිරිසිදු ක්‍රියාවකි. එවැන්නක් ඔහු තම සහෝදරයාට කරන නින්දාවකි. ඔවුන් දෙදෙනා ම දරුවන් නොලැබ මැරෙනු ඇත.


“ගුරුදේවයෙනි, ‘යමෙකු දරුවන් නොලැබ මියගියොත්, ඔහුගේ සහෝදරයා ඒ තැනැත්තාගේ භාර්යාව පාවාගෙන, සිය සහෝදරයා නමට දරුවන් ඉපදවිය යුතු ය’යි මෝසෙස් කියා ඇත.


“ගුරුදේවයෙනි, යමෙකුගේ සහෝදරයෙක් දරුවෙකු නොලැබ, සිය භාර්යාව ජීවත් ව සිටිය දී මියගියොත්, ඔහුගේ සහෝදරයා ඒ ස්ත්‍රිය පාවාගෙන සිය සහෝදරයාගේ නමට දරුවන් ඉපදවිය යුතු ය යි මෝසෙස් විසින් අපට අණ දී තිබේ.


හෙරොද් සිය සොහොයුරා වන පිලිප්ගේ භාර්යාව වූ හෙරෝදියස් සරණ පාවාගත් බැවින්, ඇය නිසා මිනිසුන් යවා ජොහන් අල්ලා බැඳ හිර අඩස්සි කෙළේ ය.


එහෙත්, හෙරොද් යුවරජු සිය සොහොයුරාගේ බිරිඳ වූ හෙරොදියස් විවාහ කරගත් නිසා ද ඔහු කළ සියලු දුෂ්ටකම් නිසා ද ජොහන් ඔහුට තරවටු කෙළේ ය.


“එකට වාසය කරන සහෝදරයන් අතරෙන් එක් කෙනෙකු පුතෙකු නැතුව මළොත්, මියගිය තැනැත්තාගේ බිරිඳ, පිට පවුලක කෙනෙකු සමඟ විවාහ නොවිය යුතු ය. ඇගේ සැමියාගේ සහෝදරයා ඇය සරණ පාවාගෙන, ඇය වෙත පිවිස, සැමියාගේ සහෝදරයෙකු විසින් ඈ කෙරෙහි කළ යුතු යුතුකම ඔහු ඉටු කළ යුතු ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්