Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 16:23 - Sinhala New Revised Version 2018

23 “ඉන්පසු ආරොන් සම්මුඛ මණ්ඩපයට ඇතුළු වී ශුද්ධස්ථානයට යන විට, ලාගෙන සිටි හණ වස්ත්‍ර ලිහා ඒවා එහි තැබිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

23 “ඉන්පසු ආරොන් සම්මුඛ මණ්ඩපයට ඇතුළු වී ශුද්ධස්ථානයට යන විට, ලාගෙන සිටි හණ වස්ත්‍ර ලිහා ඒවා එහි තැබිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

23 එවිට ආරොන් සම්මුඛවීමේ කූඩාරමට ඇතුල්ව තමා ශුද්ධස්ථානයට ඇතුල්වෙන විට හැඳගන සිටි හණ වස්ත්‍ර ගළවා එහි තබා,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 16:23
8 හුවමාරු යොමු  

ඔවුන් පිට මළුවට එනම්, පිට මළුවේ සෙනඟ ළඟට යන කල, ඔවුන් සේවය කරන්නට අඳින තමන්ගේ වස්ත්‍ර ගලවා, ඒවා ශුද්ධස්ථානයේ කාමරවල තබා, තමන්ගේ ශුද්ධ වස්ත්‍රවලින් සෙනඟට නපුරක් නොවන ලෙස වෙන වස්ත්‍ර ඇඳගනිත් වා.


පූජකයන් එහි ඇතුළු වුණා ම ඔව්හු ශුද්ධස්ථානයෙන් පිට මළුවට නොයන්නෝ ය. සේවය කිරීමට ඔවුන් අඳින වස්ත්‍ර ද එහි තබන්නෝ ය. මන්ද, ඒවා ශුද්ධ ය. ඔව්හු වෙන වස්ත්‍ර හැඳගෙන සෙනඟට නියමිත තැන්වලට පැමිණෙන්නෝ ය”යි කී ය.


මිනිස් දුර්වලතා නිසා, ව්‍යවස්ථාවට ඉටු කළ නොහැකි දෙය දෙවියන් වහන්සේ ඉටු කළ සේක. එසේ කෙළේ, පාපයේ බලය බිඳින පිණිස, ස්වකීය පුත්‍රයාණන්ට අපේ පාපී වූ මිනිස් කයට සමාන කයක් දී එවමින්, ඒ මිනිස් කයේ සිටිය දී දෙවියන් වහන්සේ විසින් පාපයට විරුද්ධ ව තීන්දුව දීමෙනි.


“ඔහු පූජක හණ කබාය හැඳ, හණ කලිසම් ලාගෙන, හණ පටිය ඉණ වටා බැඳ, හණ මකුටයෙන් සැරසී සිටිය යුතු ය. මේවා ශුද්ධ වස්ත්‍ර වන බැවින්, ඒවා ලාගත යුත්තේ ජලස්නානය කළ පසුව ය.


බොහෝ දෙනෙකුගේ පව් දුරු කරන පිණිස එක ම වරක් ක්‍රිස්තුන් වහන්සේ දිවි පිදූ සේක. තවද, පාපය දුරු කරන පිණිස නොව, උන් වහන්සේගේ ආගමනය බලා සිටින්නන්ට ගැළවීම දෙන පිණිස, උන් වහන්සේ දෙ වන වර ප්‍රකාශ වන සේක.


එළුවාට ද ඔවුන්ගේ සියලු දුෂ්ටකම් දරාගෙන, ජන වාසයක් නැති පාළුකරයට යන්නට හැරිය යුතු ය.


ඉන්පසු ඔහු තම වස්ත්‍ර ගලවා, වෙන වස්ත්‍ර ලාගෙන කඳවුරෙන් පිටත පවිත්‍ර ස්ථානයකට අළු ගෙන යා යුතු ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්