Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 15:27 - Sinhala New Revised Version 2018

27 යමෙක් ඒ බඩු භාණ්ඩ ස්පර්ශ කරන්නේ ද ඔහු තම ඇඳුම් සෝදාගෙන ජලස්නානය කළ යුතු ය. ඔහු සවස දක්වා අපවිත්‍ර වනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

27 යමෙක් ඒ බඩු භාණ්ඩ ස්පර්ශ කරන්නේ ද ඔහු තම ඇඳුම් සෝදාගෙන ජලස්නානය කළ යුතු ය. ඔහු සවස දක්වා අපවිත්‍ර වනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

27 එහි ස්පර්ශවන තැනැත්තේ අපවිත්‍රව සිටින්නේය, ඔහු තමාගේ වස්ත්‍ර සෝදාගෙන වතුර නාගත යුතුය, සවස දක්වාද ඔහු අපවිත්‍රව සිටින්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 15:27
15 හුවමාරු යොමු  

එහෙත් උන් වහන්සේ ආලෝකයෙහි සිටින සේ ම අපිත් ආලෝකයෙහි හැසිරෙමු නම්, එකිනෙකා සමඟ සහභාගිකම අපට ඇත. එවිට උන් වහන්සේගේ පුත්‍රයාණන් වන ජේසුස් වහන්සේගේ ලේ සියලු පව්වලින් අප පවිත්‍ර කරන්නේ ය.


එබැවින් අපි නපුරු හෘදය සාක්ෂියකින් පවිත්‍ර කරනු ලැබූ සිත් ද, පිරිසිදු වතුරෙන් ධෝවනය කළ ශරීර ද ඇති ව අවංක සිතක් හා ඒකාන්ත ඇදහීමේ සහතිකය ද ඇති ව, දෙවියන් වහන්සේ වෙත ළඟා වෙමු.


එසේ නම්, ජීවමාන දෙවියන් වහන්සේට සේවය කරන පිණිස ඔබගේ හෘදය සාක්ෂිය නිෂ්ඵල ක්‍රියාවලින් පිරිසිදු කරනු ලැබීම, සදාතන ආත්මයාණන් මඟින් තමන් ම කැළලක් නැති ව දෙවියන් වහන්සේට පූජා වූ, ක්‍රිස්තුන් වහන්සේගේ ලේ කරණකොටගෙන, ඊටත් ඉතා වැඩියෙන් පිරිසිදු නොවන්නේ ද?


සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ඒ කාලයේ දී පාපය හා රූප වන්දනාවෙන් දාවිත්ගේ ගෝත්‍රය ද ජෙරුසලමේ වැසියන් ද පවිත්‍ර කරන පිණිස උල්පතක් ඇරෙන්නේ ය.


මම නුඹලාගේ සියලු අපවිත්‍රකම්වලින් නුඹලා ගළවන්නෙමි. නුඹලා පිට සාගතය නොපමුණුවා, බහුල ව ධාන්‍ය උපදවා දී ඒවා වැඩි කරන්නෙමි.


නුඹලා පිරිසිදු වන ලෙස මම නුඹලා කෙරෙහි පිරිසිදු දිය ඉසින්නෙමි. නුඹලාගේ සියලු අපවිත්‍රකම්වලින් ද නුඹලාගේ සියලු දේවරූපවලින් ද නුඹලා පිරිසිදු කරන්නෙමි.”


යමෙකු ඇගේ යහන ස්පර්ශ කළොත්, ඔහු තම ඇඳුම් සෝදාගෙන ජලස්නානය කළ යුතු වේ. ඔහු සවස දක්වා අපවිත්‍ර වනු ඇත.


“අධික මෝචනය ඇති කෙනෙකු ඉන් සුව වූ විට, හත් දිනක් ගත වූ පසු ඔහු තම ඇඳුම් සෝදාගෙන, ගලා බසින පිරිසිදු වතුරෙන් ස්නානය කළ විට පවිත්‍ර වනු ඇත.


ඒ මුළු කාලය තුළ ම, ඈ සයනය කරන සෑම යහනක් ම, වාඩි වන සෑම අසුනක් ම, ඇගේ ඔසප් වීමේ කාලය තුළ දී මෙන් අපවිත්‍ර වනු ඇත.


එහෙත්, ඇගේ ඒ ලේ ගලා යාම සුව වී හත් දිනකට පසු, ඈ පවිත්‍ර වනු ඇත.


“පහත දක්වන සතුන් නිසා නුඹලා අපවිත්‍ර වන්නහු ය; උන්ගේ මළකුණු ස්පර්ශ කරන කවරෙක් නමුත්, ඔහු සවස දක්වා අපවිත්‍ර වේ.


අපවිත්‍ර යමෙක් යමක් ස්පර්ශ කරයි ද, ඒ දේ අපවිත්‍ර වනු ඇත. ඒ දේ ස්පර්ශ කරන තැනැත්තා ද සවස දක්වා අපවිත්‍ර යයි සැලකිය යුතු ය.’ ”


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්