Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




රෝම 11:3 - Sinhala New Revised Version 2018

3 එනම්, “ස්වාමීනි, ඔව්හු ඔබගේ දිවැසිවරයන් මැරූ හ, ඔබගේ පූජාසන බිඳලූ හ, මම පමණක් ඉතිරි වී සිටිමි, ඔව්හු මාගේත් දිවි නසන්නට සොයති” යනුයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 එනම්, “ස්වාමීනි, ඔව්හු ඔබගේ දිවැසිවරයන් මැරූ හ, ඔබගේ පූජාසන බිඳලූ හ, මම පමණක් ඉතිරි වී සිටිමි, ඔව්හු මාගේත් දිවි නසන්නට සොයති” යනුයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

3 “ස්වාමිනි, ඔවුන් ඔබගේ දිවැසිවරුන් මැරුවා. ඔබගේ පූජාසනය බිඳ දැමුවා. ඉතිරිව සිටින්නේ මා පමණයි; දැන් ඔවුන් මගේ ජීවිතය ගන්නටත් සොයනවා” යි කී විට,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

3 ස්වාමිනි, ඔව්හු ඔබගේ අනාගතවක්තෘවරුන් මැරුවෝය. ඔබගේ පූජාසන බිඳහෙළුවෝය. මම පමණක් ඉතුරුව සිටිමි, ඔව්හු මාගෙත් දිවි නසන්ට සොයතියි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




රෝම 11:3
6 හුවමාරු යොමු  

මන්ද, ජෙශෙබෙල් සමිඳාණන් වහන්සේගේ දිවැසිවරුන් මරාදැමූ කල්හි, ඔබදියා දිවැසිවරුන් සියදෙනෙකු රැගෙන ගොස්, පණස පණස බැගින් ඔවුන් ගුහාවල සඟවා ආහාර සහ වතුර දී, ඔවුන් පෝෂ්‍ය කෙළේ ය.


මා නුඹලාගේ දරුවන්ට දඬුවම් කළ නමුත්, එයින් යහපතක් නො වී ය. නුඹලා දැනුමැතිකම් පිළිගන්නේත් නැත. වනසාදමන සිංහයෙකු සේ ඔව්හු කඩුවෙන් දිවැසිවරුන් මරාදැමූ හ.


“එසේ වී නමුත්, ඔව්හු අකීකරු වී ඔබට විරුද්ධ ව කැරලි ගසා, ඔබේ ව්‍යවස්ථාවට පිටුපා, ඔබ වෙත ඔවුන් හරවාගන්නට ඔවුන්ට අවවාද කළ ඔබේ දිවැසිවරුන් මරා මහා දේව අපහාසයක් කළෝ ය.


ජෙශෙබෙල් සමිඳාණන් වහන්සේගේ දිවැසිවරුන් මරාදමන කල, මා කළ දේ එනම්, උන් වහන්සේගේ දිවැසිවරුන්ගෙන් සියදෙනෙකු පණස පණස බැගින් ගුහාවල සඟවා ආහාර පාන දී ඔවුන් පෝෂ්‍ය කළ හැටි මාගේ ස්වාමියාට නොකියන ලද්දේ ද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්