Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 17:13 - Sinhala New Revised Version 2018

13 ‘ඉශ්රායෙල් ජනයා අතර යමෙක් වේවා, ඔබ අතර වසන විදේශිකයෙක් වේවා, කෑමට අවසර ඇති මෘගයෙකු හෝ පක්ෂියෙකු හෝ දඩයම් කර අල්ලා ගතහොත්, උගේ ලේ ගලා යන්නට හැර, එය පස්වලින් වසාදැමිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 ‘ඉශ්රායෙල් ජනයා අතර යමෙක් වේවා, ඔබ අතර වසන විදේශිකයෙක් වේවා, කෑමට අවසර ඇති මෘගයෙකු හෝ පක්ෂියෙකු හෝ දඩයම් කර අල්ලා ගතහොත්, උගේ ලේ ගලා යන්නට හැර, එය පස්වලින් වසාදැමිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

13 ඉශ්‍රායෙල් පුත්‍රයන්ගෙන්වත් ඔවුන් අතරේ වසන විදේශීන්ගෙන්වත් කිසිවෙක් කෑමට ගන්නාවූ මෘගයෙක් හෝ පක්ෂියෙක් හෝ දඩයම් කරගත්තොත් ඔහු උගේ ලේ වගුරුවා එය පස්වලින් වසා දැමිය යුතුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 17:13
9 හුවමාරු යොමු  

එහෙත්, ඔබ සතුන්ගේ ලේ කෑමට ගත යුතු නොවේ. බිම වතුර වත් කරන්නාක් මෙන් එය බිමට වත් කළ යුතු ය.


කුමක් නිසා ද, වගුළ ලේ තවමත් නගරයෙහි ම ඇත. ඈ ඒ ලේ පස්වලින් වැසී යන්න පොළොව පිට නොවගුරුවා පස් නැති පර්වත උඩ වැගිරෙව්වා ය.


එහෙත් උගේ ලේ නොගත යුතු ය. වතුර වත් කරන්නාක් මෙන් උගේ ලේ බිමට වත් කළ යුතු ය.”


එය අනුභව නොකර වතුර මෙන් බිම වත් කළ යුතු ය.


නුඹ වසන කිසිම තැනක පක්ෂියෙකුගේ වේවා, මෘගයෙකුගේ වේවා ලේ කෑමට නොගත යුතු ය.


එම්බා මිහිකත! මට කර ඇති අපරාධ පස් යට නොසඟවන්න. මාගේ අඳෝනාව අවසන් නො වේ වා!


ඉශ්රායෙල්ගේ ජනයා අතර යමෙකුට වේවා, ඔවුන් අතර වසන විදේශිකයෙකුට වේවා, ලේ කෑමට ගැනීම මා තහනම් කර ඇත්තේ ඒ නිසා ය.


වෙසඟනක පතන්නේ පාන් ගෙඩියක මිල පමණකි; පර අඹුවක සොයන්නේ මුළු ජීවිතයකි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්