Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




රෝම 14:1 - Sinhala New Revised Version 2018

1 ඇදහිල්ලෙහි දුර්වල තැනැත්තා සතුටින් පිළිගන්න; එසේ කළ යුත්තේ ඔහු දරන මත ගැන වාද විවාද කිරීම පිණිස නොවේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 ඇදහිල්ලෙහි දුර්වල තැනැත්තා සතුටින් පිළිගන්න; එසේ කළ යුත්තේ ඔහු දරන මත ගැන වාද විවාද කිරීම පිණිස නොවේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

1 ඇදහිල්ලේ දුර්වල අය පිළිගන්න. එහෙත් මත වාද ගැන විවාදයට නො වේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

1 ඇදහිල්ලෙන් දුර්වල තැනැත්තා පිළිගන්න, එහෙත් සැක සහිතවූ වාදකිරීමට නොවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




රෝම 14:1
31 හුවමාරු යොමු  

තවද ඇදහිල්ලෙහි ශක්තිමත් වූ අපි, අප ගැන ම නොසිතා ඇදහිල්ලෙහි දුර්වල වූවන්ගේ ප්‍රමාද දෝෂ ඉවසීමෙන් දරාගනිමු.


දුර්වලයන් දිනාගන්නා පිණිස, මම දුර්වලයන්ට දුර්වලයෙක් වීමි. කෙසේ හෝ වේවා ටික දෙනෙකු වුවත් දිනාගන්නා පිණිස, මම සියල්ලෙහි දී ඒ ඒ තැනට ඔබින ලෙස ක්‍රියා කෙළෙමි.


එහෙයින් දෙවියන් වහන්සේගේ තේජශ්‍රීය දක්වන පිණිස ක්‍රිස්තුන් වහන්සේ ඔබ පිළිගත් ලෙස ම, ඔබත් එකිනෙකා පිළිගන්න.


මස් කෑමෙන් වත්, මද්‍යපානයෙන් වත්, අන් කිසි දෙයකින් වත් ඔබේ සහෝදරයාට බාධාවක් වේ නම්, එයින් වැළකී සිටීම යහපති.


ඔබ වෙත පැමිණෙන යමෙක් මේ ධර්මය රැගෙන නොඑන්නේ නම්, ඔහු ගෙදරට නොපිළිගන්න, ඔහුට ආචාර ද නොකරන්න.


එවකට ඔහු අවුරුදු සියයක් පමණ වයස් ගත ව සිය පුරුෂ ශක්තියත් සාරාගේ පිළිසිඳ ගැනීමේ ශක්තියත් අප්‍රාණික ලෙස ඔහුට පෙනුණු නමුත්, ඔහුගේ ඇදහිල්ල කිසි සේත් නොසෙල්විණි.


මේ කුඩා අයගෙන් කෙනෙකුගේ වැටීමට යමෙක් හේතු වනු ඇද්ද, ඔහුගේ ගෙළ වටා ඇඹරුම් ගලක් එල්ලා මුහුදේ හෙළනු ලැබීම ඔහුට ඊට වඩා යහපති.


ජේසුස් වහන්සේ වහා ම අත දිගු කොට ඔහු අල්ලාගෙන, “ඔබේ ඇදහිල්ල කොතරම් හීන ද? සැක කෙළේ මන්දැ”යි විචාළ සේක.


ඔහු යුක්තිය ජයට පමුණුවන තුරු තැළුණු බට දණ්ඩක් බිඳින්නේ නැත; දුම් නඟින පහන් තිරයක් නිවන්නේ නැත.


තැළුණු බට දණ්ඩක් කඩාදමන්නේ නැත; නිවී ගෙන යන පහන් තිරයක් නිවාදමන්නේ නැත.


එඬේරෙකු සේ එතුමාණෝ, තම රැළ පෝෂණය කරන සේක; දෑතින් බැටළු පැටවුන් වඩාගෙන, ළයෙහි උන් හොවාගෙන යන සේක; කිරි දෙන බැටළුදෙනුන්ට මඟපෙන්වන සේක.


ඔබ, බොහෝ අයට දිරිය දුන් හැටිත්, දුබල අයට සවිය දුන් හැටිත් සිතා බලන්න.


“මම නැති වූ බැටළුවා සොයන්නෙමි; මුළා ව ගිය බැටළුවා ආපසු ගෙනෙන්නෙමි; තුවාළ වූ බැටළුවාගේ තුවාළ බඳින්නෙමි; ලෙඩ වූ බැටළුවා ශක්තිමත් කරන්නෙමි; ශක්තිමත් වූ බැටළුවන් රැකබලාගන්නෙමි. මම උන්ට සැබෑ එඬේරෙක් වන්නෙමි.


