Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




රූත් 2:9 - Sinhala New Revised Version 2018

9 ඔවුන් අස්වැන්න එකතු කරගන්නේ කොහේ දැ යි බලාගෙන ඔවුන් පස්සෙන් යන්න. ඔබට කිසි හිරිහැරයක් නොකිරීමට මම මාගේ සේවකයන්ට අණ කෙළෙමි. ඔබට පිපාසය ඇති වූවොත්, ගොස් ඔවුන් පුරවා තබා තිබෙන වතුර භාජනවලින් බොන්න.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 ඔවුන් අස්වැන්න එකතු කරගන්නේ කොහේ දැ යි බලාගෙන ඔවුන් පස්සෙන් යන්න. ඔබට කිසි හිරිහැරයක් නොකිරීමට මම මාගේ සේවකයන්ට අණ කෙළෙමි. ඔබට පිපාසය ඇති වූවොත්, ගොස් ඔවුන් පුරවා තබා තිබෙන වතුර භාජනවලින් බොන්න.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

9 ඔවුන් කපන කෙත බලාගන ඔවුන් පස්සේ යන්න. නුඹට අත නොගසන ලෙස මා විසින් තරුණ පුරුෂයන්ට අණකර තිබෙනවා නොවේද? නුඹට පිපාසාවූ කල භාජන ළඟට ගොස් තරුණයන් ඇද තිබෙන වතුරෙන් බොන්නැයි රූත්ට කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




රූත් 2:9
11 හුවමාරු යොමු  

දෙවියන් වහන්සේගෙන් උපත ලැබූ කිසිවෙකු පාපයෙහි නිරත ව නොසිටින බව අපි දනිමු. දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ ඔහු රක්ෂා කරන සේක. ඔහුට හානියක් කරන්නට නපුරාට බැරි ය.


දෙවියන් වහන්සේ ද ස්වප්නයක් මඟින් ඔහුට පිළිතුරු දෙමින්, “සැබැවින් ම ඔබ මෙය කෙළේ අවංක සිතකින් බව මම දනිමි. මට විරුද්ධ ව පව් කිරීමෙන් මම ද නුඹ වළක්වාලීමි; ඈට අත තැබීමට මා නුඹට ඉඩ නුදුන්නේ ඒ නිසා ය.


ඔබ ලියූ කරුණු ගැන දැන් සිතා බලමු. ස්ත්‍රී සේවනයෙන් වැළකී සිටීම මිනිසාට යහපති.


මේ මාගේ ශ්‍රාවකයන්ගෙන් ඉතා සුළු කෙනෙකුට වුව ද ඔහු ශ්‍රාවකයෙකු වන නිසා බොන්න ඇල් වතුර කෝප්පයක් වත් යමෙක් දෙන්නේ ද, සැබැවින් ම මම ඔබට කියමි, ඔහුගේ විපාකය කිසිසේත් නැති නොවන්නේ ය.”


සිය අසල්වැසියාගේ බිරිඳ වෙත එළඹෙන අයට එසේ වේ. ඇයට අත තබන කිසිවෙක් දඬුවම් නොලැබ නොසිටියි.


“මාගේ අබිසෙස් ලත් අයට අත නොගසන්න. මාගේ දිවැසිවරුන්ට, අනතුරු නොකරන්නැ”යි වදාළ සේක.


මාගේ මිතුරෙනි, අනේ! මට අනුකම්පා කරන්න; මට අනුකම්පා කරන්න. දෙවිඳාණෝ මට පහර දුන් සේක.


එවිට බෝවස් රූත්ට මෙසේ කී ය: “මාගේ දියණිය, මට ඇහුම්කන් දෙන්න, මේ කෙතෙහි හැර වෙන කිසි තැනක කරල් අහුලන්නට නොයන්න. මෙහි නැවතී මාගේ සේවිකාවන් සමඟ වැඩ කරන්න.


රූත් බෝවස්ගේ පාමුල මුණින්තළා වැඳ වැටී, “විදේශික ගැහැණියක වන මා දෙස ඇස් හෙළා ඔබ මට මෙපමණ කරුණාවන්ත වන්නේ මන්දැ”යි ඇසුවා ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්