Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 13:18 - Sinhala New Revised Version 2018

18 “යමෙකුගේ ශරීරයේ හමේ ගඩ ගෙඩියක් තිබී, එය සුව වූ පසු

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

18 “යමෙකුගේ ශරීරයේ හමේ ගඩ ගෙඩියක් තිබී, එය සුව වූ පසු

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

18 ශරීරයේ හමේ ගඩගෙඩියක් තිබී සුව වුණාට පසු,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 13:18
9 හුවමාරු යොමු  

එවිට ඒවා මුළු මිසර දේශය පුරා සිහින් ධූලි වී, මුළු මිසර දේශයේ සිටින මිනිසුන් හා මෘගයන් මත වණ සහිත ගඩු ඇති කරන්නේ ය”යි වදාළ සේක.


යෙසායා කතා කොට, “අත්තික්කා පලවලින් සාදාගත් විලේපනයක් වණය පිට තබන්නැ”යි ද, “එවිට සුවය ලැබෙන්නේ ය”යි ද රජුට කීවේ ය.


සාතන් සමිඳාණන් වහන්සේ වෙතින් නික්ම ගොස්, ජෝබ්ගේ යටිපතුල පටන් හිස් මුදුන දක්වා ඇඟ හැම තැන ම දරුණු කුෂ්ඨයක් හටගන්වා ඔහුට වද දුන්නේ ය.


එවිට යෙසායා, “අත්තික්කා පැලැස්තරයක් ගෙනෙ‍න්නැ”යි කී ය. ඔව්හු එය ගෙනවුත් එය වණය පිට තැබුවෝ ය. එවිට රජ සුවපත් විය.


උන් වහන්සේ ඔවුන් අමතමින්, “නුඹේ දෙවි වන සමිඳාණන් වහන්සේගේ හඬට නුඹ ඕනෑකමින් ඇහුම්කන් දී උන් වහන්සේගේ ඇස් හමුයෙහි හරි ව තිබෙන දේ කොට, උන් වහන්සේගේ ආඥාවලට කන් දෙමින් උන් වහන්සේගේ සියලු නියෝග රක්ෂා කරන්නෙහි නම්, මිසර වාසීන් පිට මා පැමිණවූ ලෙඩ රෝග එකක් වත් නුඹලා පිට නොපමුණුවමි. මන්ද, නුඹලාට සුවය දෙන සමිඳාණන් වහන්සේ මම ය”යි වදාළ සේක.


ඔහු ඒ තැනැත්තා සෝදිසි කොට බෝවෙන චර්ම රෝගය සුදු පාට වී ඇත්නම්, ඒ තැනැත්තා පවිත්‍ර බව ප්‍රකාශ කළ යුතු ය. එවැන්නෙක් බෝවෙන චර්ම රෝගයෙන් පවිත්‍ර ය.


එම ගඩ ගෙඩිය තිබූ ස්ථානය සුදු පාට වී ඉදිමී හෝ රතට හුරු පැල්ලමක් හෝ ඇති වුවහොත්, එය පූජකවරයාට පෙන්විය යුතු ය.


පූජකවරයා ඔහු සෝදිසි කළ යුතු ය. පැල්ලමේ රෝම සුදු වී ඇති බව ද හමේ ගැඹුරට ගොස් ඇති බව ද පෙනේ නම්, එය පිළිස්සීමෙන් හට ගැනුණු බෝවෙන චර්ම රෝගයකි. එබැවින් පූජකවරයා ඔහු අපවිත්‍ර යයි ප්‍රකාශ කළ යුතු ය. එය බෝවෙන චර්ම රෝගයකි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්