දුර්වල බැටළුවන් නුඹලා ශක්තිමත් කෙළේ වත්, ලෙඩ වූ බැටළුවන් සුව කෙළේ වත්, තුවාළ වූ බැටළුවන්ගේ තුවාළ බැන්දේ වත් නැත; මුළා ව ගිය බැටළුවන් නැවත ගෙනාවේ වත්, නැති වූ බැටළුවන් සෙව්වේ වත් නැත. බලයෙන් ද කුරිරු ලෙස ද නුඹලා උන් පාලනය කළහු ය.


කිතුනු සහෝදර ප්‍රීතියෙන් ඔහු පිළිගන්න. එබඳු අය ගෞරවයෙන් සලකන්න.


ඒකාන්තයෙන් ම මම ඔබට කියමි, මා යවන කවරෙකු නමුත් පිළිගන්නා මා පිළිගනියි; මා පිළිගන්නා මා එවා වදාළ තැනැන් වහන්සේ පිළිගනියි.”


“මේ බාලයන්ගෙන් එකෙකු වත් හෙළා නොදැකීමට වගබලාගන්න. මන්ද, ‘ස්වර්ගයෙහි ඔවුන්ගේ දේව දූතයෝ ස්වර්ගයෙහි වැඩ වසන මාගේ පියාණන් වහන්සේ ඉදිරියෙහි නිරතුරු ම සිටිති’යි මම ඔබට කියමි.


මම මේ දේශයට මෙවැනි එඬේරෙකු එවන්නෙමි. ඔහු විනාශයට ගොදුරු වූවන් ගැන සලකන්නේ වත්, නැති වූවන් සොයන්නේ වත්, තුවාළ වූවන් සුව කරන්නේ වත්, නොමැරී ඉතිරි වූවන්ට කෑම දෙන්නේ වත් නැත. ඒ වෙනුවට ඔහු ඉතා තර බැටළුවාගේ මස් කා උගේ කුර පවා උදුරා දමන්නේ ය.


ඔහුගේ උදරයට මිස හෘදයට ඇතුළු නොවී පහ ව යන බැවින්, ඔහු කෙලෙසන්නට අපොහොසත් බව ඔබට තේරෙන්නේ නැද්දැ”යි ඇසූ සේක. මෙසේ කීමෙන් උන් වහන්සේ සියලු ආහාර වර්ග පවිත්‍ර බව ප්‍රකාශ කළ සේක.


දිවයිනේ වැසියෝ අපට බොහෝ කරුණාව දැක්වූ හ. වහින වැස්ස හා ශීතලය නිසා ඔව්හු ගිනිමැලයක් ගසා අප සියල්ලන් පිළිගත්හ.


මන්ද, ඔවුන් ප්‍රතික්ෂේප කිරීම, ලෝකයා දෙවියන් වහන්සේ හා සමඟි කිරීමට මඟක් වී නම්, ඔවුන් පිළිගැනීම, මරණයෙන් ජීවනය ලැබීමක් විනා, අන් කුමක් වන්නේ ද?


කොයි දේත් කන්න නිදහස ඇතැ යි කෙනෙක් සිතයි. ඇදහිල්ලෙහි දුර්වල වූ තැනැත්තා එළවළු පමණක් කන්නේ ය.


කොයි දේත් කන තැනැත්තා එසේ නොකන තැනැත්තාට අවමන් නොකෙරේ වා; නොකන තැනැත්තා ද කන තැනැත්තා විනිශ්චය නොකෙරේ වා. මන්ද, දෙවියන් වහන්සේ ඔහු පිළිගෙන ඇත.


සහෝදරවරුනි, අලසයන්ට අවවාද දෙන්න; බියසුල්ලන් දිරිගන්වන්න; දුබලයන්ට සහයවන්න. මේ සියල්ලන් ගැන ඉවසිලිවන්ත ව සිටින මෙන් අපි ඔබගෙන් උදක් ම ඉල්ලමු.


එහෙත් ඝන ආහාර අවශ්‍ය වන්නේ හොඳ නරක විමසා බැලීමට අත්දැකීමෙන් තියුණු වූ ඉඳුරන් ඇති මුහුකුරා ගිය පුද්ගලයන්ට ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්