Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ලෙවී කථාව 16:33 - Sinhala New Revised Version 2018

33 මෙසේ ඔහු අතිශුද්ධස්ථානය, සම්මුඛ මණ්ඩපය සහ පූජාසනය පිළිබඳ පව් කමා කිරීමේ පිළිවෙත ද පූජකවරුන් හා මුළු සෙනඟගේ පව් කමා කිරීමේ පිළිවෙත ද ඉටු කළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

33 මෙසේ ඔහු අතිශුද්ධස්ථානය, සම්මුඛ මණ්ඩපය සහ පූජාසනය පිළිබඳ පව් කමා කිරීමේ පිළිවෙත ද පූජකවරුන් හා මුළු සෙනඟගේ පව් කමා කිරීමේ පිළිවෙත ද ඉටු කළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

33 අති ශුද්ධස්ථානය උදෙසා සමගිකමක් කළ යුතුය, සම්මුඛවීමේ කූඩාරමද පූජාසනයද පූජකයින්ද සභාවේ සියලු සෙනඟද උදෙසාත් සමගිකමක් කළ යුතුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 16:33
8 හුවමාරු යොමු  

“මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: පළමු වන මාසයේ පළමු වන දා කැළලක් නැති ගොන් වස්සෙකු රැගෙන ශුද්ධස්ථානයේ දෝෂ පහකරන්න.


“ඉන්පසු ආරොන් තමා උදෙසා පුදන පාප පූජාවේ ගොන් වස්සා ගෙන තමා උදෙසා ද ගෙදර වැසියන් උදෙසා ද පව් කමාවේ පිළිවෙත ඉටු කර ඌ මැරිය යුතු ය.


මෙසේ ඔහු ඉශ්රායෙල් ජනයාගේ අපවිත්‍රකම් හා ඔවුන්ගේ පාප අපරාධයන් නිසා කළ යුතු ව ඇති ශුද්ධස්ථානයෙහි පව් කමා කිරීමේ පිළිවෙත ඉටු කළ යුතු ය. තවද, ඔවුන්ගේ අපවිත්‍රකම් මධ්‍යයේ පිහිටා ඇති සම්මුඛ මණ්ඩපයට ද ඔහු එලෙස කළ යුතු ය.


මෙසේ තමා ශුද්ධස්ථානයෙහි ම ජලස්නානය කොට, තමාගේ ඇඳුම් ලාගෙන, පිටතට අවුත් තමා උදෙසා ද සෙනඟ උදෙසා ද තමාගේ දවන යාග පූජාවත්, සෙනඟගේ දවන යාග පූජාවත් පව් කමා කිරීමක් වශයෙන් ඔප්පු කළ යුතු ය.


ආරොන් තමා උදෙසා පුදන පාප පූජාවේ ගොන් වස්සා ඔප්පු කොට, තමා උදෙසාත්, තමාගේ ගෘහයේ වැසියන් උදෙසාත් පව් කමා කිරීමේ පිළිවෙත ඉටු කළ යුතු ය.


එදින කිසි ම වැඩක් නොකළ යුතු ය. එදින නුඹලා දෙවි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි නුඹලා උදෙසා පව් කමා කිරීමේ පිළිවෙත ඉටු කරන දිනයකි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්