Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 14:21 - Sinhala New Revised Version 2018

21 යමෙකුගේ දිළිඳුකම නිසා වඩා යමක් ගෙනෙන්නට ඔහුට නොහැකි නම්, ඔහු පූජකවරයා වෙත ගෙන ආ යුතු ඒ වන්දි ගෙවීමේ පූජාව සඳහා එක බැටළු වස්සෙකු හා ධාන්‍ය පූජාව සඳහා තෙල් මිශ්‍ර සිහින් පිටිවලින් කිලෝග්‍රෑම් එකක් ඇතුළු තව තෙල් ලීටර් එකකින් තුනෙන් පංගුවක් ගෙනා යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

21 යමෙකුගේ දිළිඳුකම නිසා වඩා යමක් ගෙනෙන්නට ඔහුට නොහැකි නම්, ඔහු පූජකවරයා වෙත ගෙන ආ යුතු ඒ වන්දි ගෙවීමේ පූජාව සඳහා එක බැටළු වස්සෙකු හා ධාන්‍ය පූජාව සඳහා තෙල් මිශ්‍ර සිහින් පිටිවලින් කිලෝග්‍රෑම් එකක් ඇතුළු තව තෙල් ලීටර් එකකින් තුනෙන් පංගුවක් ගෙනා යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

21 නුමුත් ඔහු එපමණ වත්කම නැති දිළින්දෙක් නම්, තමා උදෙසා සමගිකමක් කරන්ට තේව කරන අපරාධ පූජාවක් පිණිස එක බැටළුවස්සෙක්ද ආහාර පූජාවක් පිණිස තෙල් මිශ්‍රවූ සිහින් පිටි ඒඵාවකින් දසයෙන් පංගුවක්ද තෙල් හුණ්ඩුවක්ද ගෙනේවා;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 14:21
17 හුවමාරු යොමු  

“එළු පැටවියක හෝ බැටළු පැටවියක හෝ ගෙනෙන්නට ඔහුට වත්කම නැත්නම්, ඔහු තමා කළ පාපයට වන්දි ගෙවීමේ පූජාවක් වශයෙන් සමිඳාණන් වහන්සේ වෙත කොබෙයියන් දෙදෙනෙකු හෝ පරෙවි පැටවුන් දෙදෙනෙකු හෝ ගෙනා යුතු ය. එකෙක් පාප පූජාවක් වශයෙනි, අනිකා දවන යාග පූජාවක් වශයෙනි.


තවද, ඈට බැටළුවෙකු ගෙනෙන්නට වත්කමක් නැති නම්, කොබෙයියන් දෙදෙනෙකු හෝ පරෙවි පැටවුන් දෙදෙනෙකු හෝ ගෙනා යුතු ය. එකෙක් දවන යාග පූජාව සඳහා ය, අනෙකා පාප පූජාව සඳහා ය. පූජකවරයා ඈ උදෙසා මෙලෙස පවිත්‍ර වීමේ පිළිවෙත ඉටු කළ විට ඈ පවිත්‍ර වනු ඇත.”


දිළිඳාට උසුළු-විසුළු කිරීම මැවුම්කාර දෙවිඳුට අවමන් කිරීමකි. අනුන්ගේ දුක් විපත් ගැන ප්‍රීති වෙන්නාට දඬුවම සිකුරු ය.


දීමට උද්‍යෝගිමත් බවක් ඇති නම් දෙවියන් වහන්සේ, යමෙකුගෙන් නැති දේ නොඉල්ලා, යමෙකුට ඇති පමණින් දෙන දීමනාව පිළිගන්නා සේක.


අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ත්‍යාගශීලී කරුණාව ඔබ දන්නහු ය. උන් වහන්සේ ධනවත් ව සිටි නමුත්, තමන් වහන්සේගේ දිළිඳුකම කරණකොටගෙන ඔබ ධනවත් වන පිණිස ඔබ උදෙසා දිළිඳු වූ සේක.


එකල උන් වහන්සේ සිය ශ්‍රාවකයන් දෙස බලා මෙ‍සේ වදාළ සේක: “දිළිඳු වූ ඔබ භාග්‍යවන්තයෝ ය; මන්ද, දෙවියන් වහන්සේගේ රාජ්‍යය ඔබගේ ය.


සමිඳුන් අබියස පොහොසතා හා දුප්පතා අතර වෙනසක් නැත, සමිඳාණන් ඒ දෙදෙන ම මැවූ බැවිනි.


අධිපතීන්ගේ තරාතිරම් නොබලන, දිළිඳාට වඩා ධනවතාට කරුණාව නොදක්වන දෙවිඳුන් පිට ඔබ වරද තබන්නෙහි ද? ඒ හැම දෙන ම මැවූයේ දෙවි තුමාණෝ ය.


අධිපතීන් සමඟ හිඳුවන පිණිසත්, මහිමාසන උරුම කර දෙන පිණිසත්, එතුමාණෝ දුප්පතා ධූලියෙන් නැඟුටුවන සේක; දිළින්දා කසළ ගොඩින් ඔසවන සේක. පොළොවේ පදනම් සමිඳාණන්ගේ ය; එතුමාණෝ ඒවා පිට ලොව පිහිටෙවු සේක.


තවද, ඔහුගේ පුළුවන්කමේ හැටියට කොබෙයියන් ජෝඩුවක් හෝ පරෙවියන් ජෝඩුවක් හෝ ගෙනා යුතු ය. මින් එකක් පාප පූජාවක් සඳහා ය, අනික දවන යාග පූජාවක් සඳහා ය.


“තවද, ඔහුට කොබෙයියන් දෙදෙනෙකු හෝ පරෙවි පැටවුන් දෙදෙනෙකු හෝ ගෙනෙන්නට වත්කම නැති නම්, ඔහු තමා කළ පාපය වෙනුවට පාප පූජාවක් වශයෙන් සිහින් පිටි කිලෝග්‍රෑම් එකක් ගෙනා යුතු ය. ඔහු එය මත තෙල් හෝ තුවරලා හෝ නොදැමිය යුතු ය. මන්ද, එය පාප පූජාවකි.


“සමිඳාණන් වහන්සේට ඔප්පු කරන දවන යාගය පක්ෂියෙක් නම්, ඌ කොබෙයියෙකු හෝ පරෙවි පැටියෙකු හෝ විය යුතු ය.


“අට වන දින ඔහු කැළැල් රහිත බැටළු වස්සන් දෙදෙනකු ද කැළැල් රහිත අවුරුද්දක් වයසැති බැටළු වැස්සියක ද තෙල් මිශ්‍ර සිහින් පිටි කිලෝග්‍රෑම් තුනක් ද තෙල් ලීටර් එකකින් තුනෙන් පංගුවක් ද ධාන්‍ය පූජාවක් වශයෙන් ගත යුතු ය.


“බාරය වූ තැනැත්තා, නියම කළ මුදල ගෙවීමට නොහැකි දුප්පතෙක් නම්, ඔහු පූජකවරයා ඉදිරියෙහි පෙනී සිටිය යුතු ය. පූජකවරයා ද ඔහුගේ වත්කම අනුව මුදලක් නියම කරනු ඇත.


ගොනාටත්, බැටළුවාටත් පිටි ලීටර් දහහතහමාරකුත්, බැටළු පැටවුන්ට තමාගේ පුළුවන්කමේ හැටියට තෙල් ලීටර් තුනකුත් පිළියෙළ කරන්නේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්